කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 300කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඊට සාපේක්ෂව අනෙක් ගෑස් සිලින්ඩරවල ද මිල අඩුවනු ඇති බවය.
වෙළෙඳපොළේ මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි. ඒ අනුව මිල අඩුවන විට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්දහස් තුන්සිය පනහකට ආසන්න මිලක් වනු ඇත.