fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

පොසොන් පෝ දා අනුරාධපුරය ජන ශූන්‍ය වන්නේ ඉතිහාසයේ මුල්ම වරට ද?

editor by editor
ජූනි 5, 2020
in සංස්කෘතිය
0
ඡායා රූපය - සුනෙත් අබේරත්න- අන්තර්ජාලයෙනි

ඡායා රූපය - සුනෙත් අබේරත්න- අන්තර්ජාලයෙනි

Share on FacebookShare on Twitter

අද (05) පොසොන් පොහොය දිනයය.

සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධව ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිිස්තුපූර්ව 544 දි හෝ 543 දී එය සිදුවූ බවය. මේ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තුපූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව). දලවශයෙන් අනුමාන කළහොත් අප මෙවර සමරන්නේ මහින්දාගමනයෙන් පසුව යෙදෙන 2327 වැනි පොසොන් පොහොය දිනය ය.

RelatedPosts

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

සියවස් දෙකකට පෙර වැටුණු “දළදා වැස්සේ”  ඇසින් දුටු සාක්ෂිය!

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

මහින්දාගමනයට පෙර ලංකාවේ බුද්ධාගම

ආචාර්ය සිරාන් දැරණියගලයන් අනුරාධපුර ඇතුළු නුවර ඇසුරෙහි හමුවන උත්තර කාල උද්දීප්ත මැටි බඳුන් පිළිබඳ වාර්තා කළේය. මේ මැටි බඳුන් විශේෂය බුද්ධ කාලීන භාරතීය සංඝයා වහන්සේ   පාත්‍රා ලෙස භාවිත කළහ.  කල්තොට , කූරගල, දියවින්න ආශ්‍රිත පුරාණ ලෙන් ගැන ශාස්ත්‍රීය පර්යේෂණයක් කළ මහාචාර්ය රාජ් සෝමදේවයන්ට අනුව  ඒ පරිශ්‍රවලින්  හෙළි වන්නේ  මහින්දාගමනයට පෙර පැවති ලාංකේය බෞද්ධ සංස්කෘතියක ස්වරූපය ය. විජයාවතරණයට පෙර අනුරාධපුර ඇතුලු නුවර පැවතියේ ආසියාවේ ප්‍රධාන වෙළෙඳ නගර 05 න් එකක් ලෙස බව ආචාර්ය දැරණියගලයෝ පෙන්වා දෙති. ඒ අනුව දැවැන්ත ජාත්‍යාන්තර සම්පර්කයක් සහිත ලංකාවට තත්කාලීන බෞද්ධ ලෝකයේ ප්‍රභාව  නොවැටීමට සාධාරණ හේතුවක් නැත.  දැනට සම්භාවනාවට ලක්වන එක් විද්වත් මතයක් වන්නේ මහින්දාගමනයට පෙර ලාංකිකයන් බුදු දහම දැනගෙන සිටි බවය.  ලංකාව තුළ බුදු දහම ව්‍යාප්ත වී මුල් බැසගත් පහසු ආකාරය ගැන විමසන විට මේ තර්කයෙහි ඇති යථාර්ථවාදී ස්වරූපය තහවුරු වේ.

මහින්දාගමනය.

බුදු සමය රැගෙන මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ප්‍රත්‍යන්ත දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙසය. අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇතිවන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවක ස්වරූපයත් මේ ධර්ම දූත කාර්යය තුළ ගැබ්වී තිබේ.

මොග්ගලීපුත්ත තිස්ස මහා තෙරනුවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංවිධානයවන ධර්ම දූත මෙහෙවරෙහි අතිශය ඵලදායී ධර්ම දූත කාර්යය ඉටු කරනු ලබන්නෝ මිහිඳු හිමියෝය. මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශික්ෂණය ලබමින් පුරා තුන් වසරක් උන්වහන්සේ ධර්ම විනය ප්‍රගුණ කළහ. අනතුරුව අතිශය විචක්ෂණව ස්වකීය ධර්ම දූත මෙහෙවර සැලසුම් කළහ.

ධර්ම දූත මෙහෙයෙහි යෙදිය යුතු කාලය  එන තුරු එතුමෝ ඉවසූහ. මහලු මුටසීව රජුගේ ඇවෑමෙන්  දෙවන පෑ තිස් නිරිදු රාජ්‍යයට පත් වන තෙක් කල් ගත කළහ. ධර්ම දූත මෙහෙවර සිදුවන්නේ අරිට්ඨ ඇමතිවරයා හරහා සිදුවන රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවර දෙකකින් අනතුරුවය. එමෙන්ම මිහිඳු හිමියෝ  ලක්දිව වැසියන්ගේ භාෂා ව්‍යවහාරය ප්‍රගුණ කර තිබුණහ. දේශනා කළ යතු ධර්ම කොටස් පිළිබඳ අධ්‍යයනයක් කර තිබුණහ. එමෙන්ම මේ ධර්ම දූත මෙහෙවරෙහි ප්‍රභල දේශපාලනික ගැඹුරක් ද තිබිණි.

මිහිඳු හිමියෝ අශෝක අධිරාජ්‍යයාගේම පුතනු කෙනෙක් වූහ. එතුමාගේ ආගමනයෙන් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වඩම්මාගෙන මෙහෙණි සස්න පිහිටුවීම සඳහා ලක්දිවට වඩින සංඝමිත්තාවෝ අශෝක අධිරාජ්‍යයාගේ දියණියෝ වූහ. මිහිඳු හිමිගේ ධර්ම දූත කණ්ඩායමේ වන්නෝ ඉත්තිය, උත්ථිය, සම්බල, බද්ධසාල, හිමිවරුත්, සුමන සාමනේරයන් වහන්සේ හා භණ්ඩුක නැමැති උපාසකත්ය. සුමන සාමනේරයන් ගිහිකළ සංඝමිත්තාවගේ පුතනුවෝ ය. ලංකාවෙහි ධර්ම දූත මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා අශෝක රජුගේ විශේෂ අභිලාෂය ඉන් කැපී පෙනේ.

එමෙන්ම මිහිඳු හිමියන් ලංකාව තුළ බුදු සමය හා සංස්කෘතික පිළිවෙත ස්ථාපිත කළ ආකාරය ප්‍රකට කරන්නේ  රජ  කෙනෙකුට උචිත පෞරුෂය, උපේක්ෂාව හා අතිශය තීක්ෂණ බුද්ධිමය සැලසුමක ප්‍රායෝගිකත්වය ය. මිහිඳු හිමියන්ගේ අසාමාන්‍ය කළමණාකාරන හැකියාව මේ ධර්ම දූත මෙහෙවරන් පෙනේ.

මහින්දාගමනය යථාර්ථයක් ද?

මහාවංසයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී තිබේ. මේ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.

දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රජපැමිණීමෙන් 8 වන වර්ෂයෙහි සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුරපක්ෂයෙහි අටවක දාය. ( මහාවංස, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංසය, 20 පරිච්ඡේදය, 46 – 47 ගාථා).  මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ සාධක අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.

“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”.

පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත මෙම සෙල් ලිපියේ සඳහන්වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංසයේ ඇති  ඓතිහාසික වැදගත්කමය.

චිරාත් කාලයක් තිස්සේ සිංහල බෞද්ධයෝ වෙසඟට සමාන බැතියකින් යුතුව පොසොන් උළෙල සැමරූහ. රෝ බිය, දුර්භික්ෂ බිය පැතිර ගිය බොහෝ දුර්ග සමයන්හි දී ද, මේ රටේ මිනිස්සු පොසොන් සැමරුම අත් නොහළහ. මහා වනදහනට වැසී අනුරාධපුරය මලවුන්ගේ නගරයක් වූ පොලොන්නරු යුගයෙන් පසු අවධිවල දී ද පොසොන් පොහොයට අනුරාධපුරය හුදකලා වූයේ නැත.  කොලරා වසංගතය පැතිරෙමින් උතුරුමැද ගම්මාන ජන ශූන්‍ය වන එක්දහස් අටසීය දශකයේ මැද භාගයේ දී  රට වටින් පැමිණ  පොසොන් සැමරූ මිනිසුන් පිළිබඳ අයිවර්ස් සිය වාර්තාවල දැක්වීය. මේ අප්‍රමාණ භක්ති පූර්ව වන්දනාව තුළ මේ රටේ  බෞද්ධ සංස්කෘතියේ ප්‍රවේශය හා බැඳුණු කෘතගුණ ප්‍රදානයක් සහිත අනුස්මරණයක් ගැබ් වී තිබිණි.

එහෙත් අද ඉතිහාසයේ වාර්තාවන මුල්ම අවස්ථාව ලෙස පොසොන් පොහොයට අනුරාධපුරය ජන ශූන්‍ය වන්නේය. කොවිඩ් වසංගය පොසොන් සංස්කෘතියත් අනාගතයේ දී නව සාමාන්‍යකරණයට අනුව හැඩ ගස්වනු ඇත. දන්සල් සංස්කෘතිය, වන්දනා පිළිවෙත, මුලුමනින්ම පුරෝකථනය වනු ඇත. එය ලෝක යථාර්ථයට එකඟය. බුදුන් වහන්සේ දේශනාවල හරාත්මක පදනම ම ඒ ලෝක යථාර්ථයේ ස්වරූපය ය.

ජාලිය වීරක්කොඩි

 

 

Tags: විශේෂ
Share72Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

විදෙස්වල සිට එන කාටත්  කොරෝනා පරීක්ෂා කිරීම ගැන ජනපතිගෙන් තීන්දුවක්…

Next Post

රගර් නිසා මරණය මග හැරගත් කොලොම්බියාවේ සම්පත

RelatedPosts

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….
පුවත්

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

සැප්තැම්බර් 21, 2023
සියවස් දෙකකට පෙර වැටුණු  “දළදා වැස්සේ”  ඇසින් දුටු සාක්ෂිය!
සංස්කෘතිය

සියවස් දෙකකට පෙර වැටුණු “දළදා වැස්සේ”  ඇසින් දුටු සාක්ෂිය!

අගෝස්තු 30, 2023
මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…
සමාජ

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

අගෝස්තු 19, 2023
Next Post
රගර් නිසා මරණය මග හැරගත්  කොලොම්බියාවේ සම්පත

රගර් නිසා මරණය මග හැරගත් කොලොම්බියාවේ සම්පත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • රාජ්‍ය ඇමතිගේ ව්‍යාපාරික මාමණ්ඩිය ඝාතනයට හේතුව තවම හෙළි වී නෑ… ඝාතනය ගැන අසා කරාපිටිය රෝහලේ මිනිස්සු පිරෙති!

    243 shares
    Share 97 Tweet 61
  • කාර්ගීල්ස් ෆුඩ් සිටි මැරයන් අත් අඩංගුවට…

    283 shares
    Share 113 Tweet 71
  • රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කරයි…

    427 shares
    Share 171 Tweet 107

නවතම ලිපි

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නවතම ලිපි

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

Rahula

කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

by editor
සැප්තැම්බර් 24, 2023
0

St. Anthony's-Girls'-College

කූඨ ලේඛණ යොදා දරුවන් පාසලට ගත් ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය පොලිසියට දෙන ප්‍රකාශ රහසිගතව පටිගතකර අසුවෙයි!   

by editor
සැප්තැම්බර් 24, 2023
0

ඉන්දියාවෙන් නිවේදනයක්! ඔක්තොම්බර් 20ට පෙර මගී යාත්‍රාවක් එවා තමිල්නාඩු  –  මන්නාරම් බෝට්ටු සේවය අරඹනවා…

ඉන්දියාවෙන් නිවේදනයක්! ඔක්තොම්බර් 20ට පෙර මගී යාත්‍රාවක් එවා තමිල්නාඩු  –  මන්නාරම් බෝට්ටු සේවය අරඹනවා…

by editor
සැප්තැම්බර් 24, 2023
0

රාජ්‍ය ඇමතිගේ ව්‍යාපාරික මාමණ්ඩිය  ඝාතනයට හේතුව තවම හෙළි වී නෑ… ඝාතනය ගැන අසා කරාපිටිය රෝහලේ මිනිස්සු පිරෙති!

රාජ්‍ය ඇමතිගේ ව්‍යාපාරික මාමණ්ඩිය ඝාතනයට හේතුව තවම හෙළි වී නෑ… ඝාතනය ගැන අසා කරාපිටිය රෝහලේ මිනිස්සු පිරෙති!

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

සැප්තැම්බර් 25, 2023
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…
  • පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.