බීබීසී –
ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ලබන 8 වැනිදා එම අයැදුම්පත නිව් සවුත් වේලස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලෙනු ඇත.
කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා සතරක් ගොනුකර තිබේ.
ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත්විය.
එහිදී සිඩ්නි අධිකරණයෙන් ඔහු ඇප ඉල්ලීමක් කළත් එය ප්‍රතික්ෂේපවීම නිසා ඔහුගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි චෝදනා පසුගිය සතියේ අනාවරණය වූයේ, නඩුවේ තොරතුරු යටපත් කිරීමට පොලිසිය ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය උසාවියේ දී සටනක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ය.
විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය “සිය ජීවිතය පිළිබඳ බියකින්” සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබේ.
ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබේ.
කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු ඉකුත් සඳුදා ධනුෂ්කගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.







