කොවිඩ් ආසාදිත රෝගීන් ගේ දත්ත සහ එන්නත්කරණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා වගකිවයුතු එක් ආයතනයක් නොතිබීම නිසා සමස්ථයක් ලෙස පර්යේෂණ ආයතන මට්ටමින් කොවිඩ් සම්බන්ධ සියලු දත්ත විශ්ලේෂණයක් කළ නොහැකිව ඇතැයි වාර්තා වේ.
නිශ්චිත දත්ත ලබා ගත නොහැකි වීමෙන් දත්ත මත සිදුකළ යුතු විශ්ලේෂණ කිසිවක් කළ නොහැකි ව ඇති බවත් මෙම දත්ත විශ්ලේෂණයන්ගෙන් කොවිඩ් මර්දනය සහ කළමනාකරණයට අදාල තොරතුරු රැසක් ලබා ගත හැකි බවත් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරි සහ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්යය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා පවසයි.
කොවිඩ් පාලනය සඳහා ජනතා මුදලින් කරන සියලු කටයුතුවල තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතුව තිබෙන බව පැහැදිලි නමුත් විවිධ කණ්ඩායම් විසින් මේ වන විට එම අයිතිය අහිමි කර තිබෙන බව ද මහාචාර්යයවරයා කීය.
කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිකාර එන්නත්කරණය සහ පාලනය වෙනුවෙන් වැයකරන්නේ ජනතා මුදල් බැවින් එම මුදල් පරිහරණය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දීම රජයේ වගකීමක් බව ද හෙතම කීය.
පවතින ගෝලීය වසංගතය සම්බන්ධයෙන් පුළුල් අවකාශමය සහ සංඛ්‍යානමය විශ්ලේෂණය න් සිදුකර එම වාර්තා සහ තොරතුරු සෙසු රටවල් සමග බෙදා ගැනීම ගෝලීය වසංගතයේදි සෑම රටකම වගකීමක් වන බවද මහාචාර්යයවරයා කියා සිටියේය.
කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වයක් බැවින් ඒ ඒ රටවල රෝග ව්‍යාප්තිය ප්‍රතිකාර සහ එන්නත්කරණය සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ මාලාවක් සැලසුම් කිරිම සහ ක්‍රියාත්මක කිරීම සෑම රටකම වගකීමක් බවද හෙතෙම අවධාරණය කළේය.