බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රගර් නිසා මරණය මග හැරගත් කොලොම්බියාවේ සම්පත

by editor
ජූනි 5, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

13 හැවිරිදි වියේ පසුවූ ඇන්ඩ්‍රියා කොලොම්බියාවේ මෙඩලින් නුවරදී ඝාතනයට ලක්වුණේ 2010 නොවැම්බර් 17 වැනිදායි. එදා ඇය ඇගේ මිතුරිය ඉසබෙල් සමග නගරයෙන් පිට ඇවිදින්න යන්නයි සැලසුම් කර තිබුණේ.  ඒත් එක්තරා හේතුවක් මත ඇන්ඩ්‍රියා සමග නොයාමට ඉසබෙල් තීරණය කර තිබුණා. එදා වැරැදි තැනක, වැරදි වෙලාවක ඇන්ඩ්‍රියා ඝාතනයට ලක්වෙද්දී ඉසබෙල් ඇගේ ටවුමේ වෙන තැනකයි සිටියේ.

අද වෙද්දී 23 හැවිරිදි වියේ පසුවන ඉසබෙල් රොමේරෝ මීට අවුරුදු දහයකට කළින් සිය ජීවිතය වෙනස් කළ සිදුවීම ගැනත්, ඇගේ ළමා වියේ මිතුරිය ඇන්ඩ්‍රියාගේ ඝාතනය ගැනත් ඊයේ පෙරේදා මාධ්‍යයට අනාවරණය කළා. 

ඇය ජීවත්වුණේ මරණය දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වූ නගරයකයි. එය කොලොම්බියාවේ වැඩිම ජනගහණය ඇති දෙවැනි නගරයයි. 2010 වසරේ දී මෙඩලින් නගරයේ සිදුවූ මරණ සංඛ්‍යාව 2023ක්.  ඇන්ඩ්‍රියාත් ඒ අතර සිටියා. 

ඉසබෙල් දැන් කියන්නේ ඔවුන් දෙදෙනා ඒ කාලයේ වැරැදි පාරක ගිය බවයි. වීදි කොනේ රංචු ගැසී කාලය කා දැමීමත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු කොල්ලන් හා එක්රොක්වීමත් ඒ කාලයේ ඇයටත්, ඇගේ මිතුරිය ඇන්ඩ්‍රියාටත් නැතිවම බැරි දෙයක් බවටයි පත්ව තිබුණේ. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පාන්දර 4.30ට අවදිවී පැය තුනක් ඇවිද ගොසින් සුළු රැකියාවක නිරතවන මව උපයන සොච්චම් මුදලින් ජීවත්වීම ඇයටත්, ඇගේ කුඩා සොයුරිය යුරේනිටත් එපාවෙලා තිබුණේ. මුදල් උපයන්න ඊට වඩා පහසු ක්‍රම ගැනයි ඉසබෙල් නිතරම කල්පනා කළේ. මෙඩලින් නුවර අපරාධ කල්ලියකට එකතුවීමෙන් ඒ අරමුණ ඉටු කරගත හැකි බවත් ඇය දැන සිටියා. 

ඒත් එදා ඒ දෛවෝපගත දිනය වෙද්දිත් ඇය කිසිම අපරාධ කල්ලියකට සම්බන්ධව සිටියේ නෑ. එය විශාල වරදක් බවයි ඇගේ පුංචි සිතට දැනුණේ. ඒ වෙනුවට තම මිතුරිය ඇන්ඩ්‍රියාත්, තවත් මිතුරියන් පිරිසකුත් සමග නගරයෙන් පිට ගම්බඳ ස්ථානයක සති අන්තය ගත කරන්නට ඇය තීරණය කළා. 

මේ සියල්ල වෙනස් වුණේ එක්තරා ඔට්ටුවක් නිසයි.

කොලොම්බියා කාන්තා රගර් කණ්ඩායම

ඇන්ඩ්‍රියාගේ ඝාතනයට සති කිහිපයකට පෙර කොලොම්බියාවේ පළමු රග්බි ක්‍රීඩාංගණය විවෘත වුණා. එය පිහිටා තිබුණේ දරුණු සමාජ පරිසරයක් ඇති මෙඩලින් නුවරමයි. එය නගරයෙන් උතුරට වන්නට පිහිටි කැස්ටිලා ප්‍රදේශයේ ක්‍රීඩා සංකීර්ණයකට අයත් වුණා. කැස්ටිලා තමයි ඉසබෙල්ගේ උපන්බිම. ඇගේ නිවෙස පිහිටා තිබුණේ රග්බි ක්‍රීඩාංගණයට නිවාස කිහිපයකට ඈතිනුයි.  රග්බි ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩකයන් පුහුණුවීම්වල නිරතවෙනු දැක බලාගැනීමට එක්රොක් වුණු පිරිස අතර ඇයත් සිටියා. 

එකවරම ඇගේ මිතුරියක් ඇයට කියා සිටියේ මෙවැනි විශාල ශක්තියක් වැය කිරීමට සිදුවන ක්‍රීඩාවකට ඉසබෙල්ට නම් කිසිදිනෙක යොමු විය නොහැකි බවයි. ක්ෂණිකවම එය ඔට්ටුවකට පෙරලුණා. ඔට්ටුව කොලොම්බියා මුදලින් පෙසෝස් විසිදහසක්. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දහසක් පමණ. 

ඉසබෙල් දැන් ඒ සිදුවීම සිහිපත් කරන්නේ මෙහෙමයි.

‘මම මහත වැඩි නිසා මට සෙල්ලම් කරන්න බෑ කියලයි එයාලා කිව්වේ. මා ගැන එයාලා එහෙම කතා කරන එකට මම ආසා නෑ.‘ 

ඉතින් එදා ඒ දෛවෝපගත දිනයේ 2010 නොවැම්බර් 17 වැනිදා ඉසබෙල් සිය මිතුරිය ඇන්ඩ්‍රියා මුණ ගැසීම අමතක කර ඔට්ටුව දිනන්න රග්බි ක්‍රීඩාංගණයට ගියා. ඇගේ පැමිණීම රග්බි පුහුණුකාරිනිය ඇලෙජන්ඩ්‍රා බිටන්කර් ඉතා සතුටින් පිළිගත්තා. අවුරුදු 12ක ජාත්‍යන්තර අත්දැකීම් ඇති කොලොම්බියානු රග්බි සුපිරි තාරුකාව ඇලෙන්ජන්ඩ්‍රා තමයි දකුණු අමෙරිකාවේ කාන්තා රග්බි ප්‍රවර්ධනයට ලෝක රග්බි සම්මේලනයෙන් පත් කර තිබුණේ. 

ඒ පුහුණුව ඉසබෙල්ගේ සිත් ගත්තා. ඇයට රග්බි ක්‍රීඩාවට පුදුමාකාර ඇල්මක් ඇතිවුණා. නමුත් පුහුණුවෙන් පසුව ඇය නැවත නිවෙසට යද්දී එක්තරා වීදියක ජනතාව එක්රොක්වී සිටිනු පෙනුණා. 

‘කවුදෝ කිව්වා ඇන්ඩ්‍රියා මරා දාලා කියලා. ඔව්…හිස කඳෙන් වෙන් කර ඉතා සාහසික විදියට ඇය මරා දමා තිබුණා. ඒක මගේ ජීවිතයට ලොකු තිගැස්මක් ඇතිකළා. මම ඉතා දරුණු දෙයකට මැදිවෙලා ඉන්න බවත්, ඉන් බේරෙන්න නම් එක්කෝ ඊට ප්‍රතිචාර දැක්වි යුතුයි නැතිනම් අතහැර යා යුතුයි කියලා මට දැනුණා.‘

රග්බි ක්‍රීඩාවේ ආශ්චර්යයෙන් මුසපත්වී සිටි ඉසබෙල් වහාම තීරණයක් ගත්තා. ඇය කියන්නේ ඇගේ ජීවිත කතාව ගොඩ නැගුණේ ඇන්ඩ්‍රියා හා රග්බි ක්‍රීඩාවෙන් බවයි.  

අසූව දශකයේ ලෝකයේ දරුණුතම අපරාධ සිදුවන නගරයක් බවටයි මෙඩලින් නගරය නම් දරා තිබුණේ. විශේෂයෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නායකයකු වූ පැබ්ලෝ එස්කොබාර්ගේ කාලයේදී එය අතිශය දරුණු මුහුණුවරක් ගත්තා. නගරයේ සාමකාමී ජනතාව යම් තරමක හෝ අස්වැසිල්ලක් ලැබුවේ 1993දී එස්කොබාර්ගේ මරණයත් සමගයි. නමුත් සාහසික ඝාතන රැල්ල හා මත්ද්‍රව්‍ය නම් මෙඩලින් නගරයෙන් තුරන් වුණේ නෑ. ඇන්ඩ්‍රියා ගොදුරක් බවට පත්වූයේ එවැනි පසුබිමකදියි. 

මෙවැනි දරුණු අපරාධ සිදුවන දුප්පත් නගරයක රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත වීම අහම්බයක් නෙවෙයි. එය මෙඩලින් නගරසභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව සිතාමතා ගත් තීරණයක්. ඔවුන්ට වුවමනා වුණේ නගරයේ තරුණ රැල්ල රග්බි ක්‍රීඩාව දෙසට හරවා තැබීමයි.

අන්තිමේදී රග්බි ක්‍රීඩාවෙන් ඉසබෙල් ඉහළටම ගියා. ඇය 2012 වසරේ සිට කොලොම්බියා ජාතික කාන්තා රග්බි කණ්ඩායමත් නියෝජනය  කරනවා. ඇගේ කණ්ඩායම 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියටත් සහභාගි වුණා.

දැන් කොලොම්බියානු කාන්තා රග්බි කණ්ඩායම ලොව කාන්තා රග්බි ශ්‍රේණිගත කිරිම්වල 29 වැනි තැනයි පසුවන්නේ. දැන් ඉසබෙල්ගේ මුහුණ සිනහවෙන් පිරුණු එකක්. 

‘රග්බි ක්‍රීඩාවට යොමු වුණේ නැතිනම් මගේ ජීවිතය සිරගෙයින් තමයි නිමාවට පත්වෙන්නේ. රග්බි ක්‍රීඩාව මට මගේ ජිවිතය ආපහු දුන්නා‘ ඇය එහෙමයි කියන්නේ.

දැන් කොලොම්බියාවේ රග්බි ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 18,000කටත් අධිකයි. ඉන් 6,000ක්ම තරුණියන්. දිනෙන් දින මේ සංඛ්‍යාව ඉහළ යනවා. ඉසබෙල් දැන් කොලොම්බියාවේ සුපිරි රග්බි තරුවක්. 

ඉසබෙල් අපිට කියා දෙන පාඩම ජීවිත වෙනස් වෙන්න එක නිමේෂයක් ඇති බවයි. 

 

Tags: නවතම
Share80Tweet43
Previous Post

පොසොන් පෝ දා අනුරාධපුරය ජන ශූන්‍ය වන්නේ ඉතිහාසයේ මුල්ම වරට ද?

Next Post

ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.