සෙනසුරාදා, ජූලි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු වීමට භාෂ්වර එකඟ වෙයි: බැසිල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

by editor
ජූනි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපතිවරයා ලෙස කටයුතු කළ භාෂ්වර ගුණරත්න, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට එකඟ වී ඇතැයි Sunday Times වාර්තා කර තිබේ. බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ගුණරත්න, 2014 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයට දන්වා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බවයි. ඒ අනුව තම සේවාදායකයා මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස බැසිල් රාජපක්ෂ නම් කරන බවයි. දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අමරසේන වරෙන්තුවක් ද නිකුත් කළේය.

මීට අමතරව, භාෂ්වර ගුණරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් ජූනි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කෙරිණි.

බැසිල් රාජපක්ෂ වෙත ජාත්‍යන්තර සිතාසියක් (summons) නිකුත් කිරීමට අධිකරණයේ නියෝගයක් අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය. ඌව පළාත් සභා මැතිවරණය සඳහා ටී-ෂර්ට් මුද්‍රණය කර ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

RelatedPosts

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

පළමු මාස 6 රේගු ආදායම ඉලක්කය ඉක්මවයි: රුපියල් ට්‍රිලියන 1.37ක් උපයයි!

Share69Tweet43
Previous Post

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම අද අත්සන් කරන බව ට්‍රම්ප් කියද්දී ඉරානය බෑ කියයි!

Next Post

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

Related Posts

MahindaR
පුවත්

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

ජූලි 4, 2026
පුවත්

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

ජූලි 4, 2026
Customs
පුවත්

පළමු මාස 6 රේගු ආදායම ඉලක්කය ඉක්මවයි: රුපියල් ට්‍රිලියන 1.37ක් උපයයි!

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
MahindaR

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

ජූලි 4, 2026

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

ජූලි 4, 2026
Customs

පළමු මාස 6 රේගු ආදායම ඉලක්කය ඉක්මවයි: රුපියල් ට්‍රිලියන 1.37ක් උපයයි!

ජූලි 4, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!
  • සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!
  • පළමු මාස 6 රේගු ආදායම ඉලක්කය ඉක්මවයි: රුපියල් ට්‍රිලියන 1.37ක් උපයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.