බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…

සුරත් ගේ සයිබර් කොලම 05

by editor
ජූනි 5, 2020
in කොලම
05

05

Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරියෙකු විසින් දණහිස බෙල්ලට තබා සිරකර ගෙන සිටීම නිසා, අත්ඩංගුවේ සිටි ඇෆ්‍රිකන් ඇමරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් හුස්ම හිරවී මිය ගියේය. මේ මිනිස් ඝාතනය නිමිති කොට ගෙන ‘සමාජ අසාධාරණයට’ එරෙහිව ඇමරිකාව පුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ඇරඹී අදට දින දහයකි.

මේ සිද්ධිය ලංකාවේ වුණා නම් එහෙම වන්නේ නැත.

මිනිස් ඝාතන පිළිබඳ රසකර වාර්තා කිරීම මාධ්‍ය සදාචාරයට පටහැනි බැවින් රජයේ රෑපවාහිනි එවැන්නක් සිදු නොවුනාක් මෙන් සිටියි. ඒ වෙනුවට පොලිස් සුබසාධන අංශය විසින් කොරෝනා නිරෝධායන රැඳවියන් සදහා සංවිධානය කළ පොසොන් දන්සලක් පිළිබඳව ප්‍රවෘත්තියක් විකාශය කරයි.

එක්තරා පුද්ගලික නාලිකාවට නම් මෙය විකාශය නොකර සිටිය නොහැකිය. මිනීමැරුමේ වීඩියෝව දුටු තප්පරයෙ පටන් හිමිකරුගේ සිට ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මතු නොව හඩ කැවීම් ශිල්පීහු ද නලියන්නට ගනිති. මර්ඩර් එක හිට් කර ගන්නා තෙක් ඔවුන්ට ඉවසිල්ලක් නැත. ඔවුහු භයානක රිද්මයකින් යුතු සංගීතයක් ද යොදා පොලිස් මිනීමැරුම් දර්ශනය නාට්‍යයීකරණය කරති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

හඬ කැවීම් ශිල්පියා ද සිය දායකත්වය ලබා දිය යුතු බව අඩිපොළවේ ගසා තරයේ ප්‍රකාශ කර සිටියි. ඒ බැවින් ජෝර්ජ් අවසානයේ පවසන “මට හුස්ම ගන්න බෑ – මට හුස්ම ගන්න බෑ” වචන ටික කපා ඉවත් කර “මට කිති ඕයි – මට කිති ඕයි” කියා හඬ කවයි.

අවසානයේ, “දේශීය පොලිස් නිලධාරියෙකු විසින් කිතිය නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් සොයා ගනී” යනුවෙන් බ්‍රේකින් නිවුස් එකක් තනා, ටීවී බ්‍රේක් වනතෙක් දින ගණනාවක් තිස්සේ විකාශය කෙරෙයි.

ඝාතනය සිදු කළ නිලධාරියා අත්ඩංගුවෙන් නිදහස් කළ යුතු යැයි අහවල් දේශපාලකයෝ විරෝධතා ව්‍යාපාරයක් අරඹති. අහවල් (2) නාලිකාව ඒ විරෝධතාවේ නිල රෑපවාහිනි විකාශන අයිතිය ලබා ගනී.

මීඩීයාවෝ විරෝධතාකරුවන් සමග ගමින් ගමට යති. ඝාතකයා සංවේදි පියෙකු, ස්වාමියෙකු, පුතෙකු මතු නොව මින් ඉහත අවස්ථා ගණනාවකම රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙකු බව ගවේෂණාත්මක මාධ්‍යකරුවෝ සොයා ගනිති.

මිනිස්සු ඔහු පිළිබඳ වැල නොකැඩී අදහස් දක්වති. “පෝය දවසක මස් නැතුව මාලු උයලා තිබ්බා කියලා එයාට හොඳටම තරහා ගියා. ඇස් වල කදුලු පුරෝගෙන අපිට කන්න තිබුණු මාලු හට්ටිය ගිහින් ඇළට හැලුවා. මේක දැකලා හොඳටම දුක හිතුණු අපේ පුතා, තාත්තා ගෙදර එනකන් පොල්ලක් අරන් රැකලා හිටියා එදාම දිව්‍ය ලෝකේ යවන්න. රටට හිතැති එයා, එදා දේශීය කර්මාන්ත නගා සිටුවන්න ගිහින් ගෙදර ආවේ නෑ. සයිමගෙ කසිප්පු පොළෙන් හොඳට බීලා සුමනත් එක්ක නිදාගෙන. එයා රත්තරං මිනිහෙක්” ඔහුගේ බිරිඳ හැඩූ කදුළින් පැවසුවාය.

මේ අතර, මිය ගිය පුද්ගලයා පැරණි ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධතා තිබූ අයෙකු බවත්, ඒ අවස්ථාවේ ද ඔහුගේ සිරුරට සවිවූ මරාගෙන මැරෙන ආයුධ කට්ටලයක් වූ බවත්, එය නිශ්ක්‍රීය කිරීම සඳහා බෙල්ලේ තිබූ ස්වීචය පයින් අල්ලා මිරිකීමෙන් පොලිස් නිලධාරියා විසින් කරන ලද්දේ නිර්භීත ක්‍රියාවක් බවත්, මෙවැනි පුතුන් ලක්දෙරණේ මතු උපදින්නට හේතු වාසනා බවත්, එක්තරා පුවත්පතක් වැඩිදුරටත් වාර්තා කරයි.

රටේ මෙවැනි පිබිදීමක් ඇති වී තිබෙන්නේ මිය ගිය පුද්ගලයා සුළු ජාතිකයෙකු නිසා බවත්, මැරුණේ මහ ජාතියේ එකෙකු නම් මේ පුවත කිසිවෙකුත් පයිසෙකට මායිම් නොකරන බවත්, මෙය විපක්ෂය විසින් සිය බංකොළොත්බව වසන් කර ගැනීම සඳහා ගෙන යන අසත්‍ය මඩ ප්‍රචාරයක් බවත්, ඒ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රට ජාත්‍යන්තර වශයෙන් කොන් කර ඊළග මැතිවරණයේ දී වාසි ලැබීම බවත්, රජයේ දේශපාලකයෙක් කියා සිටියි.

මේ අවස්ථාවේ පොලිසිය විසින් සිදු කරන ලද්දේ අවම බලය භාවිත කිරීම පමණක් බවත්, මිය ගිය පුද්ගලයාටත් ඉන් සිදු වූයේ අවම හානියක් පමණක් බවත්, ඒ බව පිළිනොගන්නා ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ලංකාව ඉල්ලා අස්විය යුතු බවත්, විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියි.

සමාජ සාධාරණය උදෙසා තැනින් තැන කුඩා කණ්ඩායම් කරන හුදෙකලා සටන් විදේශීය එන්ජීඕ මගින් ආධාර සපයන ලද දේශද්‍රෝහී කුමන්ත්‍රණ බව ආර්ථික විද්‍යව පිළිබඳ ආචාර්ය (ටියුෂන්) පවසයි.

මේ ද්‍රෝහී විරෝධතා වල මූලිකත්වය ගෙන කැපී පෙනෙන්නට හදන උන්, පසුගිය වතාවේ අහවල් දේශපාලන පක්ෂවලට කඩේ ගිය උන් බවත්, ඒ නිසාම උන් මිශ්‍ර ජාන ඇති පරයන් බවත්, බොහෝ විට සමනලුන්ගේ ජාන හා මිශ්‍රවී තිබිය හැකි බවත් ජීව විද්‍යාව පිළිබද ආචාර්ය (ටියුෂන්) පවසයි.

ෆේස්බුක් එකම පොර පිටියක් බවට පත් වෙයි.
කිසිම තේරුමක් නැතුව රටේ ජනයා නොසන්සුන් වී ඇති බව වටහා ගන්නා රජය, තත්ත්වය පාලන කිරීම සදහා සිද්ධිය පිළිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.

“රහස් සංවිධානයක හිටපු ක්‍රියාකරුවෙකැයි සැක කෙරෙන පුද්ගලයකු ආයුධ පෙන්වීම සදහා ගෙන යන ලද අවස්ථාවේ සිය දණහිසෙන් සිය බෙල්ල මිරිකාගෙන ජීවිතක්ෂයට පත් ව ඇත. මින් පසුව අත්ඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයෙකුට, සිය දණහිස සිය බෙල්ල ආසන්නයට ගත නොහැකි වන පරිදි, රජය විසින් සියලු විධි විධාන තර කර ඇති බව, මින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ”

Share93Tweet43
Previous Post

රගර් නිසා මරණය මග හැරගත් කොලොම්බියාවේ සම්පත

Next Post

යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි…

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.