බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනුෂ නානායක්කාර කියන්නේ රට රස්සාවට යන අහිසංක ගෘහ සේවිකාවන්ගෙනුත් 75 000 ගානෙ ගත්ත අන්ත දූෂිත තුප්පහි මනුස්සයෙක්… මුජබර් මනුෂ ගැන කියයි!

by editor
සැප්තැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • එයාට හැව්ලොක් සිටි එකේ එපාර්ට්ම්න්ට් තියනවා. කොළඹ රැජන වීදියේ රෙස්ටොරන්ට් තියනවා. ඉඩම් අරන් තියනවා… මේවා ගැන මෙච්චරකල් කට වහන් හිටියා…

  • මේ අපරාධවලට එයා අනිවාර්යයෙන් 21න් පස්සේ ඉන්නේ හිරේ…

මනුෂ නානායක්කාර යනු අරාබි රටවල බැලමෙහෙවර කරන්නට යන අසරණ ගැහැණුන්ගෙන් රුපියල් හැත්තෑ පන් දහස බැගින් ද,  ඊශ්‍රයාලයට යන සෑම පුද්ගලයෙකුගෙන්ම රුපියල් අනූ දහස බැගින්ද එකතු කරගත් අන්ත දූෂිතයෙක් යැයි ද, මේ වසර දෙක හමාර තුළ ඔහු රාජපක්ෂ පවුලටත් වඩා වැඩි වත්කමක් උපයා ගත් බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මනුෂ නානායක්කාර වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි දඬුවම් විඳින සිරකරුවෙක් සමග සාකච්ඡා කර තමන්ව අපරාධයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමට සූදානම් බවට වූ කරුණු පාර්ලිමේන්තුවට හෙළි කරන අතරය. මේ සිද්ධිය සම්බන්ධව හෙට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන බව ද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු කීවේ කුමන්ත්‍රණ කර තමන් බන්ධනාගාරයට යවන්නට පෙර 21න් පසු මේ අපරාධවලට මනුෂ නානායක්කාරට හිරේ විලංගුවේ වැටෙන්න සිදුවීම වළක්වා ගත නොහැකි වනු ඇති බවය.

පාර්ලිමේන්තුව අමතමින් මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

මනුෂ නානායක්කාර කියන්නේ අන්ත දූෂිත ඇමතිවරයෙක්. එයා මේ නොවැම්බර් මාසේ 21 වැනිදායින් පස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙනවා… මොකක් හින්දවත් නෙමෙයි, මේ රටේ අරාබි රටවල්වලට ගිහිල්ලා දුක් විඳලා අරාබි කාරයින්ට බැල හෙමෙවර කරලා හම්බ කරන කාන්තාවන්ව රට යවන්න එක් කාන්තාවකගෙන් රුපියල් හැත්තෑ පන් දාහක් ගත්ත දූෂිතයෙක්. ඊශ්‍රයාල යවන්න 90000ක් ගත්තා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ අවුරුදු දෙක හමාර තුළ රාජපක්ෂ පවුලවත් හම්බ කළේ නෑ එයා හම්බ කරපු තරම්. අපි දන්නවා එයාට හැව්ලොක් සිටි එකේ එපාර්ට්ම්න්ට් තියනවා. කොළඹ රැජන වීදියේ රෙස්ටොරන්ට් තියනවා. තව ඉඩම් අරන් තියනවා. අපි මෙච්චරකල් මේවා දැනගෙන සද්ද නැතිව හිටියා. එයාට නම් 21 පස්සේ රිමාන්ඩ් වෙන්න වෙනවා මේ රටේ අහිසංක රට යවන කාන්තාවන්ගේ මුදල් ගසා කාපු එකට.

මනුෂ නානායක්කාර කියන්නේ ඒ වගේම තුප්පහි මනුස්සයෙක්.

මම ජනාධිපති තුමාටත් කියනවා විශේෂයෙන්ම ඔබතුමා 1994 ඉඳන් කොළඹ නගරය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. ඒක ඔබතුමා දන්නවා. ඔබතුමා එක්ක අපි එදා අවංකව ඔබතුමා වෙනුවෙන් වැඩ කරලා තියනවා. නමුත් එදා අපි සමගි ජන බලවේගය හදාගෙන එළියට ආවට පස්සේ අපි සමගි ජන බලවේගයෙ නායක තුමා එක්ක අවංකව වැඩ කරනවා. අපි ඉන්න පැත්තෙ හරියට හිට ගන්නවා.

මනුෂ නානායක්කාර කියන්නේ 2018 පොදු ජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා අර්බුදය මතු වුනාම අපේ පැත්තට ආවා. ආයේ අපේ පැත්තේ ඉඳගෙන තමුන්නාන්සෙලාගෙ පැත්තට ගියා. එහෙම නිරන්තර පක්ෂ මාරු කරන තමන්ගේ වාසිය වෙනුවෙන් ආත්මය උනත් පාවලා දෙන එහෙම මන්ත්‍රීවයෙක්.

අපි එහෙම නෑ, අපි ආත්මය පාවලා දෙන්නේ නෑ. ලජ්ජාව , බය ආත්ම ගෞරවය සියල්ල තියලා තමයි අපේ දෙමව්පියො අපි හදලා තියෙන්නේ. ඒ නිසා අපට අවාසි වුනත් ඒ අවාසි තීන්දු අරන් හරි හරි දේ කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි නම් ජනාධිපති එක්ක එකතු වෙන්නේ නෑ… කැමතිනම් ජනාධිපතිටයි මාලිමාවටයි එකතු වෙන්න පුලුවන් – සජිත් ගාල්ලේදී කියයි!

Next Post

දකුණේ දේශපාලකයින් ඔක්කොම හොරු… බැරිවෙලා හෝ NPP ඇවිත් ආණ්ඩුවක් හොරු අල්ලන්න ගියොත් ගෝඨාභයටත් කලින් ගෙදර යන්න වෙනවා… විග්නේෂ්වරන් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.