සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමරවීර පොලොන්නරුවටම  ඇවිත් සිරිසේනව පට්ට ගසයි…  ශ්‍රී.ල.නි.ප නව සභාපතිවරයෙක් ගැන ඉඟි කරයි!

by editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

 ඒකාධිපතියා පළවා හැරි බවත් අනාගතයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නව සභාපතිවරයෙක් පත්වනු ඇති බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අද පොලොන්නරුවේ දි පැවසුවේය.

රස්තියාදුකාරයින්, දූෂකයින්, අපරාධ නඩු සහිත පුද්ගලයින් පක්ෂ සංවිධායකවරුන් ලෙස පත් කරගෙන කොත්තු දමන්නාක් සේ සංවිධායකවරුන් මාරු කරමින් පක්ෂයට කළ විනාශය වළක්වා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැදිහත් වූ බවත්  මහින්ද අමරවීර පැවසුවේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන  පිහිටුවීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ, ප්‍රංශ රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 650 ක වියදමකින් ඉදිකරන ලද නව කිරි සැකසුම් කර්මාන්ත ශාලාව   විවෘත කිරීමේ අවස්ථාවට එක්ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මේ බව  පැවසුවේය.

මෙහිදී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳ මෙලෙස කීවේය.

” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ කවදාවත් දැක්කේ නැති කට්ටිය, රස්තියාදුකාරයෝ වගේ ඒ අය හැසිරෙන්නේ, අතීතයේ   රස්තියාදුකාරයෝ මේ පක්ෂටයට ගත්තේ නෑ. හොඳ අයත් ඉන්නවා හොඳ සංවිධායකයොත් ඉන්නවා, ඒවගේම මේ පක්ෂයට සංවිධායකයන් පත් කරන්න දවසෙන් දෙකෙන් ලියුම් ගහනවා,හරියට කොත්තු ගහනවා වගේ, ඒ ලියුම් වලට පිටඋඩ තියාගෙන අත්සන් කරනවා, එහෙම සංවිධායකයන් පක්ෂවලට පත් කරගන්නෑ හොයලා බලලා හොඳ අය පත්කරගන්න ඕනේ, ගොඩක් චෝදනාවලට ලක්වුන අය තමයි එතෙන දාගෙන ඉන්නේ. සමහර අයට නඩු තියෙනවා, සමහර අයට අල්ලස් නඩු තියෙනවා,    එහෙම අය පක්ෂයේ ඉන්න ඕන නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ සභාපතිවරයෙක් පත්වෙයි. ඒක ඉදිරියේදී වෙනවා,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආශීර්වාදය අපිට තියෙනවා, එතුමිය තමයි සභාපතිට විරුද්ධව නඩු පවරන්නේ, මොකද එතුමියගේ පියා ජීවිත ආරක්ෂාවෙන් රැකගත්තු පක්ෂය මව රැකගත්තු පක්ෂය, අපි අවුරුදු දාහතක් විපක්ෂයේ ඉද්දී බලයට ගේන්න කටයුතු කළේ චන්ද්‍රිකා මැතිනියයි. 2015 ත් මේ වෙනස ඇති කළේ චන්ද්‍රිකා මැතිනිය.නැත්නම් වෙන පාලනයක් ඇතිවෙන්න ගියේ. නමුත් ඒ පක්ෂය පසුගිය කාලයේ විනාශ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් පක්ෂයක එල්ලන්න ඕනෙ නෑ. මේක හොඳට කරගෙන ගියොත් අපට ආණ්ඩු බලය ලබාගන්න පුළුවන් හොඳ පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පෙර පක්ෂයේ ඇතුළෙ තියෙන අර්බුද හදාගන්න ඕනේ.

යැයි ද මහින්ද අමරවීර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම   ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංවිම 2022 වසරේ  විදුලිය සහ ඉන්ධන මිලදී ගැනිමේ දී ප්‍රමාද පොලිය රුපියල් බිලියන 15.47ක්…

Next Post

ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය, දහ නව හැවිරිදි ශිෂ්‍යාවක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.