අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

පොසොන් පෝ දා අනුරාධපුරය ජන ශූන්‍ය වන්නේ ඉතිහාසයේ මුල්ම වරට ද?

by editor
ජූනි 5, 2020
in සංස්කෘතිය
ඡායා රූපය - සුනෙත් අබේරත්න- අන්තර්ජාලයෙනි

ඡායා රූපය - සුනෙත් අබේරත්න- අන්තර්ජාලයෙනි

Share on FacebookShare on Twitter

අද (05) පොසොන් පොහොය දිනයය.

සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධව ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිිස්තුපූර්ව 544 දි හෝ 543 දී එය සිදුවූ බවය. මේ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තුපූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව). දලවශයෙන් අනුමාන කළහොත් අප මෙවර සමරන්නේ මහින්දාගමනයෙන් පසුව යෙදෙන 2327 වැනි පොසොන් පොහොය දිනය ය.

මහින්දාගමනයට පෙර ලංකාවේ බුද්ධාගම

ආචාර්ය සිරාන් දැරණියගලයන් අනුරාධපුර ඇතුළු නුවර ඇසුරෙහි හමුවන උත්තර කාල උද්දීප්ත මැටි බඳුන් පිළිබඳ වාර්තා කළේය. මේ මැටි බඳුන් විශේෂය බුද්ධ කාලීන භාරතීය සංඝයා වහන්සේ   පාත්‍රා ලෙස භාවිත කළහ.  කල්තොට , කූරගල, දියවින්න ආශ්‍රිත පුරාණ ලෙන් ගැන ශාස්ත්‍රීය පර්යේෂණයක් කළ මහාචාර්ය රාජ් සෝමදේවයන්ට අනුව  ඒ පරිශ්‍රවලින්  හෙළි වන්නේ  මහින්දාගමනයට පෙර පැවති ලාංකේය බෞද්ධ සංස්කෘතියක ස්වරූපය ය. විජයාවතරණයට පෙර අනුරාධපුර ඇතුලු නුවර පැවතියේ ආසියාවේ ප්‍රධාන වෙළෙඳ නගර 05 න් එකක් ලෙස බව ආචාර්ය දැරණියගලයෝ පෙන්වා දෙති. ඒ අනුව දැවැන්ත ජාත්‍යාන්තර සම්පර්කයක් සහිත ලංකාවට තත්කාලීන බෞද්ධ ලෝකයේ ප්‍රභාව  නොවැටීමට සාධාරණ හේතුවක් නැත.  දැනට සම්භාවනාවට ලක්වන එක් විද්වත් මතයක් වන්නේ මහින්දාගමනයට පෙර ලාංකිකයන් බුදු දහම දැනගෙන සිටි බවය.  ලංකාව තුළ බුදු දහම ව්‍යාප්ත වී මුල් බැසගත් පහසු ආකාරය ගැන විමසන විට මේ තර්කයෙහි ඇති යථාර්ථවාදී ස්වරූපය තහවුරු වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහින්දාගමනය.

බුදු සමය රැගෙන මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ප්‍රත්‍යන්ත දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙසය. අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇතිවන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවක ස්වරූපයත් මේ ධර්ම දූත කාර්යය තුළ ගැබ්වී තිබේ.

මොග්ගලීපුත්ත තිස්ස මහා තෙරනුවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංවිධානයවන ධර්ම දූත මෙහෙවරෙහි අතිශය ඵලදායී ධර්ම දූත කාර්යය ඉටු කරනු ලබන්නෝ මිහිඳු හිමියෝය. මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශික්ෂණය ලබමින් පුරා තුන් වසරක් උන්වහන්සේ ධර්ම විනය ප්‍රගුණ කළහ. අනතුරුව අතිශය විචක්ෂණව ස්වකීය ධර්ම දූත මෙහෙවර සැලසුම් කළහ.

ධර්ම දූත මෙහෙයෙහි යෙදිය යුතු කාලය  එන තුරු එතුමෝ ඉවසූහ. මහලු මුටසීව රජුගේ ඇවෑමෙන්  දෙවන පෑ තිස් නිරිදු රාජ්‍යයට පත් වන තෙක් කල් ගත කළහ. ධර්ම දූත මෙහෙවර සිදුවන්නේ අරිට්ඨ ඇමතිවරයා හරහා සිදුවන රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවර දෙකකින් අනතුරුවය. එමෙන්ම මිහිඳු හිමියෝ  ලක්දිව වැසියන්ගේ භාෂා ව්‍යවහාරය ප්‍රගුණ කර තිබුණහ. දේශනා කළ යතු ධර්ම කොටස් පිළිබඳ අධ්‍යයනයක් කර තිබුණහ. එමෙන්ම මේ ධර්ම දූත මෙහෙවරෙහි ප්‍රභල දේශපාලනික ගැඹුරක් ද තිබිණි.

මිහිඳු හිමියෝ අශෝක අධිරාජ්‍යයාගේම පුතනු කෙනෙක් වූහ. එතුමාගේ ආගමනයෙන් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වඩම්මාගෙන මෙහෙණි සස්න පිහිටුවීම සඳහා ලක්දිවට වඩින සංඝමිත්තාවෝ අශෝක අධිරාජ්‍යයාගේ දියණියෝ වූහ. මිහිඳු හිමිගේ ධර්ම දූත කණ්ඩායමේ වන්නෝ ඉත්තිය, උත්ථිය, සම්බල, බද්ධසාල, හිමිවරුත්, සුමන සාමනේරයන් වහන්සේ හා භණ්ඩුක නැමැති උපාසකත්ය. සුමන සාමනේරයන් ගිහිකළ සංඝමිත්තාවගේ පුතනුවෝ ය. ලංකාවෙහි ධර්ම දූත මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා අශෝක රජුගේ විශේෂ අභිලාෂය ඉන් කැපී පෙනේ.

එමෙන්ම මිහිඳු හිමියන් ලංකාව තුළ බුදු සමය හා සංස්කෘතික පිළිවෙත ස්ථාපිත කළ ආකාරය ප්‍රකට කරන්නේ  රජ  කෙනෙකුට උචිත පෞරුෂය, උපේක්ෂාව හා අතිශය තීක්ෂණ බුද්ධිමය සැලසුමක ප්‍රායෝගිකත්වය ය. මිහිඳු හිමියන්ගේ අසාමාන්‍ය කළමණාකාරන හැකියාව මේ ධර්ම දූත මෙහෙවරන් පෙනේ.

මහින්දාගමනය යථාර්ථයක් ද?

මහාවංසයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී තිබේ. මේ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.

දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රජපැමිණීමෙන් 8 වන වර්ෂයෙහි සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුරපක්ෂයෙහි අටවක දාය. ( මහාවංස, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංසය, 20 පරිච්ඡේදය, 46 – 47 ගාථා).  මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ සාධක අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.

“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”.

පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත මෙම සෙල් ලිපියේ සඳහන්වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංසයේ ඇති  ඓතිහාසික වැදගත්කමය.

චිරාත් කාලයක් තිස්සේ සිංහල බෞද්ධයෝ වෙසඟට සමාන බැතියකින් යුතුව පොසොන් උළෙල සැමරූහ. රෝ බිය, දුර්භික්ෂ බිය පැතිර ගිය බොහෝ දුර්ග සමයන්හි දී ද, මේ රටේ මිනිස්සු පොසොන් සැමරුම අත් නොහළහ. මහා වනදහනට වැසී අනුරාධපුරය මලවුන්ගේ නගරයක් වූ පොලොන්නරු යුගයෙන් පසු අවධිවල දී ද පොසොන් පොහොයට අනුරාධපුරය හුදකලා වූයේ නැත.  කොලරා වසංගතය පැතිරෙමින් උතුරුමැද ගම්මාන ජන ශූන්‍ය වන එක්දහස් අටසීය දශකයේ මැද භාගයේ දී  රට වටින් පැමිණ  පොසොන් සැමරූ මිනිසුන් පිළිබඳ අයිවර්ස් සිය වාර්තාවල දැක්වීය. මේ අප්‍රමාණ භක්ති පූර්ව වන්දනාව තුළ මේ රටේ  බෞද්ධ සංස්කෘතියේ ප්‍රවේශය හා බැඳුණු කෘතගුණ ප්‍රදානයක් සහිත අනුස්මරණයක් ගැබ් වී තිබිණි.

එහෙත් අද ඉතිහාසයේ වාර්තාවන මුල්ම අවස්ථාව ලෙස පොසොන් පොහොයට අනුරාධපුරය ජන ශූන්‍ය වන්නේය. කොවිඩ් වසංගය පොසොන් සංස්කෘතියත් අනාගතයේ දී නව සාමාන්‍යකරණයට අනුව හැඩ ගස්වනු ඇත. දන්සල් සංස්කෘතිය, වන්දනා පිළිවෙත, මුලුමනින්ම පුරෝකථනය වනු ඇත. එය ලෝක යථාර්ථයට එකඟය. බුදුන් වහන්සේ දේශනාවල හරාත්මක පදනම ම ඒ ලෝක යථාර්ථයේ ස්වරූපය ය.

ජාලිය වීරක්කොඩි

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

විදෙස්වල සිට එන කාටත්  කොරෝනා පරීක්ෂා කිරීම ගැන ජනපතිගෙන් තීන්දුවක්…

Next Post

රගර් නිසා මරණය මග හැරගත් කොලොම්බියාවේ සම්පත

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.