සුමිත් පොතුපිටිය
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පානදුර අතුරු මාර්ගයකදී 74 හැවිරිදි කාන්තාවකගේ ගෙල බැදි රන්මාලය කොල්ලකා පලා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙලෙස කොල්ලකා ඇත්තේ රුපියල් 130,000/= ක් පමණ වටිනා පවුම් එකයි කාලක් පමණ බර රන් මාලයකි.
ඇය ඒ ආසන්නයේ විහාරස්ථානයකට ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එහි පිටුපස සිටි පුද්ගලයා යතුරුපැදියෙන් බැස පැමිණ කාන්තාව බිම පෙරළාගෙන රන්මාලය කොල්ලකෑමෙන් අනතුරුව පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
කොල්ලය සිදුකරන ආකාරය අසල ආයතනයක සවිකර තිබෙන CCTV කැමරාවක සටහන්ව තිබේ. මේ එම කොල්ලය සිද්ධවන ආකාරයයි. පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි