fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මහේලත් සහ සංගාත් ජීවත්වන රට රැක ගමු

by editor
ජූලි 4, 2020
in කොලම
452 5
05

05

Share on FacebookShare on Twitter

දෙකේ පංතියේ දී මා සිතුවේ කවදා හෝ බුදු වීමටය. තුනේ පංතියේ දී මම එය ක්‍රිකට් ක්‍රීඩකයකු වීම දක්වා ලඝු කළෙමි. ඒ සදහා මම ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි පාසලකට ගියෙමි. එහිදී මට මහේල හමු විය. අප දෙදෙනාම පාසලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ඇතුළත් වූයේ එකම වසරේය. ටික දිනකින් මට ක්‍රිකට් තියා ඇට බෝලවත් ගැසීමට නොහැකි බව වටහා ගතිමි. මහේල දිගටම ක්‍රීඩා කළේය. ක්‍රිකට් ශාස්තෘවරයෙකු බිහිවන අයුරැ දුර සිට බලා මම සතුටු වීමි.

එක්තරා ඉරිදා දිනක ලංකාව හා එංගලන්තය අතර පැවති තරගයක ගුවන්විදුලි විස්තර විචාරයට සවන් දුනිමු. නමවත් අසා නැති කවුදෝ කොල්ලෙක් එකවර සුද්දන්ට ඇට්ටි හැලෙන්න නෙළීමට ගත්තේය. ඔහුගේ නම කුමාර සංගක්කාර යැයි කවුදෝ කීය. එදා පටන් “සංගා” යන ශබ්දයට හිමිකම් කියූ ගෞරවනීයම පුද්ගලයා ඔහු විය.

අදවන විට මහේල-සංගා නම් දෙක එක් කළ විට ඉන් ජනිත කරවන අභිමානවත් ගෞරවයට අභියෝග කළ හැකි වීරයන් කීදෙනෙක් ලංකා ඉතිහාසය තුළම හමුවේදැයි සැක සහිතය. දැන් මේ දෙදෙනා එක්තරා සංදර්භයක් තුළ සැකකාරයින් කර ඇත. ඉන්දියාවට පරාජය වීම හැරැණුකොට 2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී කුමක් වීදැයි අපි නොදනිමු. එහෙත් විමර්ශනයක්යැයි පවසමින් අද දවසේ සිදුවන දේ නම් වටහා ගැනීම අපහසු නැත.

RelatedPosts

පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

මහේල සහ සංගා වෙනුනේ ෆේස්බුක් හරහා ජනතාව බැට් කිරීමට පටන් ගෙන ඇත. දග පන්දු බැස්සීමට උත්සාහ කළ කණ්ඩායම මේ වන විට දගකැවී බෝල ගිලිණ තත්ත්වයට පත් වී ඇත. තරගය ඉදිරි දින කිහිපය තුළ මොන පැත්තට හැරේදැයි අවිනිශ්චිතය.

දේශපාලකයින් අපව හිට් විකට් කළ වාර ගණන අනන්තය. දුර්වල පන්දුවලට දැවීයාමට ලාංකිකයෝ රැසියෝය. දැන් අපි මහේල හා සංගා වෙනුවෙන් සටන් කරමු. තමුන්ගේ ළමයින් සදහා අනවශ්‍ය මුත් අඩුම තරමේ මහේලටයි සංගටයිවත් නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට ජනතාව තීරණය කර ඇද්දෝයි සැකයක් උපදී.

ඇයි මහේලයි සංගයි තාමත් ලංකාවේ ජීවත් වෙන්නේ? ලෝකේ කුමන රටේ පදිංචියට ගියත් උන්ගේ ආදායම අඩුවන්නේ නැත. එහෙත් මෙරට දේශපාලකයින් වැඩිදෙනෙක් වෙන රටවල සිටියා නම් මේ වන විට ඉන්නේ හිරේය.

කවදා හෝ නොබෙල් සාහිත්‍යය තෑග්ග පවා හිමි විය හැකි මයිකල් ඔන්ඩච්චි මෙන්ම ශ්‍යාම් සෙල්වදොරේ වැනි ලේඛකයින් පවා අපි මෙරටින් එළවා ගතිමු. ඊළගට එන්නේ මහේලයි සංගගෙයි වාරය ද?

මහේලත් සංගත් ක්‍රීඩා පිටිය තුළත් ඉන් පිටත් සමාජ ක්‍රියාකාරීහු වූහ. ඊට දේශපාලකයින් පිළිතුරැ දුන්නේ ඔවුන්ගේ ජීවිත පහසු නොකිරීමට වගබලා ගැනීමෙනි. දේශපාලකයෝ ජයගත්හ. ක්‍රිකට් වලපල්ලට ගියේය. එහෙත් මේ දෙදෙනා දේශදොා්හී කිරීමේ ව්‍යාපාරය තවම අවසන් නැත.

වරක් මහේල පිටිය සකසන ආකාරය දැක රමීස් රාජා ඔහුව සමාන කළේ විද්‍යාඤයෙකුටය. විද්‍යාඥයින් ඡන්දෙ ඉල්ලන රටක ක්‍රීඩකයෙකුට එය ගෞරවයකි. සංගාගේ කොලින් කෞවුද්‍ර දේශනය ක්‍රිකට් වලින් එපිටට ගොස් ලංකාව බැබළ වීය. ශේන් වෝර්න්ගේ “මයි බෙස්ට් හන්ඩ්‍රඩ් විකට්ස්” පොතේ දී ඔහු, සංගා තරම් විදග්ධව භාෂාව හැසිරිය හැකි ක්‍රීඩකයින් නැති බව පවසයි. සංගා සුද්දන්ගේ ක්‍රිඩාව ද භාෂාව ද යන දෙකම ලොවට ඉගැන්වීය. සංගා ලවා අපේ ඉංග්‍රිසි ලේඛකයින්ට උවමනානම් පංතියක් දා ගත හැක.

මහේල සහ සංගා ජීවත්වන රටේ ජීවත් වීමට ලැබීම ද මට නම් වාසනාවකි. එහෙත් මේ වාසනාව කෙතරම් කල් අප හට උරැම වේදැයි අපි නොදනිමු. මේ දෙදෙනාම සටන අත් නොහරින සටන්කරැවෝ බව අපි දනිමු. එහෙත් ඕනෑම කෙනෙකුගේ ඉවසීමේ සීමාව අවසන් වන්නේ කොතැනිනදැයි නොදනිමු.

මහේලත් සංගත් රටට අහිමි වුවහොත් ඉන් දරැණුම හානිය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට නොව වීරයන් නැති අපේ සංස්කෘතික ආධ්‍යාත්මයටය.

එළවන්න ඕන එවුන් රට කරවද්දී, ඉන්න ඕන උන් රට එළවන්න හදන විකල් සමයක අපි ජීවත් වෙමු.

මහේලත් සංගත් සමග එකට ජීවත් විය හැකි රට බේරා ගත හැකි අවසන් අවස්ථාව තව දින තිහකින් එළැඹෙතැකි කෙනෙකුට කිව හැක. එහෙත් එය කෙතරම් තාත්විකදැයි යථාර්ථයක් දැයි නොදනිමි. එහෙත් මේ දෙන්නාට රට හැර යන්නට වුනොත් එහි වගකීම දේශපාලකයින්ගේ නොව අපේය.

Share76Tweet45
Previous Post

සිනමන් බෝම්බකරු මාස හතරක් තුළ ලක්ෂ 450ක් ගිණුම් වලින් ඇදලා…

Next Post

වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
Next Post

වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…
  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…
  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist