ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

by editor
ජූනි 14, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුරවැරැල්ල –

දස්සාගේ දවසේ දී අපේ ක්‍රිකට් ලස්සනය. බලාපොරොත්තු සහගතය. උත්කර්ෂවත්ය. අවුල දස්සාගේ දවස එන්නේ කලාතුරකින් වීමය.  අද ඒ වගේ දවසක්ය.  පන්දු 19ක් තුළ සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ජැමෙයිකාවේ කිස්ග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගනය දෙවනත් කරමින් තරගයේ වීරයා ද වූ දසුන් ශානකගේ වර්ණවත් පිතිකරණයත් ඔහු හා රැඳෙමින් නොදැවී අර්ධ ශතකය ඉක්මවා ගිය යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහයවනු ලැබුවේය.  ඒ ජයග්‍රහණයේ පදනමට අයෝමය ශක්තියක් එක් කරමින් ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක යෙදුන දුෂ්මන්ත චමීර පන්දු ඕවර 3.1 තුළ ලකුණු 09ක් පමණක් දී කඩුළු 03ක් දවා ගත්තේය. 

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගාවලිය 1-1 ලෙස සමවූයේය.  මේ ඒ තරගය ගැන කතාවය

ශ්‍රී ලංකා ඉනිම 

කාසියේ වාසිය දිනුවේ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

ඒ තීරණය කදිම එකක් යැයි අපට මුලින් සිතිනි. පැතුම් ලකුණු 07කට දැවී ගියේය. ඒ 4 ඕවරයේ 4 වැනි පන්දුවේදීය. එවිට ලකුණු සංඛ්‍යාව 40කි. ඒ වනවිට ඉතාම අලංකාර පිතිකරණයක් දියත් කරමින් සිටි නායක කුසල් මෙන්ඩිස් ඊලඟ ඕවරයේ මුල්ම පන්දුවේ දී දැවී ගියේය. දැන් 42ට කඩුළු 2කි. මැද පෙළ ශක්තිමත් කිරීමට තේරූ පවන් රත්නායක මුල් තරග තුනේම සිටියේ පන්දුව සමග අරගල කරමිනි.

ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් බව සැබෑය. එහෙත් ඛේදනීය ලෙස මේ තරගාවලියේ දී ඔහුගේ රිද්මය ගිලිහී තිබිණි. පවන් දැවී යන විට ඔහු ලබා සිටියේ එකම එක ලකුණකි. ඒ ලකුණ ලබා ගැනිමට ඔහු පන්දු 06ක් වැය කළේය. බිඳ වැටීම සිත් කඩා වැටෙන සුලු විය. දැන් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 43කි. කඩුළු 03කි.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

පසුගිය විස්සයි 20 තරගයේ මුල්ම පන්දුවේ දී දැවි ගිය ලසිත් කෲස්පුල්ලේ වෙනුවට අංක 3 ක්‍රීඩකයා ලෙස නැවත කමිල් මිෂාර කැඳවා තිබිණි. කමිල් මිෂාර කමිඳු මෙන්ඩිස් සමග එක්ව ඉන් පසු සිවුවන කඩුල්ල වෙනුවෙන් යම් ස්ථාවරයක් ගොඩ නගන්නට උත්සාහ කළේය. ඔවුන් දෙදෙනා සිවුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැගූහ. කමිඳු පන්දු 20ක දී ලකුණු 24ක ලැබුවේය. ඒ අලංකාර හයේ පහර දෙකක් සමගය.

සිවුවන කඩුල්ල ලෙස ලකුණු 88ට කමිඳු දැවී ගියේය.

දස්සාගේ දවස 

මේ තරගයේ දකින්නට ආසා කරන ක්‍රිකට් මැවුනේ ඉන් අනතුරුවය. මොනවා වුනත් දසුන් ශානක රිද්මයට පැමිණෙන ඔහුගේ දිනයක ක්‍රිකට් සැනකෙළියක් පිටිය මැද මැවෙන්නේය. අද මැවුනේ ඒ අලංකාරය ය. මීට පෙර එවැනි චමත්කාරයක් මැවුනේ මේ වසරේ මුල පැවති විස්සයි 20 ලෝක කුසලානයේ ඕමානයට එරෙහිව තරගයේ දී ය. එම තරගයේ දි ද දසුන් ශානක පන්දු 19ක් තුළ අර්ධ ශතකයක් ලැබුවේය.

කලාතුරකින් එන ඒ දවස අද පැමිණ තිබුණේය. ඉතින්  දස්සා බෝල පැලුවේය.  තරගයේ 14 වැනි ඕවරය යවමින් සිටියේ රොස්මන්ඩ් චේස් ය. එම ඕවරයේ 2 පන්දුව මීටර 95කට වඩා ඈත ඉහළම අවකාශයට ගොස් නැවතුනේ ක්‍රීඩාගාරයේ මුදුන් වහලයේ ය. පන්දුව වහළය මත රැඳුනේය. නව පන්දුවක් ගත්තේය.

ඊලඟ පන්දුවට දස්සාගෙන් හතරකි. චේස්ගේ හතරවන පන්දුව යළිත් ගුවන් ගත වී මීටර 95ක් දුරට ගොස් ක්‍රීඩාගාරයේ මුදුන් වහළය මතය. තවත් නව පන්දුවක ගැනීමට විනිසුරුවන්ට සිදුවිය. ඕවරයක් තුළ පන්දු දෙකක් අලුතින් ගන්නට සිදුවූ මේ පිතිකරණය සිදුවන්නේ හයේ ඒවා පලන ජව සම්පන්න බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ක්‍රීඩා කරන තරගයක ඔවුන්ට ලඟා විය නොහැකි සීමාවට හයේ පහර එල්ල කරමින් වීම විශේෂය. දස්සාගේ කෙසඟ සිරුර තුළ තිබුණු ජවය හර්ෂමන් හෙත්මයර් විටෙක අභිනයෙන් පෙනුන්වේය. ඒ  චේස්ට එල්ල කළ දෙවැනි හයේ පහරින් පසුව දෙවැනි වරටත් පන්දුව නැතිවන විටය.

ඒ ඉනිම ඇත්තටම බැලිය යුතු ඉනිමකි. දස්සා පන්දු 19කින් සිය ලකුණු 50 වාර්තා කළේය. ලකුණු 58ක් පන්දු 24ක් තුළ ලැබූ ඔහු  අවසානයේ දී ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 04ක් එක් කර තිබිණි. ඔහු දැවී යන්නේ 19 වැනි ඕවරයේ 1 පන්දුවේ දී ය.

කමිල් සහ දසුන්…

අද දසුන් සමග එක් වී පිටිය වර්ණවත් කළ අනෙක් කමිල් මිෂාර ය. ඔහු සිය අර්ධ ශතකය වාර්තා කරන්නේ පන්දු 33ක දී ය. ඔහුගේ අර්ධ ශතකය වාර්තා වන්නේ ඒ 17 වැනි ඕවරයේ 2 වැනි පන්දුවට එල්ලවන හයේ පහරකිනි.

කමිල් මිෂාර නොදැවී ලකුණු 61කි. ඊටෙ හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් ඇතුළත් වීය.

කමිල් සහ දසුන් අතර 05වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවයක් බිහි වන්නේය. ඒ ලකුණු 103 ඔවුන් දෙදෙනා රැස් කරන්නේ පන්දු 41ක් තුළය.

ලකුණු 43කට කඩුළු 03 දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී නැවතුනේ ලකුණු 194ක සීමාවේය. දසුන් 05 වැනි කඩුල්ල ලෙස දැවී යන්නේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 191 දී ය. තරගයේ  අවසාන පන්දුවේ දී දුනිත් වෙල්ලාලගේ දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ට ලකුණු 194කි.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම 

බටහිර ඉන්දීය කොදෙව්වන් පිටියට පැමිණියේ ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කයක් සොයාගෙනය. එහෙත් ආරම්භක පිතිකරුවන්වන බ්‍රෙන්ඩන් කින්ග් සහ ෂායි හෝප් මේ තරගයේ දී මුලුමනින්ම අසාර්ථක වූහ. පන්දු යැවීම ආරම්භ කළ දුනිත් වෙල්ලාලගේ ෂායි හෝප් පළමු ඕවරයේ 5 වැනි පන්දුවේ දීම දවා ගත්තේය. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමිනි.

බිඳවැටිම…

දෙවැනි පන්දු ඕවරය යැවූ දුෂ්මන්ත චමීර තමන් යැවූ සිවුවන පන්දුවෙන් බ්‍රෙන්ඩන් කින්ග්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත්තේය. බ්‍රෙන්ඩන් කින්ග් ලකුණු 02කි. පන්දු 10ක් ඇතුළත ලකුණු 09ක් තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ දැවී ගියහ.

එහෙත් ඉන් අනතුරුව පිටියේ රැඳුනු ෂිම්රෝන් හෙත්මයර් සහ රොවෙන් පවෙල් විශිෂ්ඨ ලෙස බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ගොඩනගන්නට වූහ. ඔවුන් දෙදෙනා පන්දු 50ක් තුළ ලකුණු 81ක් රැස්කරගෙන සිටිය දී තරගය කණපිට ගැසුණු දැවී යෑම සිදුවිය. ඒ 03වන කඩුල්ල ලෙස හෙත්මයර් ලකුණු 36කට දුවද්දී දැවී යෑමකට හසුවීමෙනි. ඔහු එම ලකුණු 36 ලැබුවේ පන්දු 26ක් තුළය. හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමගිනි.

ඉන් පසු 10 ඕවරයේ අවසන් පන්දුවේ දී එතෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නට මහත් හිසරදයක්ව සිටි රොවෙන් පවෙල් ලකුණු 43කට දැවී ගියේය. ඔහු පන්දු 26ක් තුළ හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් සමගින් මේ ලකුණු ප්‍රමාණය රැස් කළේය.

කලාතුරකින් දක්නට ලැබෙන පන්දු යැවීමක්

එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බටහිර ඉන්දීය කොදෙව් ඉනිම සුන් කළහ. මේ තරගයේ අති විශිෂ්ට පන්දු යැවීම ප්‍රකට කළේ දුෂ්මන්ත චමීරය. ඔහු අද යැව්වේ විස්සයි 20 තරගය කලතුරකින් දක්නට ලැබෙන පන්දු යැවීම් වාරයකි. චමීර පන්දු ඕවර 3යි එක් පන්දුවක් පමණක් යවමින් ලබා දුන්නේ ලකුණු 09ක් පමණය. කඩුලු 03ක් බිඳ හෙලුවේය.

  • මුල් ඕවර දෙකේ ප්‍රහාරයට ලක් වුන වනිඳු හසරංග සිය තුන්වන ඕවරයේ කඩුලු දෙක්ක සහ සිවුවන ඕවරයේ කඩුල්ලක් සමග කඩුළු තුනක් ලැබුවේය. ඒ ලකුණු 38කට ය.
  • මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04 තුළ ලකුණු 34කට කඩුල්ලක් දවා ගත්තේය.
  • දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර තුනක් යවා ලකුණු 28ට කඩුළු 02කි.
  • දසුන් ශානක එක් ඕවරයක් යැව්වේය. ඔහු ඒ ඕවරයට ලබා දුන්නේ ලකුණු 06ක් පමණය.

ලෝක විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාව තුළ අප ඉන්නේ දුක හිතෙන තැනකය. බටහිර ඉන්දීය කොදෙව්වන් පමණක් නොව, බංගලියන් ද ඉන්නේ අපට ඉහළිනි. අප ඉන්නේ 09 වැනි තැනය. බටහිර ඉන්දීය කොදෙව්වන් අපට වඩා ස්ථාන දෙකක් ඉදිරියෙනි. ලෝක ශ්‍රේණිගතකිරීම්වල  ඔවුන් අංක 07 ය.  මේ ඔවුන්ගේ රටය. ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ය. ඔවුන්ගේ තණ තීරුය.

තරගාවලිය සම කරන මේ ජයග්‍රහණය අපට වැදගත් වන්නේ ඒ නිසාය. ක්‍රිකට් පරිවර්තනයවන බවට වූ සාධනීය අදහසක් සහිතව අපට සුබ වාදීව මේ ක්‍රීඩාව දෙස බලා සිටින්නට අවස්ථාව සැලසී ඇති බව නම් ලියා තැබිය යුතුය.

Share69Tweet43
Previous Post

බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු වීමට භාෂ්වර එකඟ වෙයි: බැසිල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

Next Post

මෝදර චතුරට පැය 72 ක රැඳවුම් නියෝග! බ්ලූමැන්ඩල් සංඛටත් හෙට රැඳවුම් නියෝග ගන්න සූදානම්!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.