අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය, දහ නව හැවිරිදි ශිෂ්‍යාවක්….

by lankasara-editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

2024 වසර සඳහා ෆෝබ්ස් සඟරාව මගින් නම් කල ලෝක බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව, බ්‍රසීලියානු ශිෂ්‍යාවක් වන ලිවියා වොයිග්ට් ලොව ලාබාලම ප්‍රකෝටිපතිනිය බවට පත් ව තිබෙනවා. දහනව හැවිරිදි ඇයගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.1 ක් බව සඳහන් වනවා.

ලිවියා ගේ මියගිය සීයා එනම් වර්නර් රිකාඩෝ වොයිග්, බ්‍රසීලයේ විදුලි උපකරණ නිෂ්පාදන සමාගමක් වන WEG හි සම – ආරම්භකයෙක් වන අතර එහි  ලිවියාට අයත් කොටස් වල වටිනාකම හේතුවෙන් ඇය ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය බවට පත්ව තිබෙනවා.

WEG හි සම – ආරම්භක වර්නර් රිකාඩෝ වොයිග්ට්

ඇයගේ වැඩිමහල් සොහොයුරිය වන 26 හැවිරිදි ඩෝරා වොයිග්ට් ද ලාබාලම බිලියනපතියන් 25 දෙනා අතරට එක්ව සිටිනවා. ෆෝබ්ස් සඟරාවට අනුව ඔවුන් දෙදෙනා, පවුල් උරුමයෙන් ප්‍රකෝටිපතියන් බවට පත්ව ලැයිස්තුවට එක් වූ 18 දෙනාගෙන් දෙදෙනෙක්.

WEG සමාගම වාර්ෂිකව ඒකක මිලියන 21 කට වඩා නිෂ්පාදනය කරන ලොව විශාලතම විදුලි මෝටර් නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර එය විදුලි මෝටර, විචල්‍ය සංඛ්‍යාත ධාවකයන්, ට්‍රාන්ස්ෆෝමර් සහ තවත් එවැනි දෑ සඳහා ගෝලීය විසඳුම් සපයයි.ඔවුන් රටවල් 135 කට අපනයනය සිදු කරන බව ද වාර්තා වනවා. කෙසේ වෙතත්, සමාගමේ මෙහෙයුම් සඳහා සහෝදරියන් කිසිවෙකුත් සම්බන්ධ වී නොමැති බව සඳහන් වනවා. ලිවියා සහ ඩෝරා දෙදෙනාටම WEG හි කොටස් වලින් සියයට 3.1 ක් හිමි වන අතර, ඔවුන්ගේ වැඩිහිටි ඥාති සොහොයුරු සොයුරියන් වන එඩුවාඩෝ සහ මරියානා සතුව සියයට 3.9 කොටස් තිබෙන බවද සඳහන් වනවා.

ෆෝබ්ස් සඟරාව දක්වන පරිදි මෙවර ලැයිස්තුවේ වැඩි ආධිපත්‍යයක් දරන්නේ තරුණ පුද්ගලයන් වන අතර, ලාබාලතම  පුද්ගලයින් විසි පස් දෙනා වයස අවුරුදු 33 හෝ ඊට අඩු අයයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමරවීර පොලොන්නරුවටම  ඇවිත් සිරිසේනව පට්ට ගසයි…  ශ්‍රී.ල.නි.ප නව සභාපතිවරයෙක් ගැන ඉඟි කරයි!

Next Post

නාමල් ජනාධිපතිවරණයට ආවොත් නිසැකව පොහොට්ටුව කැඩෙනවා… ප්‍රසන්න රණතුංග කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.