ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදර චතුරට පැය 72 ක රැඳවුම් නියෝග! බ්ලූමැන්ඩල් සංඛටත් හෙට රැඳවුම් නියෝග ගන්න සූදානම්!

by editor
ජූනි 14, 2026
in පුවත්
sanka-nipuna
Share on FacebookShare on Twitter

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මෝදර නිපුන’ නැමැත්තාගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් හෙවත් මෝදර චතුර නැමැත්තාට ප්‍රශ්න කිරීම් සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඔහු සමග මෙරටට පිටුවහල් කරන ලද අනෙක් ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාට ද හෙට (15) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මෙරටට රැගෙන ආ බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා පැය 14 ක කාලයක් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් භාරයේ තබා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා අද (14) පෙරවරුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.

අබුඩාබි නුවරදී කොටු වූ පසුබිම

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරවලට අදාළ දර්ශන සහ ඡායාරූප තමන්ගේ ජංගම දුරකථන තුළ තබාගෙන සිටීමේ වරදට අබුඩාබි ආරක්ෂක අංශ විසින් මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි. දින කිහිපයක් එරට බන්ධනාගාරගත කර තැබීමෙන් අනතුරුව, එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන්ව මෙරටට පිටුවහල් කෙරිණි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඝාතන රැසක සැකකරු: බ්ලූමැන්ඩල් සංඛ

අත්අඩංගුවට ගත් 40 හැවිරිදි බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා 2022 වසරෙන් පසු මෙරට තුළ සක්‍රීයව නොසිටියද, ඊට පෙර සිදුවූ දරුණු ගණයේ අපරාධ රැසක ප්‍රධාන සැකකරුවෙකි. පොලිස් වාර්තාවලට අනුව ඔහුගේ අපරාධ ඉතිහාසය මෙසේය:

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

  • 2015: කොළඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක්.

  • 2016: මාළිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම.

  • 2018: ග්‍රෑන්ඩ්පාස් බලප්‍රදේශයේදී පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගලයෙකු ඡාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම.

මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරිකයා: මෝදර චතුර

චතුර දිල්රුක්ෂාන් හෙවත් මෝදර චතුර නැමැත්තා, ඔහුගේ සහෝදරයා වන ‘මෝදර නිපුන’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානියා ලෙස හඳුනාගෙන තිබේ. ඔහු අබුඩාබි නුවර පැවති සාදයක් අතරතුරදී එරට ආරක්ෂක අංශවලට කොටු වී ඇත. ඔහුගේ පසුබිම මෙසේය:

  • 2019: ගංජා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම.

  • 2020: මෝදර පොලිස් වසමේදී පොලුවලින් සහ උල් ආයුධවලින් පහරදී පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ නඩුවක සැකකරුවෙකු වීම.

  • 2022 නොවැම්බර්: කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබීම.

මෝදර චතුර මේ වන විට නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙනවිත් තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ පුවත සැලවීමත් සමග මෝදර ප්‍රදේශයේ වැසියන් වීදිවල රතිඤ්ඤා දල්වා ප්‍රීති වී ඇති බවද වාර්තා වේ.

උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීම

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන උසස් පොලිස් නිලධාරීන්ගේ සෘජු මෙහෙයවීම සහ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

Share69Tweet43
Previous Post

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

Next Post

ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.