සමග එකතුවෙන්නේ නැති බැව් සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (04) පස්වරුවේ දි ගාල්ලේ දි පැවසිය.
ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති සමගි ජන සන්ධානයේ ප්රචාරක රැළියක් අමතමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
හෙතෙම මෙසේද කිවේය.
“අපිට පැහැදිලි වැඩපිළිවෙළක් හා දර්ශනයක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු බොහෝ දේවල් කරන්න බැරිබව කියන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව දැන් තරගයට එස්.එම්.එස් පණිවුඩ හරහා රටට පණිවුඩ දෙනවා ඒ අයත් සමගිජනබලවේගයේ අඩි පාරේ එනවලු.”
“අපේ ජයග්‍රහණය තහවුරු වි තිබෙන මොහොතක ජනාධිපතිවරයා සහ ජ.වි.පේ එකට එකතුවෙලා බොරු කටකථා හදලා මුහුණු පොතේ දමලා මුදල් ගෙවලා සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරනවා අපි එකතුවෙනවා කියලා.”
“21 වැනිදා සමගි ජනබලවේගය ජයග්‍රහණය කරලා අපි එකතුවන්නේ මේ රටේ ලක්ෂ 220ක් වු පොදුජනතාව සමගයි. ජරාජිරණ වු පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ.”
“ජනාධිපතිවරයාට සහ මාලිමාවේ නායකයාටයි ලොකු ආශාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නාට අවශ්‍ය නම් එකතුවෙන්න පුළුවන්. ” විපක්ෂනායකවරයා සදහන් කළේය.







