බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

මහා සංස්කෘතික මහෝඝයක් ඉපදවූ වන්දනීය දිනයක සැමරුම!

by editor
ජූනි 3, 2023
in සංස්කෘතිය
poson
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිිස්තුපූර්ව 544 දි හෝ 543 දී එය සිදුවූ බවය. මේ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තුපූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව).   

බුදු සමය රැගෙන මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ප්‍රත්‍යන්ත දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙසය. අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇතිවන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවක ස්වරූපයත් මේ ධර්ම දූත කාර්යය තුළ ගැබ්වී තිබේ.

මොග්ගලීපුත්ත තිස්ස නැමැති මහා තෙරනුවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංවිධානයවන ධර්ම දූත මෙහෙවරෙහි අතිශය ඵලදායී ධර්ම දූත කාර්යය ඉටු කරනු ලබන්නෝ මිහිඳු හිමියෝය. මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශික්ෂණය ලබමින් පුරා තුන් වසරක් ධර්ම විනය ප්‍රගුණ කරන මිහිඳු හිමියෝ මහා පැණවතෙක් වූහයි  පෙනේ.

මිහිඳු හිමිගේ ධර්ම දූත කණ්ඩායමේ වන්නෝ ඉත්තිය, උත්ථිය, සම්බල, බද්ධසාල, හිමිවරුත්, සුමන සාමනේරයන් වහන්සේ හා භණ්ඩුක නැමැති උපාසකත්ය. සුමන සාමනේරයන් ගිහිකළ සංඝමිත්තාවගේ පුතනුවෝ ය. ලංකාවෙහි ධර්ම දූත මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා අශෝක රජුගේ විශේෂ අභිලාෂය මෙන්ම රජනෙකුට උචිත පෞරුෂය, උපේක්ෂාව හා අතිශය තීක්ෂණ බුද්ධිමය සැලසුම් සහිත මිහිඳු හිමියන්ගේ අසාමාන්‍ය කළමණාකාරන හැකියාව මේ ධර්ම දූත මෙහෙවරන් පැහැදිලි වේ.

පොසොන් දිනයේ වැදගත්කම

හෙළ බොදුනුවෝ අනු බුදුන් සේ සලකා තවමත් අප්‍රමාණ වන්දනාවට පාත්‍ර කරන, පෙරහර කරවන, මහා මහින්ද හිමියෝ දෙවන පෑතිස් රජුන් හා හමුව මිහින්තලා  පින්බිමේ වූ යේයැයි වංශකතානුගත සාධක තහවුරු කරයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මහින්ද හිමියෝ පොසොන් පුණු පොහෝ දවස්හි ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල තෙරුන් සිවු දෙනාද, සුමන නම් සාමනේරයන්ද, භණ්ඩුක නම් කුමරාද සමග සිත්කළු මිශ්‍රක පර්වතයෙහි පියල් කුල උතුම් රුචිර අඹතලයෙහි වැඩ සිටි සේකැයි ද ( මහාවංශය, 13 පරිච්ඡේදය, 20 ගාථාව), මුව දඩ කෙළිය පිණිස මිශ්‍රක පවුවට ගිය දෙවන පෑතිස් රජුව පර්වතවාසී දෙවියන් ගෝණ වෙසක් ගෙන මිහිඳු හිමියන් වැඩසිටි අඹතලා පව්ව වෙත රජු රැගෙන ගොස් උන්වහන්සේ වෙත දැක්වූයේ යැයි ද( මහාවංශය, 14 පරිච්ඡේදය, 2-6 ගාථා) මහාවංශය සඳහන් කරයි.

සාහිත්‍යයික උත්කර්ෂයන් අත්හල කළ මහාවංශයේ පරිදි මේ ඓතිහාසික හමුව සිදුවූ බවත්, ඒ හමුවෙන් පසු ආසන්න අවධියේ බුද්ධ ලක්දිව බුද්ධශාසනයේ චිරස්තිථිය සඳහා මේ පින් බිම කේන්ද්‍ර වූ බවත් සාධනය වන පුරාවිද්‍යා සාධක කොතෙකුත් මිහින්තලාවෙන් හමුවේ. මහා මහින්ද ස්ථවිරයන් හා දෙවනපෑතිස් නිරිඳුන්ගේ මේ හමුව අහම්බයක් නොව වඩාත් සැලසුම් සහගත සම්මුඛවීමක් බවට තර්කානුකූලව කල්පනා කළ හැකිය.

පොසොන් පොහොය ලාංකික බෞද්ධයාට වැදගත් වන තවත් ඓතිහාසික කරුණු රැසක් වේය.  රජු හා කෙරෙන සාකච්ඡාවටයකින් අනතුරුව මිහිඳු හිමියන් මුල්ම ධර්මදේශනාව ලෙස චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන්නේ මිශ්‍රක පවුවේදීය.  ඒ  පොසොන් පොහොය දිනයේ දීය.

ඒ ධර්මය ශ්‍රවනය කළ රජ ඇතුළු පිරිවර බුදු සමය වැළඳ ගන්නේය. ( මහාවංශය, 13 පරිච්චේදය, 22-23 ගාථා). මුල්ම නිල ලාංකික බෞද්ධ උපාසක පිරිස ප්‍රකාශයට පත් වන්නේ පොසොන් පොහොය දිනයේ දී ය.

මිහිඳු හිමියෝ මුල්ම රැය පහන් කරන්නේ මිශ්‍රක පවුවෙහිය. ලංකා භූමිය තුළ ගිහි පුද්ගලයෙක් පළමුවරට පැවිදි භූමියට ප්‍රවේශ වන්නේ පොසොන් පොහොය දිනයේ දී ය. මිහිඳු හිමියන් සමග පැමිණි භණ්ඩුක කුමර තෙම පැවිදිව උපසම්පදා ලබා රහත් බවට පත්වූවාහු පොසොන් පොහොය දින  මේ මිශ්‍රක පව්ව ග්‍රාම සීමාවේදීය. ( මහාවංශය, 14 පරිච්ඡේදය, 26 ගාථාව හා 31-33 ගාථා).

මිහින්තලාව

මහින්දාගමනය සිහි කර බෞද්ධ සැදැහැවතුන්ගේ අනුපමේය වන්දනාවට පාත්‍රවන මිහින්තලාව එසේ වන්දනා ලබන්නට සාකල්‍යයෙන්ම සුදුසු වන්නේය. මිහිඳු හිමියන් ඇතුළු සංඝයා මුල්ම වස් කාලය ගත කරන්නේ මිශ්‍රක පවුවෙහිය.   ( මහාවංශය, 16 පරිච්ඡේදය, 8-9 ගාථා). සිංහල භික්ෂු පරම්පරාව ආරම්භ කරමින් මහා අරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු ඔහු කණිටු සොයුරන් 52 ක් සසුන්ගත වන්නේ මිශ්‍රක පවුවෙහිය. ( මහාවංශය, 16 වැනි පරිච්ඡේදය, 10-11 ගාථා). දෙවනපෑතිස් රජතුමා සංඝයා විෂයෙහි ලෙන් 68 ක් කරවා මුල්ම ලෙන් පූජාව කරනු ලබන්නේ මිශ්‍රක පවුවෙහිය. (  මහාවංශය, 16 පරිච්ඡේදය, 12 ගාථාව). දෙතිස් සීමාමාලකයන්ට සීමා බඳවා තුම්බුරුමාලක නම් ඛණ්ඩ සීමාවේ දී අරිට්ඨ හිමියන් ඇතුළු පිරිස උපසම්පදා කරන්නේ මිශ්‍රක පවුවෙහිය.

පසුව මේ මිශ්‍රක පවුව සෑ ගිරිය වන්නේය. ලංකාවට මුල්ම වරට සර්වඥ ධාතූන්වහන්සේලා වඩමවනු ලබන්නේ ථූපාරාමයේ නිධන්  කිරීමටය. ථූපාරාමයේ නිධන් කිරීම සඳහා වඩමවනු ලබන සර්වඥ ධාතූන්වහන්සේලා මුලින්ම තැන්පත් කරන්නේ මිශ්‍රක පර්වතයේය. එතැන් පටන් මිශ්‍රක පර්වතය චෛත්‍ය පර්වතය හෙවත් සෑගිරිය වූ බව මහාවංශය කියන්නේය. ( මහාවංශය, 17 පරිච්ඡේදය, 23 ගාථාව).

අශ්ඨඵලරුහ බෝධීන්ගෙන් එකක් පිහිටුවන ශුද්ධ භූමිය සෑගිරි අරමය. ( මහාවංශය, 19 පරිච්ඡේදය,  62 ගාථාව). මිහිඳු හිමියන් අවසන් වස් කාලය ගත කර පිරිනිවන් පානු ලබන්නේ සෑගිරියෙහිය. ( මහාවංශය, 22 පරිච්ඡේදය, 32-34 ගාථා).

සෑගිරිය බෞද්ධ ජනයාගේ මහත් වූ වන්දනාවට පාත්‍ර වන්නේ මේ ඓතිහාසික යථාර්ථය හේතුවෙනි. ආක්‍රමණිකයෙක් වූ අන්‍යාගමික එළාර රජු පවා චාරිත්‍ර රක්ෂා කරමින් සෑගිරියට ගොස් භික්ෂු සංඝයා හමුවූයේය. ( මහාවංශය, 21 වැනි පරිච්ඡේදය, 21-22 ගාථා). භාතිකාභය රජ දවස චේතියගිරියේ දහසක් පමණ භික්ෂූහු වූහ. උන්වහන්සේලාට නිති දාන සලාකයක් රජු විසින් පිරිනමා තිබිණි. ( මහාවංශය, 34 පරිච්ඡේදය, 63-64 ගාථා).

අභයගිරි විහාරයෙන් ලි 40 ක් හෙවත් සැතපුම් 7 ක් දුරින් පිහිටි චේතියගිරි විහාරයේ භික්ෂූන් දෙදහසක් වැඩ වාසයකරන බව ෆාහියන් කීවේය. රාජ්‍යයේ සියලු දෙනාම ගරු කරනු ලබන ධර්මගුප්ත නම් විශාරද ශීල සම්පන්න හිමි නමක් හතලිස් වර්ෂයකට ආසන්න කාලයක් සෑ ගිරියෙ ලෙනක වැඩ වාසය කරන අයුරුත් උන්වහන්සේගේ අධිශීල සම්පන්න ගුණය ගැනත් ෆාහියන් කියයි.   ( ෆාහියන්ගේ බෞද්ධ රාජධානි සහ වන්දනා ගමන් විස්තරය, චාර්ලිස්ද සිල්වා සංස්කරණය, 2010 මුද්‍රණය, 106 පිටුව).

මහින්දාගමනය යථාර්ථයක් ද?

මහාවංශයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී තිබේ. මේ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.

දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රජපැමිණීමෙන් 8 වන වර්ෂයෙහි සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුරපක්ෂයෙහි අටවක දාය. ( මහාවංශ, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංශය, 20 පරිච්ඡේදය, 46 – 47 ගාථා).  මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.

“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”.   පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත මෙම සෙල් ලිපියේ සඳහන්වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංශයේ ඇති  ඓතිහාසික වැදගත්කමය.

මේ ඓතිහාසික තත්ත්වයන් මත  මිහින්තලා උත්තම බිම් පෙත සැදැහැති බෞද්ධයන්ගේ අඛණ්ඩ වන්දනාවට ලක් විය. අනුරාධපුර රාජධානිය අත්හැරුණු වකවානුවලදී පවා ගැමියෝ දුර්ග මග ගෙවාගෙන මේ පුදබිම වන්දනාවට පැමිණියහ. අදත් රටේ පොදු ජනතාවගේ ප්‍රධාන වන්දනා ගමන පොසොන් පොහොයට අනුරාධපුර යෑමය. මිහින්තලාව වන්දනා කිරීමය. මිලියන ගණන් සැදැහැතියෝ මේ දිනයෙහි අනුරාධපුරයට රොක් වන්නාහ. ඉන් සජීවී සංස්කෘතියක හද ගැස්ම ප්‍රකට වන්නේය.

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොසොන් උත්සවය නිමිත්තෙන් වීදියවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජාණන් පිළිසකර කරයි!

Next Post

ගෑස් මිල යළිත් බහී…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.