ඉරිදා, ජූලි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

පැනමාව සමග ලබන බදාදා පැවැත්වෙන තරගය තෝමස්ට අහිමි වෙයි...

by editor
ජූනි 14, 2026
in පුවත්
Thomas-Partey
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

එක්සත් රාජධානිය තුළ ලිංගික අතවර සහ දූෂණ චෝදනා රැසකට ලක්ව සිටින ඝානා ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේ ට (Thomas Partey) කැනඩාවට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍ර ලබා දීම එර රට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන් ලබන බදාදා (ජුනි 17) ටොරොන්ටෝ නුවරදී පැනමා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඝානා කණ්ඩායමේ සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ඇත.

Thomas-Partey

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවර පිහිටි ඝානා සංචිතයේ පුහුණු කඳවුරේ රැඳී සිටින පාටේ ට, කැනඩා රජය විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරටට ගමන් කිරීමට නොහැකි වන බව FIFA ආයතනය පවසයි.

කෙසේ වෙතත්, සත්කාරක රටවල ආගමන විගමන නීති හෝ වීසා ලබා දීමේ ක්‍රියාවලීන් සඳහා තමන් මැදිහත් නොවන බව ද ලෝක පාපන්දු පාලක මණ්ඩලය අවධාරණය කර ඇත. 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් ඒකාබද්ධව පැවැත්වෙයි.

දැනට ස්පාඤ්ඤයේ විලර්රියල් (Villarreal) ක්‍රීඩා සමාජය නියෝජනය කරන 32 හැවිරිදි මෙම දක්ෂ මැදපෙළ ක්‍රීඩකයාට එරෙහිව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් 2025 ජූලි මාසයේදී දූෂණ චෝදනා පහක් සහ ලිංගික අතවර කිරීමේ චෝදනාවක් එල්ල කරන ලදී. ඔහු ප්‍රකට ආර්සනල් කණ්ඩායමට ක්‍රීඩා කළ සමයේ සිදු වූ බව කියන මෙම සිදුවීම් සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. එහෙත්, පසුව 2026 පෙබරවාරි මාසයේදී ද ඔහුට එරෙහිව තවත් නව දූෂණ චෝදනා දෙකක් එල්ල වූ අතර, පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහු ඒවා ප්‍රතික්ෂේප කරමින් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

RelatedPosts

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

ඇමරිකාවට ඇතුළුවීමට ගැටලුවක් වී නෑ…

ජුනි 4 වැනිදා ඝානා සංචිතය සමඟ ඇමරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණි පාටේට ඇමරිකාවට ඇතුළු වීමේදී කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු නොවූවත්, කැනඩාව සිය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වා ඇති කැනඩා ආගමන, සරණාගත සහ පුරවැසිභාවය පිළිබඳ ආයතනය (IRCC) සඳහන් කර ඇත්තේ, ලෝක කුසලානයට පැමිණෙන පිරිස් කවුරුන් වුවද තරාතිරම නොබලා කැනේඩියානු නීතියට අනුව පසුබිම පරික්ෂා කරන බවත්, ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි හැඟෙන ඕනෑම අයෙකුට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට තම නිලධාරීන්ට බලය ඇති බවත්ය.

කෙසේ වෙතත්, ඝානා කණ්ඩායම සහභාගී වන ඉතිරි මූලික වටයේ තරග දෙකම ඇමරිකා එක්සත් ජනපදය තුළ පැවැත්වෙන බැවින් ඊට ක්‍රීඩා කිරීමට පාටේට අවස්ථාව හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව ජුනි 23 වැනිදා බොස්ටන්හිදී එංගලන්තයට එරෙහිවත්, ජුනි 27 වැනිදා ෆිලඩෙල්ෆියාහිදී ක්‍රොඒෂියාවට එරෙහිවත් පැවැත්වෙන තරග සඳහා ඔහු එක්වීමට නියමිතය. තෝමස් පාටේ මේ දක්වා ඝානා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 58කදී ගෝල 16ක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි.

Share69Tweet43
Previous Post

මෝදර චතුරට පැය 72 ක රැඳවුම් නියෝග! බ්ලූමැන්ඩල් සංඛටත් හෙට රැඳවුම් නියෝග ගන්න සූදානම්!

Next Post

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

Related Posts

akuregoda
පුවත්

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!

ජූලි 4, 2026
MahindaR
පුවත්

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

ජූලි 4, 2026
පුවත්

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
akuregoda

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!

ජූලි 4, 2026
MahindaR

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

ජූලි 4, 2026

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

ජූලි 4, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!
  • රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!
  • සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.