කීර්ති ප්‍රනාන්දු
පොසොන් උත්සවය නිමිත්තෙන් මිනුවන්ගොඩ රොෂාන් ජයසිංහ පදනම මගින් රුපියල් ලක්ෂ 10 ක වියදමින් වීදියවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණය හා අභිනව දාන ශාලාවට සිවිලිම සවිකර පූජා කිරීම විහාරස්ථානයේදී සිදු කෙරිණ .
ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති මෙන්ම පංච මහා විහාරාධිපති පූජ්‍ය තෙප්පනාවේ සුමීත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් පරිදි රොෂාන් ජයසිංහ පදනමේ සභාපති රොෂාන් කුමාර ජයසිංහ විසින් මේ සඳහා මුදල් පරිත්‍යාග කර තිබිණ .
සේයාරූ වලින් දැක්වෙන්නේ චෛත්‍යරාජයාණන් වහන්සේ සහ දානශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමෙන් අනතුරුව විහාරාධිපති තෙප්පනාවේ සුනීත හිමියන් හට රොෂාන් කුමාර ජයසිංහ විසින් පූජා කළ අයුරුය.