බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උදේ අත් අඩංගුවට ගත් සන්නස්ගල හවස ඇප මත නිදහස් වුනේ කොහොමද?

by editor
අප්‍රේල් 26, 2024
in පුවත්
SANSGALA
Share on FacebookShare on Twitter

බීබීසී –

සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අප්‍රේල් 25 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පස්වරුවේ ඇප මත මුදා හැරිණි.

වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝග කළේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙස ය‍.

‘අදාළ මුදල හිමිකරුට ගෙවා තිබුණා‘

නුවන් ප්‍රදීප් නමැති කඳාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා බව පවසමින් ලබා ගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ ව්‍යාපාරිනකයා පැමිණිල්ල් ඉදිරිපත් කර තිබුණේ, කඳාන පොලිසියට ය.

කඳාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ආපසු ගෙවීමේ පොරොන්දුවක් මත උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇති බවත්, එම මුදල නියමිත දිනයේදී ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවත් කඳාන පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ අතර, උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබූ බව ය.

අධිකරණයෙන් කඳාන පොලිසියට දෝෂාරෝපණයක්!

කෙසේ වෙතත්, පසුව උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුට අදාළ මුදල ගෙවූ බව නීතිඥවරු අධිකරණය හමුවේ තහවුරු කළහ.

ඊට අදාළ රිසිට් පත් ද උසාවියට ඉදිරිපත් කළ නීතීඥවරුන් අධිකරණය හමුවේ පැවසුවේ, මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද, ඔවුන් එය නොසලකා උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ බව ය.

ඒ අනුව, දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

අප කළ විමසුමකදී කඳාන පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ මුදල පැමිණිලිකරුගේ බැංකු ගිණුමකට බැර කර තිබූ බව පසුව දැනගත් බව ය.

මේ අතර, මැයි මස 26 වන දා මේ සම්බන්ධයෙන් අවසන් නඩු වාරය කැඳවා ඇතැයි ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැති අතර, අප්‍රේල් 25 වන දා ෆේස්බුක් ඔස්සේ සජීවීව පෙනී සිටියද එහිදී ඔහු නඩු කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදු කළේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹාන හැඩ කළ ආදි වාසී අවුරුදු උළෙල…

Next Post

කෝටි 150ක වත්කම්වල තහනම ඉවත් කරන්නැයි දෙමටගොඩ රුවන් අධිකරණයෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.