ලලිත් චාමින්ද –
සීනි බදුවංචාවට සම්බන්ධ සමාගම්වලින් අදාළ මුදල් අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පලවිය.
2020 වසරේදී සීනි බදු වංචාවෙන් වු අපේක්ෂිත අයකර ගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳවදව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය
2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහාවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගෙනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි.
පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් ඇතැම් විශාල සමාගම්වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැලැක්වීමට වගවීමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බවද කාරක සභාව අවධාරණය කළේය.
මෙම සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් එම අදාළ සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාරක සභාව නියෝග කළේය.