සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජේසන් හෝල්ඩර් පන්දු 05ට ලකුණු 21 යි... කොදෙව්වන් පන්දුවාර 20-20 තරගාවලියේ ජය තහවුරු කරගනී!

by editor
ජූනි 15, 2026
in ක්‍රීඩා
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...

ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර පිහිටි සුප්‍රකට සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද  (2026 ජූනි 15) පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසාන පන්දුවාර 20-20 (T20I) තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක කොදෙව්වන් සමත් විය.

කුසල් ලකුණු 05 යි…

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුම දෙනා දැවී ලබා ගන්නේ  169කි.  මේ පවතින විස්සයි 20 රටාව තුළ එය මහා ලකුණක් නොවේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 26ක් සහ කමිල් මිෂාර ලකුණු 28ක් ලබා ගත්තේය. නැවත වරක් පවන් රත්නායක අසමත්ය. ඔහු මේ තරගාවලියේ එක්දින තරගයේදී මෙන්ම විස්සයි විස්ස තරග තුනේදීම මුලුමනින්ම අසමත් වූයේය. පවන් රත්නායක අද ක්‍රීඩාකළේ එක පන්දුවක් පමණි. මුහුන දුන්න පළමු පන්දුවෙන්ම ෂාමර් ජෝෂප් හමුවේ කඩුල්ල මුවා කළ වරදට හසුවිය.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැම එකාම ක්‍රීඩා කළේ බාග ඉනිම්ය. කමිඳු 20කි වනිඳු 21කි. . දසුන් 16කි. ඉනිමක් යැයි යන්තමින් පෙනුනේ දුනිත් වෙල්ලාලගේ ගේ ඉනිමය.   දුනිත්   පන්දු 28කදී වේගවත් ලකුණු 43ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.  ඔහුත් අර්ධ ශතකයක් නොලබා දැවී ගියේය.  දැන් විස්සයි විස්ස තරග දෙස බලනවිට පෙනී යන ඇත්තම කතාව නම් බාග ඉනිම් ගසන පිතිකරුවන් සහිත කණ්ඩායමකට විස්සයි 20 තරගයක් ජයග්‍රහණය කළ නොහැකිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

තරගයේ දී අප දුටුවේ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ දැඩි පාලනය හමුවේ ශ්‍රී ලංකා මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට ලකුණු වේගය රඳවා ගැනීමට නොහැකිවීමය.

කොදෙව් ඉනිමේ කැපී පෙනෙනම ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ෂමාර් ජෝසෆ්ය. ඔහු තමන්ගේ ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට කඩුලු 5ක දක්ෂතාවක් (ලකුණු 33කට කඩුලු 5ක්) සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමීය

ඔහුගේ පන්දු යැවීම හමුවේ පැතුම් නිස්සංක, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ දැවී ගියහ. ජේසන් හෝල්ඩර් සහ රොස්ටන් චේස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර අකීල් හොසේන් සහ මැතිව් ෆෝඩ් ද පන්දු යැවීමෙන් දායකත්වය දුන්හ.

ජයග්‍රහණය කරා මෙහෙයවුන බටහිර ඉන්දීය කොදෙව් ඉනිම…

ලකුණු 170ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භය සාර්ථක වූයේ නැත. ඔවුන්ගේ නායක ෂායි හෝප් ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියේය. එහෙත් ඉන් අනතුරුව පිටියට පිවිසි ෂිම්රොන් හෙත්මයර් පන්දු 19කින් ලකුණු 32ක් සහ රොව්මන් පවෙල් පන්දු 27ක දී  ලකුණු 33ක් රැස් කරමින් කොදෙව් කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කළහ.

තරගයේ හැරවුම් ලක්ෂය වූයේ ෂර්ෆේන් රදර්ෆර්ඩ්ගේ විශිෂ්ට ඉනිමයි. ඔහු පන්දු 40කදී නොදැවී ලකුණු 54ක් රැස් කළේය. ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් අතුළත් විය.  කොදෙව් ඉනිම ජයග්‍රහණය කරා ස්ථාවරව රැගෙන ගියේ ඔහුය. 06 වැනි කඩුල්ල වෙනුවෙන්  පිටියට පිවිසි අංක 07 පිතිකරු  ජේසන් හෝල්ඩර් අතිවේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 5ක් ඇතුළත හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබාගෙන තරගය නිමා කිරීමට සමත් විය. ඒ අනුව කොදෙව් ක්‍රීඩකයෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් වැය කර ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්හ.

පන්දු 05ක දි ලකුණු 21ක්…

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පාලනයක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4කදී ලකුණු 17කට කඩුලු 2ක් දවාලීය.

දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩපන්දු කිහිපයක් ගිලිහී ගියද, ඔවුන් තරගයේ අවසානය දක්වාම දැඩි සටනක නිරත විය.

මුළු තරගාවලිය පුරාම දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂමාර් ජෝසෆ් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම දිනා ගත්තේය. ඔහු මෙම තරගාවලිය තුළදී සමස්ත කඩුලු 11ක් බිඳ හෙලීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව්වන් අපට වඩා විස්සයි 20 ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින බව යළිත් සහතික කළහ. පවන්ගේ අසමත්වීම සහ දුනිත්ගේ මතුවීම මේ තරගාවලියේ අප දුටු වැදගත් කාරණාවය. පසුගිය තරගයේ පන්දු ඕවර 3යි පන්දුවක් යවමින් ලකුණු 09කට කඩුළු 03ක් දවා ගත් දුෂ්මන්ත චමීර ගිය තරගයටත් ප්‍රමාණවත් ලෙස මේ තරගයේ දී ගුටි කෑවේය. ඔහු පන්දු ඕවර 04ට ලකුණු 64ක් ලබා දුන්නේය. ගිය තරගයේ මුල් ඕවර ගණනටම ලබා දුන් ලකුණුවලට වඩා දෙගුණයකට ආසන්න සාමාන්‍යයක් මෙවර ඔහුගේ එක් ඕවරයකට තිබිණි. ඕවරයක සාමාන්‍ය ලකුණු 16කි.

එක් තරගයක අපව පුදුම කිරිමත්  අනුයාත අනෙක් තරගයේ ලොන්තපෝල් වීමත් අතර ඇති මේ අන්තරය කුමක් දැයි අපට වැටහෙන්නේ නැත. දසුන් ශානක ගැන කියන්නට ඇත්තේත් එයය. වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වීප් ඇදෙනවා වැනි පුදුම කෙරෙන අහම්බයන් නැත. එහි ප්‍රකට විය යුත්තේ විශ්වාස කටයුතු සාමාන්‍යයකි. අපට නැත්තේත් ඒ වෘත්තීයමය විශ්වාසය ය.

Share69Tweet43
Previous Post

ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

Next Post

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.