බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අපි චීනෙට රැවටිලා ද? නැතිනම් අපි අපිම රැවටෙනව ද?… උමතු පොහොර කතාවේ මුල මැද අග

by editor
සැප්තැම්බර් 18, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ආචාර්ය වර්ශි දන්දෙනිය – කෘෂිකර්ම පීඨය, පාංශු විද්‍යා දෙපාර්තමේන්තුව,
(විශේෂ සංවාදයක් ඇසුරින් සැකසිනි)

කාබනික පොහොර ටොන් අනූනවදහසක් චීනයෙන් ගෙන්වීමට සියල්ල සූදානම්ය.  මේ සම්බන්ධව රට තුළ විද්වතුන් මතුකරන ගැටලු මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා විසඳන්නට හදන්නේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව   කැඳවීමෙනි. රටේ නීතියටත් වංගු දමා විද්‍යාත්මක වාර්තා  මත පදනම්ව ඇති දත්ත අතුගා  මේ කෘෂිකර්ම ඇමතිවරයා තමන් ගෙන්වන චීන පොහොරේ කිසිම අහිතකර ව්‍යාධි ජනකයක් නැති බව තහවුරු කරන බව පවසයි.

මෙතැන ඇත්තේ මුග්ධ දේශපාලනයට එපිටින් ගිය කතාවකි. ජනප්‍රිය රසායනික පොහොර මාෆියාව තොරොම්බල් කරමින් කරන්නට යන මේ ව්‍යසනය කුමක් විය හැකිදැයි අපි ප්‍රමාණිකයන් විමසුවෙමු.

මේ දැක්වෙන්නේ පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ  ආචාර්ය වර්ශි දන්දෙනිය සමග ලංකාසර කළ සාකච්ඡාවකින් සකස් කළ සටහනකි.

Dr-Warshi-Dandeniya
ආචාර්ය වර්ශි දන්දෙනිය

කාබනික පොහොර ආනයනය පිළිබදව  රටේ පිළිගත් නෛතික පදනම,

රටේ ප්‍රකාශිත නීති ප්‍රකාරව     කාබනික පොහොර සාම්පලයක් පවා රට තුළට ගැනීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service – NPQS) මගින් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කලයුතු වේ.  එහිදී   SLSI 1704 ප්‍රමිතියට අනුව ජීවීන් රහිත නම් පමණක් රට තුළට එම කාබනික පොහොර ගැනීම අනුමත වේ.  මෙම ජීවීන් රහිත කාබනික පොහොරේ ජීවී ක්‍රියාවලිය ආරම්භ වන්නේ සජීවී පොළොවට එක් කළ පසුය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එහෙත්  මෙම ආනයනික චීන පොහොරව වල ක්ෂුද්‍රජීවීන් සිටින බව පර්යේෂණ වාර්තා සඳහන් කරයි. ඒ අනුව Erwinia සහ Bacillus  ඛාන්ඩයන්ට අයත් බැක්ටීරියා විශේෂත් Gram positive  හා Gram negative ලෙස පමණක් වර්ගීකරණය කරන ලද ඉන් ඔබ්බට හදුනා නොගත් බැක්ටීරියා විශේෂ කිහිපයක් ද වාර්තා වී ඇත.

එසේ නම් මූලිකම කාරණාව පැහැදිලිය. මේ පොහොර කිසිම ආකාරයකට නෛතික පදනමක් මත නම් රට තුළට ඇතුළු කළ නොහැකිය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිළිගත් පිටරට ආයතනයකින් මෙම පොහොරවල ක්ෂුද්‍රජීවී පරීක්ෂණය ප්‍රමාණවත් ද?

චීනයෙන් ගෙන්වන කාබනික පොහොර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිළිගත් පිටරට  පර්යේෂණාගාරයකින් සමීක්ෂණය කර අහිතකර ක්ෂුද්‍රජීවීන් නැති බව තහවුරු කළේ යැයි ප්‍රකාශිතය.

නමුත් ජාත්‍යන්තර ව පිළිගත් මෙම පර්යේෂණාගාරය  හරහා පරීක්ෂණ කරනු ලැබුවේ මිනිසාට ව්‍යාධිජනක  තෝරාගත් ක්ෂුද්‍රජීවී කාණ්ඩ කිහිපයක් පමණි.

ඔවුන් හරහා පරීක්ෂා කළේ මේ පොහොර සාම්පල්වල ඇති සැල්මොනෙල්ලා (Salmonella) සහ කොලිෆෝර්ම් ඛාන්ඩයේ (coliform) ක්ෂුද්‍රජීවීන් ගැනය.   මේ විශේෂ  ජීවත්ව වර්ධනය වන්නේ අසූචි මිශ්‍ර පසෙහිය.

මේ ක්ෂුද්‍ර ජීවීන් මෙහි නොමැති බව එම වාර්තාවේ දක්වා තිබේ.   එහෙත් මේ කිසිදු පරීක්ෂණ  වාර්තාවක මේ පොහොර සාම්පලයක අඩංගු  සම්පූර්ණ බැක්ටීරියා හෝ දිලීර ප්‍රමාණ ගැන කිසිම සඳහනක් නැත. වෛරස් වර්ග තිබේදැයි දන්නේත් නැත.

අප්‍රකාශිත යතාර්ථය නම්  ශාකවලට හානිකර විය හැකි වෙනත් ක්ෂුද්‍ර ජීවීන් නොමැති බව මේ පරීක්ෂණාගාර වාර්තාව  තහවුරු කර නැති බවය.

මේ  එන්නේ මුහුදු ශාඛවලින් හැදූ කාබනික පොහොර ද?

චීන පොහොර නිෂ්පාදනය කර ඇත්තේ   මුහුදු පැළෑටි (seaweed) භාවිතයෙන් බව නිසා Erwinia නම් බැක්ටීරියාව එහි සිටිය  නොහැකි බව   මාධ්‍ය ඔස්සේ  ඔවුහු රටට කියති.

සැබෑය.

Erwinia නම් බැක්ටීරියාවට  මුහුදු ජලය වැනි අධික ලවණතාවක් ඇති පරිසරවල ජීවත්  වන්නට නොහැකිය. ඒ  නිසා කෙසේවත් මුහුදු පැළෑටි පමණක් භවිතා කර නිෂ්පාදනයවන පොහොරක  Erwinia  සිටිය නොහැකිය.

නමුත් රසායනාගාර පරීක්ෂණවල දී මෙම චීන පොහොරේ උක්ත Erwinia බැක්ටීරියාව ඇති බව වාර්තා වේ. මෙම පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතයත්  සියයට  10-15 අතර ඇති බව පැවසේ. එසේ නම්  මේ දත්ත    තහවුරු කරන්නේ  මේ පොහොර මුහුදු පැලෑටි   පමණක්  යොදාගෙන නිෂ්පාදනය කළ එකක් නොවන බවය.

විමසිය යුතු වැදගත්ම දේ විමසමි.

අපි චීනට රැවටිලාද?. නැතිනම් අප  අපවම රවටගන්නවාද?

Erwinia
Erwinia බක්ටීරියාව

පොහොර ගෙන්වීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිලිගන්නා පරීක්ෂණාගාරකින් වාර්තාවක් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් ද?

පොහොර ගෙන්වීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිලිගන්නා පර්යේෂණයාතනයකින්  වාර්තාවක් ලබා ගැනීම ප්‍රමාණවත් බව ඔවුහු අපට කියති.

ලංකාවේ පර්යේෂණාගාරයකින්  පරීක්ෂා කළේ  නිකමට බවත් එවැනි අවශ්‍යතාවයක් පැන නොනගින බවත් පවසති.

මෙය සාහසික සාවද්‍ය ප්‍රකාශයක් බව කිව යුතුව ඇත.

රටේ ප්‍රකාශිත නීති ප්‍රකාරව නියමිත ක්‍රමවේදයට අනුව කාබනික පොහොර සාම්පලයක් පවා රට තුළට ගැනීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service – NPQS) මගින් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කලයුතු  බව මුලින්ම පෙන්වා දුන්නෙමි.

SLSI 1704 ප්‍රමිතියට අනුව ජීවීන් රහිතනම් පමණක් රට තුළට එම කාබනික පොහොර ගැනීම අනුමත වේ.  මෙම ජීවීන් රහිත කාබනික පොහොරේ ජීවී ක්‍රියාවලිය ආරම්භ වන්නේ සජීවී පොළොවට එක් කළ පසු බව මුලින්ම දැක්වූයෙමි.

හානිකර ක්ෂුද්‍රජීවීන් ගැන ඔවුන් නිර්වචනය කරන්නේ
කුමණ පදනමක පිහිටා ද?

පාර්ශව කිහිපයක් විසින් ‘ජීවීන් රහිත’ යන්න ‘හානිකර ජීවීන් රහිත’ ලෙස වෙනස් කර කෙසේ හෝ මෙම පොහොර තොගය රට තුළට ගැනීමට බිය ජනක උත්සාහයක යෙදෙමින් සිටිති.  අහිතකර ක්ෂුද්‍රජීවීන් ඇති පොහොර කිසිසේත්ම ගෙන්වන්නේ නැති බව ඔවුහු අපට සහතික වෙති.

හානිකර ජීවින් සම්බන්ධ මේ පුද්ගලයින් අර්ථ දක්වන්නේ කෙසේද?. කුමණ නිර්නායක ඔසසේ ද?.

සමහර ව්‍යාධිකාරක ජීවීන් කිහිපයක් හැරුණු විට බොහොමයක් ජීවීන්ගේ හිතකර අහිතකර බව ඉතාම සාපේක්ෂය. ඔවුන් ඇතුලුවන පරිසරයේ සිටින අනෙකුත් ජීවීන් සමග ඇති අන්තර්ක්‍රියා ඔවුන්ගේ හිතකර හෝ අහිතකර බව තීරණය  කරන්නේය.

තේරුම් ගත යුතු බිහිසුණුම තත්වය වන්නේ  සමහර ක්ෂුද්‍ර ජීවීන් ආක්‍රමණශීලී ගති පෙන්වා නව පලිබෝධකයින් බවට පත්වීමට ඇති හැකියාවය.

එසේම පර්යේෂණාගාරවල භාවිතා කරන කල්චර් කිරීම් පදනම් කරගත් ( culture based) ක්‍රම මගින් අපට තොරතුරු ලැබෙන්නේ  පරීක්ෂා කරන සාම්පලවල ඇති ක්ෂුද්‍රජීවී ගහණයෙන් 10%ක පමණි.  එනම් ඉතා සුලුතරයක් ගැන පමණි. පර්යේෂණාගාර තුළ වගා කළ නොහැකි සහ අප අරමුණු කොට සොයා නොබලන බහුතරයක් වූ ක්ෂුද්‍ර ජීවීන් අතර ව්‍යාධිකාරකයින් සහ හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඕනෑ තරම් සිටිය හැකිය.

මේ ඔස්සේ වයිරස පැමිණීමේ අවදානම  ගැන කවුරුවත් කතා කරන්නේ නැත.  වයිරස පිලිබඳ විමසීමක් ද දැනට නැත.  මෙම පොහොර හරහා රෝග කාරක වයිරස ද පැමිණිය හැකිය.  ඒ නිසාම  දැනට භාවිතාවන ඔය කියන තත්ත්ව පරික්ෂා   ප්‍රමාණවත් වන්නේ නැත.

ගොවියාට අවශ්‍ය කාබනික පොහොර රට තුළ නිෂ්පාදනයෙන් පමණක් පිරිමසාලීමට මේ අවස්ථාවේ  හැකියාවක් නැති බව පිළිගත යුතුය.

ඒ නිසා නිලධාරීන් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවත් ඇත්තය.

නමුත් පැමිණීමට නියමිත කාබනික පොහොර ගෝරනාඩුවට බිය වී, කිහිපදෙනෙකුට  අයථා ලෙස මුදල් ඉපයීමට ඉඩ දෙමින්,  රටේ සමස්ථ පාරිසරික පද්ධතියම අනතුරේ හෙලන්නේ  කුමණ පදනමක් මත දැයි  විමසීමට තරම් පෞරුෂයක් මේ රටේ විද්වත් වෘත්තිකයන්ට තිබිය යුතු බව විශ්වාස කරමි.

දැනට වාර්තාවන ක්ෂුද්‍රජීවී ඛාණ්ඩවන   Erwinia , Bacillus,  Gram positive bacteria  හා Gram negative bacteria  හරහා විය හැකි හානිය කුමක් විය හැකි ද?

Erwinia බැක්ටීරියාවේ පැතිරීම     බැලීමට පරීක්ෂණ රාශියක් තිබේ.  නිතර   දක්නට ලැබෙන  මෙම ක්ෂුද්‍රජීවියා තමන්ට ආවේනික හැසිරීම  පරිසර තත්වයන් අනුව අනුවර්ථනය කර ගනී.

අප දන්නා ආකාරයට මේ ක්ෂුද්‍රජීවියාගෙන්  වැඩිම බලපෑම  සිදුවන්නේ කැරට්, බීට්, අර්තාපල් , නෝකොල් සහ සලාද වැනි එළවළු භෝගවලටය. මෙම විශේෂය මගින් බෝගවලට වන බලපෑම මේ වනවිට ලංකාවේ පිළිගත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. වැඩිම හානිය සිදුවන්නේ බෝගයේ පසු අස්වනු අවධියේ දීය. ඒ තත්වය තුළ Erwinia අඩංගු කාබනික පොහොර ලංකාවට රැගෙනන ඒමෙන් නිර්මාණය විය හැකි තත්වය පිළිබඳ කිසිම තක්සේරුවක් රටට නැත.

Bacillus යනු විශාල බැක්ටීරියා ඛාණ්ඩයකි.   ශාඛ සහ සත්ව රෝග ඇතිකරන්න බලපාන බැක්ටිරීයා විශේෂ ගණනාවක් මේ ඛාණ්ඩයට අඩංගුය.

පොහොරෙහි අඩංගු බව කියන  Gram positive bacteria සහ  Gram negative bacteria යනු බැක්ටීරියාවන් මූලිකවම වර්ගීකරණය කරනු ලබන විශාල ඛාණ්ඩ දෙකකි.  ඔවුන් අයත් විශේෂය කුමක්දැයි වාර්තාවේ සදහන් නොවන බැවින් ඔවුන්ගේ අවදානම පිලිබඳ පූර්ව නිගමනයන්ට එලැඹීමට නුපුළුවන .

ලංකාවේ ගොවිබිම්වල තෙතමනය අධිකය.  ඒ නිසාම Erwinia වැනි ක්ෂුද්‍රජීවීන්ගේ  වර්ධන වේගය  වැඩිය.

නමුත් තේරුම් ගත යුත්තේ  Erwinia ක්ෂුද්‍රජීවීන්  ජීවත්වන  තත්වයක මේ සාම්පලවල සිටින සියල්ලන්ටම පැවතිය හැකි බවය.

වගකීම් සහිත දියුණු රටවල කරන්නාක් මෙන් තමන්ගේ  නිෂ්පාදනයේ අන්තර්ගතය සහතික කරන පිළිගත හැකි පරීක්ෂණ වාර්තාවක් මෙම පොහොර තොගය සමග පැමිනෙන්නේ නැත.

gram-positive-vs.-gram-negative
gram positive සහ gram-negative බැක්ටීරියා

මේ බැක්ටීරියා ඛාණ්ඩයේ අඩංගු බැක්ටීරියා විශේෂ  ගැන කිසිවෙක් දැනුම්වත් නැත්තේ ඇයි..

මේ පොහොර සමග එන  බැසිලස් ඛාණ්ඩයේ බැක්ටීරියාවන් මොනවා දැයි තවම කිසිවෙක් දන්නේ නැත. ප්‍රමිති ආයතනයත්  එම ඛාණ්ඩයේ  කුමන බැක්ටීරියා විශේෂ අඩංගු දැයි ප්‍රකාශ කර නැත. ඔවුන්ට එසේ කිරීමට අවශ්‍යත් නැත.

රටේ නීතිය අනුව කිසිම ක්ෂුද්‍රජීවියෙක් සහිත කාබනික කොටසක් රට තුළට ඇතුළු කිරීම තහනම්ය.  එබැවින් මෙම ක්ෂුද්‍ර ජීවින් අඩංගු බව තහවුරු  වීමත් සමග එම සාම්පලය එතැනින් ඔබ්බට සියුම්  විශ්ලේෂණයන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.

අනෙක් කාරණාව නම් මෙවැනි බැක්ටීරියා සහිත ජීවී ද්‍රව්‍ය මෙම පොහොරේ අඩංගු නම් ඒ සමගම මේ පොහොර ගොවීන් වෙත යෑමට පෙර ආක්‍රමණශීලී ජීවීන් ගැන සියල්ල සෙවිය යුතුය.  ඒ සඳහා සියුම් විශ්ලේෂණ වාර්තාවක් අවශ්‍ය වේ.

මෙවැනි තත්වයක් තුළ  මේ පොහොර තොගය ලංකාවට ගෙන්වනු ලැබුවහොත්  වරායේ දී මේවා අහඹු ලෙස සාම්පල් කර පරීක්ෂණ කළ යුතුය.

ගොඩනැගෙන තත්වය මේ තරම් ව්‍යාකූල නම් එවැනි අවසන් පරීක්ෂණයක  ස්වරූපය කුමක් විය හැකි ද?.

තත්ත්වය  තේරුම් ගැනීම අපි ඔබට භාර කරමු…..

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකයට ඇති වගකීමත් හෑල්ලු කර කොවිඩ් දත්ත අයාලේ යන හැටි වෘත්තිකයෝ කියති!

Next Post

සුදුලූනු වංචාව ඇල්ලු පාරිභෝගික අධිකාරිය අධ්‍යක්ෂකට මරණ තර්ජන!  ඉල්ලා අස්වෙන්නත් කියයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.