බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ජන කවියෙන් ආභාසය ලත්  මහ කවියා….   සේකර!

by editor
ජනවාරි 18, 2024
in කලා
Share on FacebookShare on Twitter

ඩබ්. එම්. කල්‍යාණි විජේසුන්දර
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,  සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය –

අඩසිය වසක් ගෙවෙන්නත් පෙරාතුව අකාලයේ සිය ජීවිතයෙන් සමුගෙන යන විට මහගම සේකර (1929 අප්‍රේල් 7- 1976 ජනවාරි 14) කවියෙකු, ගීත රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන් ම සෞන්දර්යය අධ්‍යාපනඥයෙකු ලෙස ද ඒ ඒ ක්ෂේත්‍රවල කීර්තියක් දිනා සිටියේ ය. සේකර දේශීය සංස්කෘතියත් කලා සම්ප්‍රදායත් සමකාලීන ජන විඥානයත් වටහාගෙන කලා නිර්මාණ බිහිකළ කලාකරුවෙකු යැයි ‘මහගම සේකර සහ කලා නිර්මාණ’ ග්‍රන්ථයේ සඳහන් වේ. ව්‍යංගා (කේ. ජයතිලක සමග), සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි සහ ප්‍රබුද්ධ ඔහුගේ කාව්‍ය නිර්මාණයෝ ය. මෙම සඳහන ජනවාරි මස 14 වන දිනට යෙදුන මහගම සේකරගේ 48 වන විපත් ගුණසමරුව නිමිත්තෙනි.

සේකරට අනුව කවිය යනු

සේකර ම පවසන ආකාරයට ‘කවිය වූ කලී කවියාගේ අධ්‍යාත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි. කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වෙයි’ (රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත – පෙරවදන). සිංහල කවිය පෝෂණය කිරීමට සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය මෙන් ම ගැමි කවි, ජන කවි යනුවෙන් හඳුන්වන චූල කාව්‍ය සම්ප්‍රදාය ද ඉවහල් වේ. සේකර ජන කවියට උරුම වූ රුව ගුණ හඳුනා ගනිමින් ජන හදවත් ආමන්ත්‍රණයට සීමා නොවී උගතුන්ට පවා රස විඳිය හැකි ආකාරයේ නිර්මාණ බිහි කිරීමට සමත් විය. කවියෙකු මෙන් ම ගීත රචකයෙකු ද වූ සේකර කවියට මෙන් ම ගීතයට ද මෙම නිර්මාණ ලක්ෂණ මුසු කළේ ය.

සේකර ප්‍රිය කළ ජන කවි බස් වහර

දේශීය ගුණයත් ගැමි සුවඳත් තැවරුණ සේකරගේ නිර්මාණ බොහෝ සහෘදයෝ අදටත් ස්පර්ශ කරති. ව්‍යාංගා පද්‍ය සංග්‍රහයේ සිට ම ඔහු ජන කවි සම්ප්‍රදාය සුභාවිත කළ ආකාරය ගම්‍යමාන ය. මෙම පද්‍ය සංග්‍රහයේ හමු වන නිර්මාණ අතර ‘මරණය’ පද්‍ය පන්තිය, සෑම ජීවියෙකුට ම පොදු වූ එමෙන් ම පෞද්ගලික සංසිද්ධියක් වූ ‘මරණය’ තේමා කර ගනිමින් ඔහු නිර්මාණය කරන්නේ ජන කවි රිද්මය මුසු කරමිනි.
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ (මරණය)
භාවපූර්ණ සහ ධ්වනිපූර්ණ රචනාවක් වශයෙන් මෙම පද්‍ය පන්තිය රචනා කිරීමේ දී සේකර හද බස යොදා ගන්නේ තණ්හාධික මිනිසා සදය උපහාසයට ලක් කරමිනි.
ව්‍යංගා මෙන් ම සක්වාලිහිණි පද්‍ය සංග්‍රහයේ ද ගැමි කාව්‍ය රීතිය සහ බස් වහර යොදා ගනිමින් රචනා කළ පද්‍ය නිර්මාණ හමු වෙයි. නිර්මාණයට තෝරාගන්නා අද්දැකීම හෝ අත්විදීම වඩා හොඳින් සහෘද මනසේ නින්නාද දීමට ඒ නිර්මාණකරුවා උපයුක්ත කරගන්නා බස් වහර අත්‍යන්තයෙන් ම ඉවහල් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජන කවියෙන් ජීවය ලැබූ බස් වහර යොදා ගනිමින් සජීවි චිත්‍රයක් සහෘදයා හමුවට ගෙන එන සේකර ඉතා මැනවින් ගැමි වහර සහ ජන කවි බස සුසංයෝග කරයි. වරෙක සේකරයාණන් බස් වහර පිළිබඳ පුවත්පතකට ඉදිරිපත් කර තිබුණ අපූරු සටහනක් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය සරත් විජේසූරිය මෙසේ උපුටා දක්වති.
පැරැණි කවිය රනබරණ පැළඳ සිටින රදළයකු වැන්න. ජන කවිය චීත්ත රෙද්දක් හා ඔපනැලි හැට්ටයක් ද ඇඳ සිටින ගැමි ලියක් මෙනි. නූතන කවි ගමේ හැදී වැඩි චාම් ඇඳුමින් සැරසී කොළඹ කාර්යාලයක වැඩට එන තරුණියක මෙන් විය යුතු යැයි සිතේ. ඈ ගැමි ලිය මෙන් ග්‍රාම්‍ය නැත. කුරුදුවත්තේ ගැහැණියකගේ විකාර විලාසිතාද ඈ පිළිකුල් කරයි . ගමේ හොඳ ගතිගුණ ජන්මයෙන් ඈට උරුම වී ඇත. නගරයේ හොඳ ගතිගුණ ආශ්‍රයෙන් ඈ ලබා ඇත. (සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය- 1966 ඔක්තෝබර් 21 දා)

රන් එතනාට කියන කවි

ජන කවි ආර පදනම් කොට ගනිමින් මහගම සේකර, ‘රන් එතනාට කියන කවි’ පද්‍ය පන්තියේ දී ඡන්දස් ආකෘතිය භාවිත කරයි. ජන සාහිත්‍යයේ ඇසුර ලබා සහජයෙන් ම ලද කවිකම, ඔහුගේ පරිකල්පනයෙන් ඔප වැටී නිර්මාණ බවට පත් විය. රදාවාන පාසලෙන් මුලකුරු කිය වූ සේකර බොහෝ නිර්මාණ අතර ඒ ගැමි සුවඳ අපූරුවට තවරා තැබීමට අමතක නොකළේ ය. ඔහු ගැමි ජන ජීවිතය තුළ ලද අත්දැකීම්, ප්‍රේමය වැනි මනෝභාව නිරූපණයට ද ඉවහල් කරගත් සේ ය.
රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිසෙන්නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබුළුවන්නේ
රන්වන් වී කරලක් මෙන් බිමට නැමී එන්නේ
රන් එතනා ඉපනැල්ලේ මොනවද අහුලන්නේ (රන් එතනාට කියන කවි)

අස්වැන්න පෑගීම

පවුලේ එක ම දරුවා නිසා ම ගැමියන්ගේ ආදරයට ලක් වූ සේකරට රදාවාන ගමේ නිසංසල පරිසරයෙන් ලැබුණ ආත්මීය ගුණය දෘශ්‍ය කලාකරුවෙකු බිහි වීම සඳහා අවශ්‍ය නිර්මාණ අවකාශය සකසා දුන් බව සිය නිර්මාණ මගින් ඔහු මැනවින් ප්‍රකට කරවයි. සංයමය ජන කවියේ ලක්ෂණයකි. මහගම සේකර ද ජනකවියේ හරවත් ආභාසයට අවනත විය. භාව පූර්ණ ගුණයෙන් පොහොසත් ව අර්ථ ව්‍යවහාර භාෂාව, කාව්‍යෝචිත මාධ්‍යයක් බවට පත් කර ගැනීම ජන කවියාගේ සිරිතකි. වර්තමාන මිනිස් ජීවිතයේ ගැබි වී ඇති ඒකාකාරි බව සහ නිස්සාරත්වය ගම්‍ය කරන ගැමි ජීවිතය හා සම්බන්ධ ‘අස්වැන්න පෑගීම’ නම් වූ නිර්මාණය නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය.
අම්බරුවෝ අපි කමතේ -කැරකි කැරකි යනවා
කවුද කෙනෙක් කෙවිට අරන් -අපි පස්සෙන් එනවා
රන්වන් බැත පෑගි පෑගි -නොපෙනී යට යනවා
රන්වන් බැත යට කරගෙන -මඩුවන් මතු වෙනවා
කාව්‍යෝචිත ගැමි ව්‍යවහාර භාෂාව සේකර ද අපූර්වාකාරයෙන් පද්‍යයට සංඝටනය කරන්නේ මේ ආකාරයෙනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දුකට කියන කවි සීපද

ඉර බැහැගෙන යන සැන්දෑවක පිලේ පැදුර අරගෙන සිත පැලේ තබා හේන වෙත පිය මනින ගැමියාගේ මුවින් ගිලිහෙන සුසුම්, පැල් කවියෙහි රිද්මයට අමුණා තබන්නට ඔහු සමත් විය. සක්වාලිහිණි පද්‍ය සංග්‍රහයේ හමුවන ‘දුකට කියන කවි සීපද’ පද්‍ය පංතියෙන් සේකර හේන් පිළිබඳ අද්දැකීම නූතන සහෘදයාගෙන් දුරස් වුවද මේ කථකයාගේ ආත්මීය දුක් වේදනා සහෘද හදවතට සමීප කරවන්නට සමත් වෙයි.
පිලේ පැදුර හේනට අරගෙන එනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ජන කවියේ ආභාසය ලැබුව ද ව්‍යංග්‍යාර්ථවත් ව ‘රටා වියපු අත් දෙක මට සිහි වෙනවා’ වැනි යෙදුම් භාවිත කරයි. කවියා ‘පැදුර’ ප්‍රේමයේ සංකේතයක් කරමින් එහි නිදා සිටින කථකයාගේ නෙත ගැටෙන රටා සැරසිලි ගෙතුව ප්‍රේමවන්තිය සිහි කරවයි. ජන කවිය කාගේ වුව ද සිත් පැහැර ගැනීමට හේතු වන්නේ එහි අව්‍යාජත්වය යි. සේකරයාණෝ ගැමි පරිසරයක ජීවත් වූ ජන සාහිත්‍යය සහ ජනශ්‍රැති ඇසුරු කළ අපූරු නිර්මාණකරුවෙකි.

සේකරට පතිරූපදේසයක් වූ රදාවාන

රදාවාන ගම්මානය මහගම සේකර නම් අපූර්ව මිනිසා නිර්මාණය කිරීමට පතිරූපදේශ වාසයක් ම විය. සංවේදී සහකම්පනයෙන් යුතු නිර්මාණකරුවා ඇළ දොළ, සතා සිව්පාවා ඇසුරෙන් තමා ලැබූ උත්තේජනය ‘තුංමං හන්දිය’ නවකතාවේ මෙසේ සටහන් කරයි.
නාගෙන නියර දිගේ එන විට පාට පාට කුරුලු පිහාටු නියර උඩ වැටි තිබේ. මම නැවතී ඒවා අහුලමි. මඩ තියාපු නියර ඉරි තැලී ගිය තැනින් ගොටුකොළ පඳුරු පඳුරු මතු වෙයි. අග්ගිස් මහත් වෙවී තණ පලා දඬු එහෙන් මෙහෙන් දුව යයි. තණකොළත් එක්ක හරි හරියට බේත් මුගුණුවැන්න වැවේ. අම්මා කළය බිම තබා පලා කඩයි. තාත්තා වක්කඩ ළග ඇණ තියා ඉඳගෙන ලියද්දට වතුර හරවමින් සිටී. මම තණ පතක් කඩාගෙන එතන දිය සුළියට දමමි. තණ පත දිය සුළියට අසු ව වට දෙක තුනක් කැරකී යට යයි. වක්කඩින් වතුර වැටෙන තැන මාළු පැටව් උඩ පැන පැන නටති (තුංමං හන්දිය-12 පිටුව)
ඔහුගේ කවියක ගම්මානයේ වක්කඩ ළග දිය වැටෙනා රිද්මය, ජන හදවත්හි නිතැතින් කුළු ගන්වන්නේ, සේකරයන් පිළිබද ව වූ සොදුරු මතකය යි. ගැමි ජනතාව අතරින් ම මතු වුණ කවියා දේශජ කවි ශක්තිය විශද කරන්නේ එහෙයිනි. සහෘදයාගේ රස වින්දනය තීව්‍ර කිරීම පිණිස කාව්‍යමය සංකල්ප ඉදිරිපත් කිරීමේ දී ජන කවියේ ආකෘතිය සාර්ථක ව උපයෝගී කරගත් කලාකරුවකු ලෙසින් ද ඔහු බුහුමනට බඳුන් වේ. ‘ගම අමතකයි’, ‘ඉරට මුවාවෙන්’, ‘කන්ද උඩින් එන’, ‘පිලේ පැදුර හේනට අරගෙන එනවා…’, ‘කොන්ත නෝනා’, ‘දුකට කියන කවි සී පද’, ‘කෙකටිය මල්’ වැනි නිර්මාණ ඊට උදාහරණ
තම පරිකල්පනය විශද කරමින් ප්‍රතිභාවෙන් උපලක්ෂිත නිර්මාණ බොහොමයක් සහෘදයන්ට දායාද කළ සේකර සිය ළමා කාලය ගෙවා දැමූ රදාවාන සුන්දර ගැමි පියසේ සුවඳ බොහෝ නිර්මාණ පුරා දිග හැරෙයි. නිර්ලෝභී ව ජනකවි ආභාසය හා ගැමි වහර සිය කවිවලට මුසු කළ සේකර එයින් අරුත් ජනනය කිරීමට නව පණක් ගෙන තිබේ. ඔහු සතු භව්‍යතා විකසිත කරන්නට මේ ඇසුර තෝතැන්නක් ම වන්නට ඇත.

මහගම සේකරයාණෝ දිවිසැරිය නිමා කරයි.

මෙම අසහාය මහා වෘක්ෂය අදින් වසර 48කට පෙර ජනවාරි 14 වන දිනක නිසොල්මනේ බිම හුණු ආකාරය මෙසේ සඳහන් කර තිබේ.
ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය පිළිබද සටහනක් ද අසම්පූර්ණ ව තිබූ අතර පෑන පසෙක වැටී තිබුණා.
ඔහු නික්ම ගොස් තිබුණා.
හිමගිරි කුළු ඉහළ නැගී වලා සිඹින
අහස පොළව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැග බැස පාවී යන
සිහින මුවා අසු පිට නැග
සතර කතර ගිම් සනහන
‘මරණී’ නම් කෙම්බිම වෙත
ඔහු නික්ම ගොස් තිබිණි
උපුටා ගැනීම – මහගම සේකර සහ සමාජ යථාර්ථය – 91-92 පිටු
සුචරිත ගම්ලත් සහ රතන ශ්‍රී විජේසිංහ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ දවල් වයසක අම්මා කෙනෙක් මහ මග දී කොල්ල කන හැටි ( සී.සී.ටී.වී දර්ශන සහිතයි)!

Next Post

විසාල ජයග්‍රහණයක්… තරගාවලිය දිනුම්!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.