වෘත්තීය ක්‍රියාමාර්ගය අඟහරුවාදා (14) දිනයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
වෘත්තීය සමිති නියෝජිතයින්ට අනුව ඊයේ (13) රාත්‍රියේ ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡා කිසිදු තීරණයකට එළැඹීමකින් තොරව අවසන් වී තිබේ.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මේ වන විට රජයේ බදු ක්‍රමයට එරෙහිව උද්ඝෝෂණ, වැඩ වර්ජන සහ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ව්‍යාපාරවල නිරතව සිටිති.
ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ බදු ප්‍රතිපත්තිය සාධාරණ මට්ටමකට සංශෝධනය කළ යුතු බවයි.
විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.
වයඹ, ඌව, සබරගමුව, උතුර සහ උතුරු මැද පළාත්වල වෛද්‍යවරු අද (14) වැඩ වර්ජනයක නිරත වෙති.