බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ඉන්දිය සිනමා ඉතිහාසය වෙනස් කරමින්  ඔස්කාර් සම්මාන දිනූ විසේකාර සිංදුව – “නාටු නාටු “

by editor
මාර්තු 14, 2023
in කලා
Share on FacebookShare on Twitter

බීබීසී

තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන ‘නාටු නාටු’ ගීතය ඉතිහාසයට එක්වුයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමිනි.

මෙම අතිශය ජනප්‍රිය ගීතය ලේඩිගාගා, රිහානා වැනි ප්‍රබලයන් පරදවමින් 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ ය.

එහි සිත්ඇදගන්නා තාලය සහ නර්තන නිර්මාණය ලොව පුරා රසිකයන් වසඟයට පත් කොට තිබේ.

සම්මානය භාරගනිමින් (මෙම ගීතයේ) රචක එම්.එම්. කීරවානි පැවසුවේ ගීතය “හැම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය” බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඇමෙරිකානු සංගීත ශීල්පීන් යුගලයක් වන The Carpenters (විසින් ගායනා කළ) ගීතවලට සවන් දෙමින් තමා හැදී වැඩුණු බව පැවසූ ඔහු, සිය කතාවේ ඉතිරිය ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් වන Top Of The World ගීතයේ තාලයට ගායනා කළේ ය.

RRR( චිත්‍රපටය) “මාව ලෝකයේ ඉහළට ම ගෙන ගියා” යැයි ඔහු පැවසූ විට ප්‍රේක්ෂකාගාරය වේගයෙන් සිනාසෙමින් අත්පොලසන් දුන් හ.

බොහෝ ඉන්දියානුවන් ට්විටර්හි ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබේ.

තෙළිඟු භාෂාව කතා කරන, දකුණු ඉන්දීය ප්‍රාන්ත දෙකක බලපෑම් සහගත දේශපාලනඥයෙක් වන එන්. චන්ද්‍රබාබු නයිදු ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ මෙම ගීතය “ඉතිහාසයේ තමන්ගේ තැන තහවුරු කරගත්තා.” යනුවෙනි. “මේක ඉන්දියානු සිනමාවේ කදිම අවස්ථාවක් වගේ ම ඒක තෙළිඟු දිනුමක් නිසා තවත් විශේෂයි.” ඔහු ලියා තිබුණේය.

චිත්‍රපටයේ නිල ට්විටර් ගිණුම විසින් මෙම ජයග්‍රහණය “විශ්මයජනක මොහොතක්” ලෙස නම් කළ අතර එය “ලොවපුරා සිටින විශිෂ්ට ප්‍රේක්ෂකයන්” වෙත පිරිනැමුවේ ය.

උත්සවයට පැමිණෙමින්, ‘නාටු නාටු’ ගීතයේ එක් ගායකයෙකු වන කාලා බයිරාවා ‘ද හොලිවුඩ් රිපෝටර්’ වෙත පැවසුවේ “උප්පත්තියටම මුල්බැස” ඇති නිසා ගීතය සම්මානයට පාත්‍රවීමට තරම් වටිනා එකක් වූ බවයි.

“ලෝකය පුරා ම සිටින මිනිසුන් එකට එකතුවෙලා ඔවුන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ කලා නිර්මාණ විධි ඉදිරිපත් කරනවිට අනෙක් රටවල් සහ ජනතාව ඒවා අගය කිරීම ඔස්කාර්හි ඇති වඩාත් ම සුන්දර ම දෙය” බව ඔහු පැවසීය.

බයිරාවා සහ ඔහුගේ සහය ගායක රාහුල් සිප්ලිගුන්ජ් උත්සවයේ දී ගීතයේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ද කළ හ. (එම) රිද්මයානුකූල ඉදිරිපත්කිරීමට ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ඔල්වරසන් දුන් හ.

‘නාටු නාටු’ ජනවාරියේ දී ඉතිහාසගත වූයේ එය ‘ගෝල්ඩන් ගොල්බ්’ හොඳම ගීතයට හිමි සම්මානය පළමුවරට ඉන්දියාවට දිනා දෙමින් ය. එම මාසයේ දී ම, ‘ක්‍රිටික්ස් චොයිස්’ සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනාගත්තේ ය.

තෙළිඟු බසින් “නටන්න, නටන්න” ලෙස පරිවර්තනය වන (මෙම) ජවසම්පන්න රිද්මය, පසුගිය වසරේ එක්සත් ජනපදයේ දී චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම උද්වේගයක් ඇති කළේ ය.

යුක්ක්‍රේනයේ දර්ශනීය මැරින්ස්කි මාලිගය ඉදිරිපිට (රූගතකර ඇති) දර්ශනයේ දී, චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා වන රාම් චරන් සහ NT රාමා රාඕ මෙම ගීතයේ ජවසම්පන්න නර්තනයක් ඉදිරිපත් කරයි.

මෙම සජීව නර්තන නිර්මාණය ඉන්ටර්ග්‍රෑම් රීල්ස් සහ සමාජ මාධ්‍ය ට්‍රෙන්ඩ්ස් සදහා හේතු වී තිබේ.

NT රාමා රාඕ Jr, SS රාජමෞලි සහ රාම් චරන් ඔස්කාර්හි දී.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක, එස්.එස්.රාජමෞලි ‘වැනිටි ෆෙයාර්’ වෙත පවසා ඇත්තේ ඔහු ‘නාටු නාටු’ නිර්මාණය කළේ, නර්තනය මගින් බ්‍රිතාන්‍ය නිලධාරියෙක් දණගස්වනා නිදහස් සටන්කාමීන් දෙදෙනෙකුගේ “සටන් දර්ශනයක්” ලෙස බවයි.

Rise (පිබිදීම), Roar(ඝර්ජනාව), Revolt(කැරැල්ල) (යන වචන වල) කෙටි යෙදුම වන RRR, යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික ෆැන්ටසියකි.

විශ්මයජනක වීර ක්‍රියාදාම චිත්‍රපට ඉන්දියාවේ වැඩිම මිලක් ඇති චිත්‍රපටවලින් එකකි. (මෙම) ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන් 150ක් හා කාර්‍යමණ්ඩලයේ 200ක් සමගින් දින 15ක් පුරා රූගතකරන ලදි.

මෙම ගීතයේ, තෙළිඟු කතා කරන ප්‍රාන්ත වල නිතරම යොදාගන්නා ජන ගී සහ ග්‍රාමීය පසුබිම් කිහිපයක රිද්මයන් ඇතුළත් ය.

මේ ලිපියත් බලන්න…

යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට රූ ගත කළ ඔස්කාර් සම්මානයට යන තෙලිඟු සිංදුව – “නාටු නාටු“

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෘත්තීයවේදීන්ගේ වර්ජනය දිගටම… වයඹ, ඌව, සබරගමුව, උතුර සහ උතුරු මැද පළාත්වල වෛද්‍යවරු අද වැඩ වරති!

Next Post

ජනාධිපති සිරිසේනගේ පාස්කු නඩුව විභාගයට අභියාචනාධිකරණ පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක්!.

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.