දකුණු කොරියාවේ දී අතුරුදහන් වූ ශ්‍රී ලංකා රග්බි නායිකා දුලානි පලිකොන්දගේ හමුවී තිබේ.
ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර ලෙස ඊයේ (13) දකුණු කොරියාවේ ඉන්චෙං නුවර දී අවසන් වූ දෙදින තරගාවලියෙන් පසු ඇය අතුරුදහන් වී සිටියාය.
ඊයේ දහවල් කාන්තා තරගාවලියේ හොංකොං කණ්ඩායම සමඟ පැවැති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අවසන් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහ පිලිපීන ක්‍රීඩකයන්ගේ තරගය නැරඹීමට සිය කණ්ඩායම සමඟ අසුන්ගෙන සිටි දුලානි ත්‍යාග ප්‍රදානය කිරීමෙන් පසු අතුරුදන් වී තිබිණි. .
අතුරුදහන් වීමට ඇය පෙර මාධ්‍ය හමුවට ද එක්වී සිටියාය.
තරගාවලියෙන් පසු යළි හෝටලය කරා යෑමට බස් රථය අසලට පැමිණීමෙන් පසු දුලානි එහි නොමැති බව දැනගත් කණ්ඩායමේ කළමනාකාරිනිය ක්‍රීඩා මණ්ඩපයේ ශබ්ද විකාශන යන්ත්‍ර ආධාරයෙන් ඇයට සිංහල බසින් පණිවිඩ දෙකක් නිකුත් කළද, ඇය පැමිණ සිටියේ නැත.
පසුව කණ්ඩායම් දෙක හෝටලය කරා පිටත් කොට පිරිමි කණ්ඩායමේ කළමනාකරු සමඟ දකුණු කොරියානු රග්බි සංගමයේ නිලධාරීන්ට මේ බව දන්වා තිබිණි.
අනතුරුව ඉන්චෙං පොලිසියට ඇයගේ අතුරුදහන් වීම පිළිබඳ දැන්වා තිබිණි.
මෙහෙයුම් ආරම්භ කළ ඉන්චෙං පොලිසිය ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ කළමනාකාරිනිය ආචාර්ය සමන්තා නානායක්කාරට ප්‍රකාශ කර තිබී ඇත්තේ ඇයව ඉක්මනින් සොයැ ගැනීමට හැකි වනු ඇති බවය.
ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි රග්බි කණ්ඩායම් අද රාත්‍රී දිවයිනට පැමිණීමට පෙර දුලානි සොයා ගැනීමට හැකි වනු ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ විශ්වාසය පල කර තිබිණි.
ඔවුන් එසේ කීවේ දකුණු කොරියාවේ ආරක්ෂක වැටලීම් සහ සීසීටීවී ඇතුළු ආරක්ෂක පද්ධතිය ඉතා ඉහළ මට්ටමක පවතින බැවිනි.
.සොයා ගත් ශ්‍රී ලංකා රග්බි නායිකාව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ප්‍රකාශ කළේය.







