fbpx
බදාදා, ඔක්තෝබර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home කොලම

රනිල් පුතා හොඳ ළමයා!

editor by editor
ජූලි 18, 2022
in කොලම
0
colum
Share on FacebookShare on Twitter

රනිල් ජනාධිපති වූ දින රාත්‍රිය ඔහු ගෙවූ අන්දම කිසිවකු හරි හැටි නොදනී. ජනාධිපති රනිල්ගේ පුද්ගලික නිවස ජුලි නවවැනි දා කවුරැන් හෝ ගිනි තබා විනාශ කළ වග ඔබට තවම අමතක නැතිව ඇති. ඒ ගිනිගත් සොදුරු අතීතයෙන් එක්කාසු කොට ගත් සිහිවටන පෙට්ටියක් තවමත් ඔහු සතුව ඇත.

ජනාධිපති රනිල් පෙට්ටිය හාරාවුස්සා රාමු කරන ලද පිංතූර දෙකක් පිටතට ගත්තේය. රැගෙන මේසයක් උඩ තබා වැන්දේය.

RelatedPosts

ගෝඨා නැවත එයි!

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

රටක් වෙනුවෙන් අටක් හිරේ!

“තාත්තෙ මම අන්තිමට කොහොම හරි ජනාධිපති වුණා තාත්තේ. හය පාරක් අගමැති වෙලා. තිස් පාරක් ඡන්දෙ පැරදිලා. යූ.ඇන්.පිය නැතිභංගස්ථාන වෙලා. ඒත් මම කොහොම හරි ජනාධිපති වුණා තාත්තේ” රනිල් ඉකි අතරින් කීවේය.

“රනිල් පුතා හොඳ ළමයා!”

ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ පිළිතුරැ දුන්නේය.

“මාමෙ, මම මාමගේ බලාපොරොත්තු සුන් කළේ නෑ නේද මාමේ?”

දකුණුපස ඡායාරෑපයේ සිටි සිය මාමා වූ ජේ.ආර්. ජයවර්ධනගෙන් රනිල් කුඩා දරැවකුසේ සහනදායී පිළිතුරක් බලාපොරොත්තු වූයේය.

“බොහෝම හොදයි. බොහෝම හොදයි. ඔය පුටුව දිගටෝම අල්ලගෙන ඉන්න පුළුවන් වුනොත් බොහෝම හොදයි” ජේ.ආර්. කීවේය.

“තාත්තට මතකද මම පහේ පන්තියේ ඉදිද්දි පන්තියේ අන්තිමයා වුණු වෙලේ තාත්තා දීපු උපදේසෙ?” රනිල් පියාගෙන් ඇසුවේය.

“ඔව් මට හොදට මතකයි. මම කිව්වා උඹ හොදයි රටේ නායකයා වෙන්න කියලා” පියා කීවේය.

ජේ.ආර්. මුවගින් විසුළු හිනාවක් පෑය.

“දිනේෂ් ගුණවර්ධනයි අනුර බණ්ඩාරනායකයි දෙන්නම රෝයල් කොලීජියේ උඹේ පන්තියේ හොදම යාළුවො වෙච්චි. පන්තියෙ අන්තිමයා වෙන්න බොලා තුන්දෙනා අතර මාරාන්තික සටනක් නොවැ තිබුණේ! බොට මතකෙයි මම එවෙලේ දුන්නු උපදේසෙ?” ජේ.ආර්. රනිල්ගෙන් ඇසුවේය.

“මතකයි මාමේ මතකයි. ඒ උපදේසේ තමයි මම මුළු ජීවිත කාළෙම විශ්වාස කරලා වැඩ කළේ. ස්තූතියි මාමේ” රනිල් නැවත වරක් වැන්දේය.

“මොකක්ද ඒ උපදේසේ?” පියා ඇසුවේය.

එතෙක් හඬමින් සිටි රනිල් ද පිංතූරයේ උන් ජේ.ආර්.ද එක් වර කොක් හඬලා සිනාසීමට ගත්හ. දකුණත් ඉහළට ඔසවා පහක් දැමූහ.

“මම කොල්ලට කිව්වා, ‘පුතා ඉගෙන ගනිං ගහන්න ගේම්. හොදම යාළුවටවත් නොරේරෙන්න ගහපං ගේම්. ගේම් නම් ගේම්. ජීවිතේම ගේම්. ගේම් කියන වචනේ සිංහල තේරුම රනිල්’ වෙනකම් ගහපං ගේම්’ කියලා”

මාමා සහ බෑණා නැවත කොක් හඬලා සිනාසුනහ. එස්මන්ඩ් එරෙව්වේය.

“ඒ වැඩේ නම් හරියට හරි මාමේ. දැන් ලංකාවේ ඕන එකෙක් දන්නවා රනිල් සමානයි ගේම් කියලා” රනිල් ආඩම්බරයෙන් කීවේය.

“එතකොට ඔය ගේම් ගහන්න ගිහිං යූ.ඇන්.පි.ය ගේමෙන් එළියට විසිවුණු එකට ඔහේ මක්කැයි කියන්නේ?” එස්මන්ඩ් අමනාපයෙන් ජේ.ආර්.ගෙන් විමසා සිටියේය.

“මක්කා කියන්නද නේද කොල්ලෝ? තාම ගේම් ඉවර නෑනේ!” මාමා බෑණාට ඇසක් ඉඟි මැරැවේය.

“තාත්තේ! මාමේ! මම ඔයාලට ආඩම්බරයක් වෙන්න නම් තව මොනවද කරන්න ඕන?” රනිල් දිරියෙන් විමසුවේය.

“මේ අවුරැදු දෙකහමාරයි තව දහයකුයි කොහොම හරි අල්ලං ඉන්න බලහං කොල්ලෝ. මහඡන්ද ජනාධිපතිවරණ බොට දිනන්න බැරි නම් ජනමත විචාරණ හරි තියලා දිනපං. අර නැක්ලහිට්ස්කාරයෝ, උඹේ වචනෙන්නම් පැසිස්ට්කාරයෝ ටිකගේ පක්ෂ තහනම් කරලා දාපං. ඒත් බැරිනං රොහාන් විජේවීර යවපු ලෝකෙටම යවපං. මතකෙයි ඒ කාලේ අපි යාපනේ පුස්තකාලෙට ගිනි  තියපු අපූරැව? ඉතිං උඹේ අර මහ ලොකු පුස්තකාලෙට හරියන්න රටේ තියෙන පුස්තකාල ඔක්කොමත් ගිකි තියලා දාපං. නැත්තං උඹ මගේ බෑණා නෙමෙයි”

ජේ.ආර්. උපදෙස් දී හමාර වුණු විට රනිල් සිය පියා දෙසට හැරැණේය.

“පුතේ මට තියෙනවා උඹෙන් එකම එක ඉල්ලීමක් කරන්න” පියා කීවේය.

“කියන්න තාත්තේ. ඕන දෙයක් කියන්න. මම කරන්නම්. මම දැන් ජනාධිපති” රනිල් ආඩම්බරයෙන් කීවේය.

“මටයි උඹේ අම්මටයි මේ ලෝකෙ සැනසිල්ලෙ ඉන්න ආසයි. සාමදානයෙන් සැතපේවා කියලා සොහොනෙ ගැහුවට උඹ කරන වැඩවලට මිනිස්සු අපිව අමතන ඇමතිල්ලට අපිට නිවනක් නෑ බං. ඒ නිසා 20 වෙනිදට ඔය ජනාධිපති අටමගල වෙන කාටහරි දීලා වෙන අතක් බලාගනිංකො”

රනිල් සිය පියාට දුන් පිළිතුර මෙහි සදහන් කළ නොහැක.

Tags: නවතම
Share83Tweet52

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

දියවැලකට හසුව මීටර 800ක් දුර මුහුදේ ගිලෙමින් සිටි රුසියානුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනේ…

Next Post

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ ප්‍රධාන සැකකරු හිටපු නියෝජ්‍ය ඇමති පුතෙක්!

RelatedPosts

colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
colum
කොලම

රටක් වෙනුවෙන් අටක් හිරේ!

ජූනි 24, 2022
Next Post
අගමැති නිවසට ගිනි තැබූ මැරයින් 03ක් පොලිස් අත්අඩංගුවට…

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ ප්‍රධාන සැකකරු හිටපු නියෝජ්‍ය ඇමති පුතෙක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • doctor-strike

    11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    1184 shares
    Share 474 Tweet 296
  • කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    273 shares
    Share 109 Tweet 68
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

    307 shares
    Share 123 Tweet 77
  • ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

    214 shares
    Share 86 Tweet 54
  • අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

by editor
ඔක්තෝබර් 4, 2023
0

පවුල්  වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ  සිද්ධාන්තමය වැරැද්දක්…

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

නවතම ලිපි

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ  සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… (  CCTV දර්ශන සහිතයි)

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

by editor
ඔක්තෝබර් 4, 2023
0

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන  රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

by editor
ඔක්තෝබර් 4, 2023
0

Pradeep-Nilanga-Dela

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

by editor
ඔක්තෝබර් 4, 2023
0

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
0

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

doctor-strike

11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ඔක්තෝබර් 4, 2023
ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

ඔක්තෝබර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • උසස් පෙළ ජනවාරියට කල් යයි…
  • මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…
  • විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.