ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

by editor
ජූනි 15, 2026
in දේශපාලන
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන – 

ඇමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක මූලික රාමුවක් සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට හැකිවීම ලෝකයට මහා අස්වැසිල්ලක් උපදවා ඇත. ඒ  සමඟම  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට තමන් විසින්ම ආරම්භ කරන ලද, එහෙත් එරට ජනතාව අතර කිසිසේත්ම ජනප්‍රිය නොවූ යුද්ධයකින් ගෞරවනීය ලෙස ඉවත් වීමට අවස්ථාවක් උදා වී තිබේ. එපමණක් නොව, මෙම අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගිය බලශක්ති මිල ගණන් (තෙල් සහ ගෑස් මිල) යළි ස්ථාවර මට්ටමකට පත් කිරීමට ද මින් මාවත විවර වනු ඇත.

කෙසේ වෙතත්, යුද්ධයේ මුල් අවධියේදී තමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන අරමුණු රැසක් සපුරා ගැනීමට අපොහොසත් වූ පසුබිමක මෙවැනි එකඟතාවකට පැමිණීමට සිදුවීම හේතුවෙන් ට්‍රම්ප් දැඩි දේශපාලන පීඩනයකට ලක්ව සිටී. මේ නිසා ඔහුගේම පක්ෂයේ සිටින අන්තවාදී මතධාරීන්ගෙන් (Hawks) ඔහුට දැඩි විවේචන එල්ල වීමේ අවදානමක් පවතින අතර, යුද්ධයට අවතීර්ණ වීමට පෙර තිබූ උපායමාර්ගික ශක්තිමත්භාවයට වඩා දුර්වල මට්ටමක ඇමෙරිකාව දැනට පත්ව ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

හොර්මුස් සමුද්‍ර සන්ධිය සහ පාකිස්ථාන මැදිහත් වීම

ඉස්ලාමීය ජනරජයක් වන ඉරානයට ප්‍රහාර එල්ල කර මාස තුනකට වැඩි කාලයකට පසු, සාම සාකච්ඡාවල මෙතෙක් ලැබූ වැදගත්ම ජයග්‍රහණය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා දින “අවබෝධතා සංදේශයකට” (MOU) ට්‍රම්ප් සිය අනුමැතිය ලබා දුන්නේය. ලෝක තෙල් ප්‍රවාහනයේ හදවත බඳු වූ හොර්මුස් සමුද්‍ර සන්ධිය  (Strait of Hormuz) නැවත විවෘත කිරීමට ඉරානය මෙහිදී එකඟ වූයේය.  එය ඇමෙරිකාවේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල පහත හෙළීමට සෘජුවම දායක වනු ඇත.

එසේ වුවද, පාකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇති කරගත් මෙම ගිවිසුමේ සම්පූර්ණ පිටපත මෙතෙක් නිල වශයෙන් මාධ්‍ය වෙත මුදා හැර නොමැත. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම ගිවිසුම හරහා ඇමෙරිකාවට විශාල එකඟතාවන් රැසකට යටත් වීමට සිදුව ඇත. විශේෂයෙන්ම, ට්‍රම්ප්ගේ ප්‍රධානතම යුද අරමුණක් වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම නතර කිරීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට කල් දැමීමට ඇමෙරිකාවට සිදුව තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

දේශපාලන පීඩනය සහ ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනය

දහස් ගණනකගේ ජීවිත බිලිගත්, ඇමරිකාවේ  ආර්ථිකයට දැඩි බාධා පැමිණවූ සහ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට (Midterm Elections) මාස කිහිපයක් තබා ට්‍රම්ප්ගේ ජනප්‍රියත්ව අනුපාතය දරුණු ලෙස පහත හෙලූ මෙම යුද්ධයෙන් කෙසේ හෝ ඉවත් වීමේ අවශ්‍යතාව ට්‍රම්ප්ට තදින්ම දැනී තිබුණි. ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය මේ වන විට කොංග්‍රස් මණ්ඩලයේ බලය රැකගැනීම සඳහා දැඩි සටනක නිරතව සිටී.

පසුගිය ඉරිදා දින සිදුකළ නිල ප්‍රකාශයට පෙර සිටම, වොෂින්ටනයේ සිටින ඉරාන විරෝධී මතධාරීන්ගෙන් ට්‍රම්ප්ට දැඩි විරෝධයක් එල්ල වූයේ ටෙහෙරානය (ඉරානය) හමුවේ ඇමෙරිකාව ඕනෑවට වඩා නම්‍යශීලී වන බවට අනතුරු අඟවමිනි.

“ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ගිවිසුම දැන් සම්පූර්ණයි. සැමට සුබ පැතුම්!” යනුවෙන් ට්‍රම්ප් සිය 80 වැනි උපන්දිනය යෙදුණු දිනයේ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ඉන් කෙටි වේලාවකට පසු ඉරානය ද මෙම එකඟතාව තහවුරු කළේය. ලබන සිකුරාදා දින මෙයට නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත වුවද, තීරණාත්මක ප්‍රශ්න රැසකට තවමත් පිළිතුරු ලැබී නොමැත.

දෙපාර්ශ්වයම මෙම මූලික රාමුව පිළිබඳව පරස්පර අදහස් පළ කරමින් සිටී. මෙමඟින් දැනට පවතින සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන අතර, එම කාලය තුළ ලෝක බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කළ මෙම යුද්ධය ස්ථිරවම අවසන් කිරීම සඳහා සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකාව දුර්වල වීද?

දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ඇමෙරිකාව මෙයින් දුර්වල වී ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර, මිලිටරිමය සහ ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස බැටකා ඇති ඉරානය, ගිවිසුම අවසානයේ වඩාත් ශක්තිමත් උපායමාර්ගික වාසියක් (Leverage) අත්පත් කරගැනීමට ඉඩ ඇති බවත්ය.

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ මිලිටරි ශක්තිය විශාල වශයෙන් පරිහානියට පත් වූ බව සැබෑ වුවද, ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් පාලනය වන කලාපය අවහිර කරමින් ඕනෑම ප්‍රහාරයකට මුහුණ දී නැගී සිටීමට තමන්ට හැකි බව ටෙහෙරානය ලෝකය හමුවේ ඔප්පු කර පෙන්වා ඇත. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීම ධවල මන්දිරය මඟ හැර තිබේ.

සපුරාගත නොහැකි වූ අරමුණු

HORMUZ
ටෙහෙරාන් නගරයේ ගොඩනැගිල්ලක හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ග්‍රැෆික් නිර්මාණයක් සහිත දැන්වීම් පුවරුවක්

විදේශීය රටවල් සමඟ යුද්ධවලට පැටලීමෙන් වැළකී, ඇමෙරිකානුවන්ගේ ආර්ථික ගැටලු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවට පොරොන්දු වෙමින් දෙවැනි ධුර කාලයක් සඳහා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ට්‍රම්ප්, මෙම ප්‍රතිඵලය ඇමෙරිකාවේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කරයි. ඉරානය ද තමන් ජයග්‍රහණය කළ බවට එවැනිම ප්‍රකාශ සිදුකරමින් සිටී.

කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයන් බහුතරයකගේ මතය වන්නේ, වරක් ඉරානයෙන් “කොන්දේසි විරහිතව යටත් වීම” (Unconditional Surrender) ඉල්ලා සිටි ට්‍රම්ප්, නිරන්තරයෙන් වෙනස් වූ සිය යුද අරමුණු ඉටුකරගත නොහැකිව අතරමං වූ බවය. යුද්ධය ආරම්භයේදී ඉරානයේ පාලන තන්ත්‍රය පෙරළා දමන ලෙස ට්‍රම්ප් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියද, එම පාලනය තවමත් නොවෙනස්ව පවතී. එමෙන්ම ඇමෙරිකා – ඊශ්‍රායල හවුල් ප්‍රහාරවලින් මියගිය නායකයන් වෙනුවට පත්ව සිටින නව ඉරාන නායකයන් පැරණි නායකයන්ටත් වඩා දැඩි මතධාරීන් (Hardline) බව පෙනේ.

ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩපිළිවෙළ අත්හැරීම සහ කලාපීය සටන්කාමී කණ්ඩායම්වලට (Proxies) ආධාර කිරීම නැවැත්වීම වැනි ට්‍රම්ප්ගේ මුල් කාලීන ඉල්ලීම් ද ඉටු වී නැත. මීට අමතරව, ඉරානය සතුව පවතින, බෝම්බ නිපදවීමට ආසන්න මට්ටමක පවතින යුරේනියම් තොගයේ අනාගතය පිළිබඳව ද මෙම අවබෝධතා සංදේශය (MOU) මඟින් පැහැදිලි විසඳුමක් ලබා දී නැත. එසේ වුවද, ඇමෙරිකානු උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම මූලික එකඟතාව හරහා ට්‍රම්ප්ගේ ප්‍රධානතම අරමුණු ඉටුකරගෙන ඇති බවය.  එමෙන්ම ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ඇමෙරිකාව මැදිහත් වී එම න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ කරන බවය.

නමුත් ඒ සඳහා නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශ කර නොමැත. ඉරාන නිලධාරියෙකු සඳහන් කළේ, තමන් සතු යුරේනියම් තොගය සාන්ද්‍රණය අඩු කිරීමට (Dilute) තමන් එකඟ වූ නමුත්, ඒ සඳහා මෙතෙක් ස්ථිර යාන්ත්‍රණයක් සකස් කර නොමැති බවය.

“තවදුරටත් සිදුවන යුද ගැටුම් වළක්වා ගැනීමට ඇති හොඳම විසඳුම මෙම ගිවිසුම විය හැකියි. නමුත් ඇමෙරිකාව යුද්ධයකට නොගොස් මුල සිටම රාජ්‍ය තාන්ත්‍රික මාවතක් තෝරාගත්තේ නම් මීට වඩා යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකිව තිබුණා.”- ඇට්ලන්ටික් කවුන්සිලයේ (Atlantic Council) වික්ටෝරියා ටේලර් (හිටපු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කීවේය.

මෙම නව ගිවිසුම, 2015 වසරේදී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඉරානය සමඟ ඇති කරගත් සහ 2018 වසරේදී ට්‍රම්ප් විසින් සිය මුල් ධුර කාලයේදී ඒකපාර්ශ්විකව ඉරා දැමූ න්‍යෂ්ටික ගිවිසුමට වඩා සාර්ථක එකක් ද යන්න තවමත් පැහැදිලි නැත. ඇමෙරිකානු නිලධාරීන් අවධාරණය කරන්නේ ඉරානයේ අත්හිටුවා ඇති බිලියන සංඛ්‍යාත ඩොලර් මුදා හැරීම හෝ සම්බාධක ලිහිල් කිරීම සිදුවන්නේ ඉතා ක්‍රමානුකූලව, ඉරානයේ හැසිරීම මත පදනම්ව පමණක් බවය. එහෙත් ඉරානය අපේක්ෂා කරන්නේ මුල් අවධියේදීම සහන ලබාගැනීමටය.

මෙවැනි පියවරක් හරහා ඔබාමා පාලන සමයේදී ට්‍රම්ප් විසින් එල්ල කරන ලද චෝදනාවලටම දැන් ට්‍රම්ප්ට ද මුහුණ දීමට සිදුවනු ඇත. එනම්, ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් සහ අනෙකුත් ආරක්ෂක තර්ජන සඳහා ඇමෙරිකාව මුදල් සපයන බවට එදා ට්‍රම්ප් ඔබාමාට එල්ල කළ විවේචන දැන් ඔහු දෙසටම හැරීමේ අවදානමක් පවතී.

ඉරාන තර්ජනය තවදුරටත් පවතිනු ඇත

ඉරානය කිසිදා න්‍යෂ්ටික ආයුධ නිපදවන්නේ නැති බවට දුන් පොරොන්දුව තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයන් හුවා දක්වයි. එහෙත්, යුද්ධය ආරම්භයේදීම ගුවන් ප්‍රහාරයකින් මියගිය ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් පනවන ලද ආගමික නියෝගයකට (Fatwa) අනුව තමන් කිසිසේත්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවන්නේ නැති බව ඉරානය වසර ගණනාවක සිටම ප්‍රකාශ කර තිබුණකි.

හොර්මුස් සමුද්‍ර සන්ධියේ  නාවික ගමනාගමන සීමා වහාම ඉවත් කිරීමටත්, ඇමෙරිකාව විසින් පනවා ඇති වරාය අවහිරතා ඉවත් කිරීමටත් එකඟ වී ඇතත්, යුද්ධයට පෙර නොතිබූ ආකාරයේ උපායමාර්ගික බලයක් මෙම මුහුදු මාර්ගයේ පාලනය සම්බන්ධයෙන් තමන්ට හිමිවිය යුතු බවට ඉරානය දැඩිව කියා සිටී. ඇත්ත වශයෙන්ම හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමෙන් සිදුවන්නේ යුද්ධයට පෙර පැවති තත්ත්වයට (Status quo) ලෝකය නැවත පත්වීම පමණි.

වොෂින්ටනයේ උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSIS) ජෝන් ඇල්ටර්මන් පවසන්නේ, “ඉරානය දැඩි ලෙස දුර්වල වී සිටින අවස්ථාවක පවා, තමන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක හොර්මුස් පටුන වසා දැමීමට තමන්ට හැකි බව ඔවුන් ඔප්පු කර තිබෙනවා. එම තර්ජනය කිසිදා පහව යන්නේ නැහැ” යනුවෙනි.

යුද්ධයේ බරපතළ පිරිවැය

ට්‍රම්ප් ආරම්භ කළ මෙම යුද්ධය හේතුවෙන් ප්‍රධාන වශයෙන් ඉරානයේ සහ ලෙබනනයේ දහස් ගණනක් මියගොස් ඇත. ඊශ්‍රායලය සහ ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් යළි ඇවිළී ගියේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම ගැටුම්වලදී ඇමෙරිකානු සේවා නිලධාරීන් 13 දෙනෙකුට ද ජීවිත අහිමි විය.

ඇමෙරිකානු මිලිටරි පිරිවැය ඩොලර් බිලියන දස දහස් ගණනක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ගේ අවි ආයුධ තොග ද සීඝ්‍රයෙන් ක්ෂය වී ඇත. මීට අමතරව, යුද්ධයට අවතීර්ණ වීමට පෙර යුරෝපීය මිත්‍ර රටවල් සමඟ කිසිදු සාකච්ඡාවක් නොකිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපය අතර සබඳතාවල ද දැඩි ඉරිතැලීම් ඇති විය.

ට්‍රම්ප් මුහුණ දෙන අනෙක් ප්‍රධාන අභියෝගය වන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුය. ඔහු යුද සමයේදී ට්‍රම්ප් සමඟ සමීප සබඳතාවක් පැවැත්වූවද, මෙම අවබෝධතා සංදේශයට (MOU) සිය රට පාර්ශවකරුවෙකු නොවන බව ප්‍රකාශ කර තිබේ. ලෙබනනයේ ඊශ්‍රායලය ගෙන යන මිලිටරි මෙහෙයුම් සම්බන්ධයෙන් පසුගිය ඉරිදා දින ද නායකයන් දෙදෙනා අතර මතභේද හටගෙන තිබුණි.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වූ ඇමෙරිකාවේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් ද සාමකාමී විසඳුමකට කැමැත්ත පළ කර ඇති නමුත්, තමන් අසල සිටින තුවාල ලැබූ ඉරානය, ඔවුන් සතු ඉතිරි ආයුධ බලයෙන් ඕනෑම මොහොතක තමන්ට තර්ජනයක් විය හැකි බව වටහාගෙන දැඩි අවධානයෙන් පසුවෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

Next Post

A-9 මාර්ගයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: සිසුන් 17ක් සහ රියදුරු තුවාල ලබා රෝහලට

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

ජූනි 21, 2026
sooryawanshi

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…
  • පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…
  • දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.