කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දින සංවිධානය කරන හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද ප්‍රතික්ෂේප කළේය.
නේවාසිකාගාර ගැටලු ඇතුළු සියලු අධ්‍යන සුබසාධන ගැටළු විසඳන ලෙසත්, ආචාර්ය – මහාචාර්ය හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත්, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ සහ ශිෂ්‍යාධාර ඉහළ නන්වන ලෙසත් යන මූලික ඉල්ලීම් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සංවිධානය කර තිබිණි.මෙම විරෝධතාවයට එරෙහිව වාරණ නියොගයක් ලබා ගැනීමට ගිය කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිට මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ඉහත ඉල්ලීම් මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම විරෝධතාවය වැළැක්වීම කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ හතරවන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් වන බවය.
එවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොව හතර වගන්තිය යටතේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ බවට පෙනී යා යුතු බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය තීරණය දැනුම් දෙමින් පැවසුවේය.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීම පෙරදැරි කරගෙන මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර එම වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කිරීමට හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් පෙන්වා දිය යුතු බවය.
ෙඑසේ හදිසි හා අත්‍යවශ්‍ය බවක් තිබෙන බවට මූලික සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී තිබිණි.