ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අරගලය අවසන් කාලයේ දිගින් දිගටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී ඔහුට හිතවත් වී ඇති බවත් එහි අවසන් ඉලක්කය වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ චෝදනා කරයි.
විමල් වීරවංශ එහිදී ප්‍රකාශ කරන්නේ මෙම කුමන්ත්‍රණයට ආරක්ෂක අංශවල පුද්ගලයන්ද සම්බන්ධ බවයි.
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය විමල් වීරවංශ මන්ත්‍රිවරයා සිදු කරන්නේ ඊයේ (15) රාත්‍රි හිරු සලකුණ වැඩ සටහනට එක් වෙමිනි. එහිදී ඔහු සඳහන් කරන්නේ අරගලයේ අවසන් දිනවල ඇමෙරිකානු තානාපතිනිය ජනාධිපති ගෝඨාභය හමුවී ඔහුට සුබ පතා දේව යාඥා කර ඇති බවයි.
“ මිස්ට ප්‍රසිඩන්ට් ඔයා බෞද්ධ. මම කතෝලික. මට ඕනේ ඔයා අමාරුවේ වැටිල ඉන්න වෙලාවේ යාඥා කරන්න කියල ඇය කියා යාඥා කර තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා මේවා රොමෑන්ටික් විදිහට කියවගෙන තිබෙන්නේ.“
“එතැන් සිට දිනපතාම එතුමිය හමුවෙනවා. ඒ විතරක් නෙවේ පොලිස්පති යුද හමුදාපති බුද්ධි ප්‍රධානීන් හමුවෙනවා. මේ සමඟ මානසික බැරියර් හැදෙනවා. ජනාධිපති කාර්යාලයේ එක දොරටුවක් අරගලකරුවො වහගෙන හිටියා. මේක අරින්න හදනකොට ඇමෙරිකානු තානාපතිනි තමයි කීවේ අයි.එම් එෆ් සල්ලි දෙන්නේ නැතිවෙයි මානව හිමිකම් ප්‍රශ්න වෙයි ඒක කරන්න එපා කියල.
“ මම මේ කතාවට හොඳ උදාහරණයක් කියන්නම්. මිනිස්සු ආවනේ ජනාධිපති මන්දිරේ ළඟට. ඒ වෙලාවේ ජනාධිපතිවරයා පවුලේ කෙනකුත් සමඟ මන්දිරේ ඉඳල තිබෙනවා. ආරක්ෂඹක ප්‍රධානීන් අණ දෙමින් සීසීටීවී නිරීක්ෂණය කරමින් ඉඳල ජනාධිපතිවරයාට කියල තියෙන්නේ කිමිසිම ප්‍රශ්නයක් නෑ. තත්වය පාලනය කරනවා කියල.“
“ජනාධිපති නිකමට රිමෝට් එක අතට අරන් රූපවාහිනියේ පෞද්ගලකි නාළිකාවක් දැම්මා. එතකොට පේනවා ජනාධිපති මන්දිරේ ගේට්ටු කඩාගෙන ඇතුළට එනවා. ඒ වෙලාතෙමයි පසුපස දොරින් පැනල ගියේ. හිටිය නම් ඔහුට අත්වෙන ඉරණම ලිබියාවේ ගඩාෆිට වුණ දේ වගේ . ආරක්ෂක අංශ ඇයි මේ ගැන නොකිව්වේ. මේවා විමර්ශන කළ යුතු දේවල්“
මේ ඉලක්ක පසුපස යූ.එස්.එඩ් එක සිටි බවත් ඊට සම්බන්ධ එන්ඊඩී නම් ආයතනය සිටි බවටත් ඔහු තවදුරටත් චෝදනා කළේය.
https://www.facebook.com/watch/?extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=957405025624310