මගී ප්‍රවාහන දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකට ගැටී ඉන්දියාවේ ඔඩීෂාහි සිදුවූ බරපතල දුම්රිය අනතුරකින් පුද්ගලයින් 300කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා පුද්ගලයින් 50 දෙනෙක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය බරපතල වී ඇත්තේ යශ්වන්ත්පුර් Howrah Superfast දුම්රිය පිලී පැනීමකට ලක්ව ප්‍රතිවිරුද්ධ මාර්ගයේ පැමිණි Coromandel Express දුම්රියේ ගැටීමෙන් බව දුම්රිය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් වූ අමිතාබ් ෂර්මා උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.
අනතුර සිදුවූ ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර විපතට පත් වූවන්ට හැකි සෑම සහයක්ම ලබා දෙන බව ඉන්දීය රජය පොරොන්දු වී ඇත.