අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මහේලත් සහ සංගාත් ජීවත්වන රට රැක ගමු

by editor
ජූලි 4, 2020
in කොලම
05

05

Share on FacebookShare on Twitter

දෙකේ පංතියේ දී මා සිතුවේ කවදා හෝ බුදු වීමටය. තුනේ පංතියේ දී මම එය ක්‍රිකට් ක්‍රීඩකයකු වීම දක්වා ලඝු කළෙමි. ඒ සදහා මම ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි පාසලකට ගියෙමි. එහිදී මට මහේල හමු විය. අප දෙදෙනාම පාසලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ඇතුළත් වූයේ එකම වසරේය. ටික දිනකින් මට ක්‍රිකට් තියා ඇට බෝලවත් ගැසීමට නොහැකි බව වටහා ගතිමි. මහේල දිගටම ක්‍රීඩා කළේය. ක්‍රිකට් ශාස්තෘවරයෙකු බිහිවන අයුරැ දුර සිට බලා මම සතුටු වීමි.

එක්තරා ඉරිදා දිනක ලංකාව හා එංගලන්තය අතර පැවති තරගයක ගුවන්විදුලි විස්තර විචාරයට සවන් දුනිමු. නමවත් අසා නැති කවුදෝ කොල්ලෙක් එකවර සුද්දන්ට ඇට්ටි හැලෙන්න නෙළීමට ගත්තේය. ඔහුගේ නම කුමාර සංගක්කාර යැයි කවුදෝ කීය. එදා පටන් “සංගා” යන ශබ්දයට හිමිකම් කියූ ගෞරවනීයම පුද්ගලයා ඔහු විය.

අදවන විට මහේල-සංගා නම් දෙක එක් කළ විට ඉන් ජනිත කරවන අභිමානවත් ගෞරවයට අභියෝග කළ හැකි වීරයන් කීදෙනෙක් ලංකා ඉතිහාසය තුළම හමුවේදැයි සැක සහිතය. දැන් මේ දෙදෙනා එක්තරා සංදර්භයක් තුළ සැකකාරයින් කර ඇත. ඉන්දියාවට පරාජය වීම හැරැණුකොට 2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී කුමක් වීදැයි අපි නොදනිමු. එහෙත් විමර්ශනයක්යැයි පවසමින් අද දවසේ සිදුවන දේ නම් වටහා ගැනීම අපහසු නැත.

මහේල සහ සංගා වෙනුනේ ෆේස්බුක් හරහා ජනතාව බැට් කිරීමට පටන් ගෙන ඇත. දග පන්දු බැස්සීමට උත්සාහ කළ කණ්ඩායම මේ වන විට දගකැවී බෝල ගිලිණ තත්ත්වයට පත් වී ඇත. තරගය ඉදිරි දින කිහිපය තුළ මොන පැත්තට හැරේදැයි අවිනිශ්චිතය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දේශපාලකයින් අපව හිට් විකට් කළ වාර ගණන අනන්තය. දුර්වල පන්දුවලට දැවීයාමට ලාංකිකයෝ රැසියෝය. දැන් අපි මහේල හා සංගා වෙනුවෙන් සටන් කරමු. තමුන්ගේ ළමයින් සදහා අනවශ්‍ය මුත් අඩුම තරමේ මහේලටයි සංගටයිවත් නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට ජනතාව තීරණය කර ඇද්දෝයි සැකයක් උපදී.

ඇයි මහේලයි සංගයි තාමත් ලංකාවේ ජීවත් වෙන්නේ? ලෝකේ කුමන රටේ පදිංචියට ගියත් උන්ගේ ආදායම අඩුවන්නේ නැත. එහෙත් මෙරට දේශපාලකයින් වැඩිදෙනෙක් වෙන රටවල සිටියා නම් මේ වන විට ඉන්නේ හිරේය.

කවදා හෝ නොබෙල් සාහිත්‍යය තෑග්ග පවා හිමි විය හැකි මයිකල් ඔන්ඩච්චි මෙන්ම ශ්‍යාම් සෙල්වදොරේ වැනි ලේඛකයින් පවා අපි මෙරටින් එළවා ගතිමු. ඊළගට එන්නේ මහේලයි සංගගෙයි වාරය ද?

මහේලත් සංගත් ක්‍රීඩා පිටිය තුළත් ඉන් පිටත් සමාජ ක්‍රියාකාරීහු වූහ. ඊට දේශපාලකයින් පිළිතුරැ දුන්නේ ඔවුන්ගේ ජීවිත පහසු නොකිරීමට වගබලා ගැනීමෙනි. දේශපාලකයෝ ජයගත්හ. ක්‍රිකට් වලපල්ලට ගියේය. එහෙත් මේ දෙදෙනා දේශදොා්හී කිරීමේ ව්‍යාපාරය තවම අවසන් නැත.

වරක් මහේල පිටිය සකසන ආකාරය දැක රමීස් රාජා ඔහුව සමාන කළේ විද්‍යාඤයෙකුටය. විද්‍යාඥයින් ඡන්දෙ ඉල්ලන රටක ක්‍රීඩකයෙකුට එය ගෞරවයකි. සංගාගේ කොලින් කෞවුද්‍ර දේශනය ක්‍රිකට් වලින් එපිටට ගොස් ලංකාව බැබළ වීය. ශේන් වෝර්න්ගේ “මයි බෙස්ට් හන්ඩ්‍රඩ් විකට්ස්” පොතේ දී ඔහු, සංගා තරම් විදග්ධව භාෂාව හැසිරිය හැකි ක්‍රීඩකයින් නැති බව පවසයි. සංගා සුද්දන්ගේ ක්‍රිඩාව ද භාෂාව ද යන දෙකම ලොවට ඉගැන්වීය. සංගා ලවා අපේ ඉංග්‍රිසි ලේඛකයින්ට උවමනානම් පංතියක් දා ගත හැක.

මහේල සහ සංගා ජීවත්වන රටේ ජීවත් වීමට ලැබීම ද මට නම් වාසනාවකි. එහෙත් මේ වාසනාව කෙතරම් කල් අප හට උරැම වේදැයි අපි නොදනිමු. මේ දෙදෙනාම සටන අත් නොහරින සටන්කරැවෝ බව අපි දනිමු. එහෙත් ඕනෑම කෙනෙකුගේ ඉවසීමේ සීමාව අවසන් වන්නේ කොතැනිනදැයි නොදනිමු.

මහේලත් සංගත් රටට අහිමි වුවහොත් ඉන් දරැණුම හානිය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට නොව වීරයන් නැති අපේ සංස්කෘතික ආධ්‍යාත්මයටය.

එළවන්න ඕන එවුන් රට කරවද්දී, ඉන්න ඕන උන් රට එළවන්න හදන විකල් සමයක අපි ජීවත් වෙමු.

මහේලත් සංගත් සමග එකට ජීවත් විය හැකි රට බේරා ගත හැකි අවසන් අවස්ථාව තව දින තිහකින් එළැඹෙතැකි කෙනෙකුට කිව හැක. එහෙත් එය කෙතරම් තාත්විකදැයි යථාර්ථයක් දැයි නොදනිමි. එහෙත් මේ දෙන්නාට රට හැර යන්නට වුනොත් එහි වගකීම දේශපාලකයින්ගේ නොව අපේය.

Share73Tweet43
Previous Post

සිනමන් බෝම්බකරු මාස හතරක් තුළ ලක්ෂ 450ක් ගිණුම් වලින් ඇදලා…

Next Post

වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.