ලලිත් චාමින්ද –
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය හා ඉන්ධන මිලදි ගැනිමේ දී නියමිත වෙලාවට ගෙවිම් නොකිරීම හේතුවෙන් රුපියල් බිලියන 15.47ක මුදලක් ප්‍රමාද පොලිලෙස 2022 වර්ෂයේ දි ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
විදුලිය මිලදි ගැනිමේ දි අදාල බලශක්ති නිෂ්පාදකයින් වෙත ගෙවා ඇති ප්‍රමාද පොලිමුදල රුපියල් බිලියන 6.55කි. ඉන්ධන මිලදි ගැනිමේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 8.92ක මුදලක් ගෙවා තිබුණි. එමෙන්ම දේශිය බැංකු ණය සම්බන්දයෙන් මණ්ඩලය විසින් ණය වාරික ගෙවිම ප්‍රමාද කිරිම හේතුවෙන් රුපියල් මිලියන 11.17කට සමාන මුදලක් පැහැර හැරිමේ පොලි ලෙස ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද ලංකා විදුලිබල මණ්ඩලය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ඉන්ධන සහ සියලු ගෙවිම් සදහා විදුලිබල මණ්ඩලය ද්‍රවශිලතාවය අතින් අසිරු තත්වයක පත්වසිටි බවය.
වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රමාද පොලි මුදල් ගෙවිම සදහා මහා භාණ්ඩාගාරය විසින් වෙනම අරමුදලක් ලබාදි ඇති බවත් ඔවුන් විගණනයට පවසා තිබිණි. ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් මහාභාණ්ඩාගාරය විසින් භාරගැනිම තින්දුකොට ඇති බවද විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත.