බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෘත්තිකයන් නිහඬව සිටිද්දී ඇමතිට උමතු ගව රෝගය හැදුනුවිට රටට වෙන දේ…

by editor
සැප්තැම්බර් 22, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

කාබනික ද්‍රව්‍ය රටට ගෙන ඒම සඳහා පිළිගත් ප්‍රමිතියක් තිබේ.  රට සම්බන්ධව නෛතික පදනම එයය. එය මේ රටේ විද්වත්හු විටෙක අපට ප්‍රකාශ කළහ.

ලෝකයේ මහා සම්භාවිත යැයි කියාගන්න පරීක්ෂණාගාරවල සහතික තිබෙන්නට පුලුවන. එහෙත්  රටේ ප්‍රකාශිත නීති ප්‍රකාරව     කාබනික පොහොර සාම්පලයක් පවා රට තුළට ගැනීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service – NPQS) මගින් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කලයුතු වේ.

ගෙන්වන කාබනික ද්‍රව්‍යවල ප්‍රමිතිය නිශ්චිතව තහවුරු කළ යුත්තේ මේ රටය.

එහිදී   SLSI 1704 ප්‍රමිතියට අනුව ජීවීන් රහිත නම් පමණක් රට තුළට එම කාබනික පොහොර ගැනීම අනුමත වේ.  මෙම ජීවීන් රහිත කාබනික පොහොරේ ජීවී ක්‍රියාවලිය ආරම්භ වන්නේ සජීවී පොළොවට එක් කළ පසුය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

චීන පොහොර ප්‍රමිතිය තහවුරු කර අතිද?

ප්‍රශ්නය මතුවන්නේ   ආනයනික චීන පොහොර ජීවානුහරණය කළ බව කොතැනකවත් සඳහන් නොවීමය.   එයම මේ පොහොර තොගය රටට නොගෙන්වීමට  ප්‍රමාණවත්ය.

තවද මේ  පොහොරවල ක්ෂුද්‍රජීවීන් සිටින බව රට තුළ සිදුකළ පර්යේෂණ වාර්තා තහවුරු  කළේය.

ඒ  පර්යේෂණ වාර්තාව අනුව  අනුව Erwinia සහ Bacillus  ඛාන්ඩයන්ට අයත් බැක්ටීරියා විශේෂත් Gram positive  හා Gram negative ලෙස පමණක් වර්ගීකරණය කරන ලද ඉන් ඔබ්බට හඳුනා නොගත් බැක්ටීරියා විශේෂ කිහිපයක් ද වාර්තා වී තිබිණි.

එසේ නම් මූලිකම කාරණාව පැහැදිලිය. පළමුවත් දෙවනුවත් කී ආකාරයට මේ පොහොර කිසිම ආකාරයකට නෛතික පදනමක් මත නම් රට තුළට ඇතුළු කළ නොහැකිය.

ඔහු කියන දේ අසා නැත.

රටේ විද්වත්හු   යළි යළිත් පැහැදිලි කිරීම් කළහ.  රටක් නිරෝධායන ක්‍රමවේද භාවිත කරන්නේ ඇයි?. එහි අරමුණු මොනවා ද?. එහි ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ කෙසේ ද? ඔවුහු හැකි පමණින් පැහැදිලි කළහ.

එහෙත් නොදන්නා බැක්ටීරියා වෛරස් දිලීර අඩංගු නැති බව  විද්‍යාත්මකව තහවුරු කර නැති කාබනික ද්‍රව්‍ය ටොන් ගණනක් රටක නිරෝධායන ප්‍රතිපත්තියේ මූලික හරය කුඩු කර දමා ගෙන්වීමට  සූදානම්ය.

ඔහු කිසි දෙයක් අසා නැත.

අද උදේ නෙත් එෆ්එම් බැලුම්ගලට එක් වෙමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ යළිත් ස්වකීය   කතාවම කීවේය.

ඔහු කියන කතාවට සාවධානව සවන් දෙන්න.
“ටෙන්ඩර් පටිපාටියට අනුව ජාත්‍යාන්තර පරීක්ෂණගාරයකින් රික්වෙස්ට් රිපෝට් ඇවිත් තියනවා. එකේ කිසිවක් නෑ.“

“දැන් අනෙක් සාම්පල් දෙක මේ රටට එනවා. ඒක ආවට පස්සෙ තමයි අපි බලලා තීරණය කරන්නේ ආනයනය කරනව ද නැද්ද කියලා.“

“ඒත් පොහොර ලේකම් කාර්යලයෙන් පොහොර සාම්පල් ටිකක් ගෙන්න ගත්තා භූමියෙ වගා කරන්න.  ඒ ගෙන්වපු ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදියි. එතැනදි සාම්පල කලවම් උනාද කියන සැකයක් අප සතුව තියනවා. ඒක අපි ලොකුවට සැලකිල්ලට ගන්න අවශ්‍ය නෑ. “

“පොහොර ආනයනය කරලා ඒක සමත් වුනත් ලංකාවට ආවට පස්සේ අපි නැවතත් වරායෙන් ගොඩබාන්න කලින් පොහොර නිර්දේශ කරනවා.  මේ රටේ මිනිස්සුන්ට සතුන්ට හා ශාඛවලට හානි කරන කිසිදු බැක්ටීරියාවක් ඉන්න පොහොරක් අප ආනයනය කරන්නෙත් නෑ. රට තුළට ගෙන්වන්නෙත් නෑ. “

මහින්දානන්ද කියන ජාත්‍යාන්තර පරීක්ෂණ වාර්තාව ගැන ඉතාම නිරවුල් පැහැදිලිකිරීමක් මීට දෙදිනකට පෙර ලංකාසරට  පේරාදෙණිය විශ්විද්‍යාලයේ පාංශු විද්‍යාඥ අචාර්ය වර්ශි දන්දෙනිය කතා කළාය.

“ ජර්මනියේ පිහිටි මෙම පර්යේෂණාගාරය  පරීක්ෂණ කරනු ලැබුවේ මිනිසාට ව්‍යාධිජනක  තෝරාගත් ක්ෂුද්‍රජීවී කාණ්ඩ කිහිපයකට පමණයි.

ඔවුන් හරහා පරීක්ෂා කළේ මේ පොහොර සාම්පල්වල ඇති සැල්මොනෙල්ලා සහ ඊකොලායි ක්ෂුද්‍රජීවීන් ගැනයි.      මේ විශේෂ දෙක ජීවත්ව වර්ධනය වන්නේ අසූචි මිශ්‍ර පසෙහියි.

මේ ක්ෂුද්‍ර ජීවීන් නොමැති බව එම වාර්තාවේ දක්වා තිබෙනවා.   එහෙත් මේ කිසිදු පරීක්ෂණ  වාර්තාවක මේ පොහොර සාම්පලයක අඩංගු  බැක්ටීරියා හෝ දිලීර ප්‍රමාණ ගැන කිසිම සඳහනක් නෑ. වෛරස් වර්ග තිබේදැයි දන්නේත් නැහැ.

අප්‍රකාශිත යතාර්ථය නම්  ශාකවලට හානිකර විය හැකි වෙනත් ක්ෂුද්‍ර ජීවීන් නොමැති බව මේ පරීක්ෂණාගාර වාර්තාව  තහවුරු කර නැති බවයි.“

නීතිය නැවීම –

මහින්දානන්ද කියන්නෙ අහිතකර ක්ෂුද්‍රජීවීන්  සහිත පොහොර රටට ගෙන්වන්නේ නැති බවය.  පළමු කාරණාවනම්  ජීවී කාබනික පොහොරක් හෝ පොහොර කොටසක් මේ රටට ගෙන්වීමට නීතියෙන් අවසර නැති බවය.

ක්ෂුද්‍ර ජීවින් වාර්තාවුණු කාබනි පොහොර කලවම් වීමක් සිදුවී ඇති බවට ඔහු සැක කරයි. ඒ නිසා ඒ පිලිබඳව වැඩිය කල්පනා නොකරන ලෙස අපට උපදෙස් දෙයි. අද රටට එන ඔහුගේ සුපිරි සාම්පලය පරීක්ෂා කර බලා තහවුරු කිරීමෙන් පසු රටට පොහොර ගෙනන බව කියයි. වරායේ දී කරන පරීක්ෂාවක් ගැන කියයි. අහිතකර ක්ෂුද්‍රජීවීන් නැති පොහොර රට තුළට ගෙන එන බව කියයි.

රටේ මූලික නෛතික පදනම උල්ලංඝනය කරමින්   පොහොර ටොන් ගණනක් නැව් ගත කිරීමට සලස්වා අවසානයේ දී පුරුද්දට කළ යුතු සාම්පල පරීක්ෂාව ගැස්සී ගිය විට හතරවරං කෙළින ඇමතිවරයෙක් චීනයේ සිට ගෙන්වන පොහොර තොගය වරායේ දී ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතීමත් ආශ්වාදජනකය.

සියල්ලම තිබුණාවේ.  ප්‍රමාණික විද්වතුන් ක්ෂුද්‍රජීවීන්ගේ හැසිරීමේ ස්වරූපය මේ තරම් නිරවුල් ලෙස පැහැදිළි කර තිබිය දී මේ මනුස්සයා කාබනික පොහොරවල සිටිනා හිතකර අහිතකර ක්ෂුද්‍රජීවීන් පිළිබඳ තක්සේරු කර රටට සහතික කරන්නේ  කෙසේ ද?.  අපේ ගමේ   බේබදු සයිමා කටගොන්නක් බීගෙන  ගංජා ගැසූ විටවත් මෙවැනි නිර්භීත කතා කියන්නේ නැත.

“සමහර ව්‍යාධිකාරක ජීවීන් කිහිපයක් හැරුණු විට බොහොමයක් ජීවීන්ගේ හිතකර අහිතකර බව ඉතාම සාපේක්ෂයි. ඔවුන් ඇතුලුවන පරිසරයේ සිටින අනෙකුත් ජීවීන් සමග ඇති අන්තර්ක්‍රියා තමයි ඔවුන්ගේ හිතකර හෝ අහිතකර බව තීරණය  කරන්නේ. “

“තේරුම් ගත යුතු බිහිසුණුම තත්වය වන්නේ  සමහර ක්ෂුද්‍ර ජීවීන් ආක්‍රමණශීලී ගති පෙන්වා නව පලිබෝධකයින් බවට පත්වීමට ඇති හැකියාවයි. “

“පරීක්ෂණාගාර තුළත් අප අරමුණු කොට සොයා නොබලන බහුතරයක් වූ ක්ෂුද්‍ර ජීවීන් අතර ව්‍යාධිකාරකයින් සහ හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඕනෑ තරම් සිටිය හැකියි“ ආචාර්ය වර්ශි දන්දෙනිය මීට දෙදිනකට පෙර අපට කීවාය.

වසර පනහක් තිස්සේ පර්යේෂණ ක්ෂේත්‍රයට  විපුල ඤාණ සම්භාරයක් ප්‍රදානය කළ ලෝ ප්‍රකට විද්වත් පාංශු ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක් වූ පේරාදෙණිය විශ්විද්‍යාලයේ  සම්මානිත මහාචාර්ය ආනන්ද කුලසූරිය අද ගුවන් විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙමින් කාබනික    පොහොර නොව යම් කාබනික කොටසක් හෝ කුමණ රටකින්වත් රට තුළ වැද්ද නොගත යුත්තේ කුමක් නිසාදැයි කීවේය. එසේ ගෙන්වීමට එරෙහි වූ අතීතයක් ගැන හෙළිදරවු කළේය.

“ මා ඔවුන්ට පැහැදිලි කළා එහෙම කාබනික ද්‍රව්‍ය  ගෙනාවොත් සිද්ධ වෙන විනාශය ගැන. එම පැහැදිලි කිරීම කළේ හරිත වගාවක් සඳහා පළවෙනි ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රැස්වීමෙදි. මගෙ පැහැදිලි කිරීමෙන් පස්සේ  ඔවුන් රටට පොරොන්දු වුනා කිසිම කාබනික ද්‍රව්‍යයක් රට තුළට ගෙන්වන්නෙ නෑ කියලා.

ඒත් අද ඔවුන් ටොන් ගණනින් කාබනික පොහොර ගෙන්වනවා. අපි කිව්වා වගේම ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් වාර්තාවෙලා තියනවා. මේ ව්‍යාධිජනක අපි කවුරුත් දන්න මුලු කෘෂිකර්මාන්තයම විනාශ කළ හැකි ඒවා. ඒත් අපි කියන කිසිම දෙයක් මේ අය අහන්නෙ නෑ. මට දුකයි මේ රටේ මිනිස්සු පත්වෙන්න යන තත්වය ගැන.“

මහාචාර්ය කුලසූරිය කීවේය.

විනාශය පිළිබඳ සියලු අනතුරු ඇඟවීම් ප්‍රකාශිතය. එහෙත් ඔවුහු දෙවන නීත්‍යානුකූල සාම්පලයක් ගැන කතා කරති. ඒ  සාම්පලය සාර්ථක වූ පසු ගෙන්වන පොහොර   නැවත නිර්දේශ කිරීම් ගැන කතා කරති. මූලික ප්‍රමිතිය උල්ලංඝණය කර ගෙන්වන පොහොර තොගයෙන් රටට අහිතකර ක්ෂුද්‍ර ජීවින් වද්දාගන්නේ නැති බවට තහවුරු කරති.

මේ උමන්නතක අතාර්කික හැසිරීමේ කෙළවර පැහැදිලිය. එහෙත් නොතේරන යමක් තිබේ. විද්වත්හු කීප දෙනෙක් පමණක් එළිපිට අදහස් දක්වති. සමහරු හෘදය සාක්ෂියට අනුව ජඩ වැඩ කරන්න බැරි බව කියමින් ඉල්ලා අස්වී මුණිවත රකිති.

අප කරවටක් ගිලී ඇත්තේ තේරුම්ගත නොහැකි බිහිසුණු නිහැඬියාවකය.

විද්වත් යැයි කියාගන්න පාර්ශව තමන් විශාරද භාවයට පත් විෂය පථය දේශපාලන උම්මන්තකයින්ට  අවභාවිතා කිරීමට ඉඩ හැර   ඇස් පනාපිට සිදුවන ව්‍යසනය දැක නොදැක මෙන් සිටිති. ප්‍රාමාණිකයන්ගේ  මේ මිදුණු නිහැඬියාව  මෝඩ කෘෂිකර්ම ඇමතිවරයාගේ උමතුවට වඩා බෙහෙවින්ම  බරපතල ව්‍යසනයක් නිර්මාණය කරන බව  පමණක් ලියා තබමු.

අප දන්නේ එක ඇත්තක්  පමණි.  වෘත්තිකයන්  නපුංසකයන්වන රටක අනාගතය වඳය.

මේ ලිපිත් කියවන්න…

අපි චීනෙට රැවටිලා ද? නැතිනම් අපි අපිම රැවටෙනව ද?… උමතු පොහොර කතාවේ මුල මැද අග

 මේ පොහොර ගෙන්වීම  රටේ මිනිස්සු මහා අනතුරකට ඇද දමාවි… මට   තියෙන්නෙ විශාල කණගාටුවක්…. මහාචාර්ය ආනන්ද කුලසුරිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකානු බලාගාර ගිවිසුම රටේ නීතියටත් යටත් නොවන එකක්! වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියයි

Next Post

ඇමති පුතෙකුට  නොසැලකූ පොලිස් රෝහලේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක් ලෑස්තියි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.