අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

සිනමන් බෝම්බකරු මාස හතරක් තුළ ලක්ෂ 450ක් ගිණුම් වලින් ඇදලා…

කොලොසස් සමාගමේ කලමණාකාරවරයා කොමිසමට කියයි.

by editor
ජූලි 4, 2020
in පාස්කු කොමිසම, පුවත්
Share on FacebookShare on Twitter

සිනමන් ග්‍රෑන්ඩ් ස්වයං ඝාතක බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ් විසින් පාස්කු ප්‍රහාරයට පෙර 2019 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් 18 දක්වා සිය බැංකු ගිණුමෙන් මිලියන 4.5 ක මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අනාවරණය විය.

එමෙන්ම ඔහුට හිමි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවෙන් 2012 සිට 2019 දක්වා තඹ කන්ටේනර් 370 ක් විදේශයන්ට අපනයනය කර ඇති බවද කොලොසස් සමාගමේ කලමණාකාර සනුන් මොහොමඩ් ඉෂාඩ් විසින් සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

කොලොසස් සමාගමේ කලමණාකාර සනුන් මොහොමඩ් ඉෂාඩ්   සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ තමන් ඉෂානා එක්ස්පෝර්ට්හි කලමණාකාරවරයා ලෙස  හා කොලොසස් සමාගමේ කලමණාකාරවරයා ලෙස කටයුතු කළ බවය.

කොලොසස් සමාගමේ හිමිකරු ලෙස ඉන්ෂාෆ් අහමඩ් කටයුතු කළත් 2019 වසරේ අප්‍රේල් මස මුල් කාලයේ කොලොසස් සමාගමේ හිමිකාරිත්වය මොහොමඩ් යුසුෆ් ඊබ්‍රහිම් වෙත සහ මොහොමඩ් ශිෆ්කා වෙත පැවරීමක් සිදුකළ බව ඔහු කීවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔහුගේ සාක්ෂියට අනුව කොලොසස් සමාගම තඹ අපනයනය කරනු ලබන කර්මාන්ත ශාලාවකි. එහි මෙරට සේවකයින් 30 ක්, ඉන්දියානු ජාතිකයින් 20 ක්, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින්ද සේවය කර තිබිණි.

කොමිසම

විදේශ සේවකයින් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා එක්කර ගැනීමට හේතුව කුමක්ද?

 සාක්ෂිකරු

කොලොසස් සමාගම සතුව ඇති යන්ත්‍ර ක්‍රියාකාරිමට අවශ්‍ය දැනුම ඇත්තේ ඉන්දියානු ජාතිකයින්ට. ඒ වගෙම සමාගමෙන් නිෂ්පාදනය කරනු ලබන තඹ බට වැඩිවශයෙන්  ඉන්දියාවටයි අපනයනය කරනු ලබන්නෙ…

කොමිසම

විදේශකයින් සඳහා වීසා ලබාගැනීම කටයුතු සිදුවන්නේ කෙසේද ?

සාක්ෂිකරු

වාණිජ අමාත්‍යාංශය  හරහා අවසරය ලබාගෙන විසා කටයුතු සිදු කරනවා. කර්මාන්ත ශාලාවට ලෝහ අබලි ද්‍රව්‍ය ලබාදෙන සැපයුම් කරුවන් සිටිනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්ද ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ අබලි ද්‍රව්‍ය ලබාගැනිම සිදුකරනවා.   කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සුළු වශයෙන් ලෝහ අබලි ද්‍රව්‍ය ලබාගන්නවා.

වර්ෂ 2012 සිට 2019 දක්වා කාලය තුළ ටොන් 20 ක ප්‍රමාණයෙන් යුත් කන්ටේනර් 370 ක් අබලිි ද්‍රව්‍ය අපනයනය කර ඇති බව  ඔහු කොමිසම හමුවේ පැවසීය.

තමන් කොලොසස් සමාගමේ හිමිකරු වන ඉන්ෂාෆ් අහමඩ් කුඩා කාලයේ සිට හොඳින් දැන අදුනන බව ඔහු කීවේය.  ඔහුගේ සාකෂිකය මෙසේ පෙළගස්වාගෙන ගියේය.

“ඉන්ෂාෆ් අහමඩ්  දෛනිකව කාර්යාලයට පැමිණි පුද්ගලයෙක්… කෙසේනමුන් 2018 වර්ෂයේ මැද සිට 2019 සිදුවීම වූ කාලය තුළ ඔහු කාර්යාලය වෙත පැමිණීම අඩුවිමක් දක්නට ලැබුණා… දරුවන් සහ බිරිඳ සමග වැඩිපුර කාලය ගත කරන බව කීවා. එමෙන්ම මහවිල උද්‍යානයේ නිවසේ රැඳී සිටි සිය මව බැලීමට යන බවත්  ඔහු මට කීවා.

“කොලොසස් සමාගම සතුව පිටකොටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අමෙරිකානු ඩොලර් බැංකු ගිණුමක් සහ ජංගම බැංකු ගිණුමක් තිබුණා. “

“සිය පියා සතුවු රිෂානා එක්ස්පෝර්ට්හි ද කටයුතු කළ ඉන්ෂාෆ් සහ ඉල්හාම් යන සහෝදරයන් පසුව ඉන් ඉවත්වන බව සිය පියාට ලිපියකින් දැනුම් දුන්නා.   තම පිය ණය සහ පොලිය ගැනීම පාපයක් නිසා එම ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වන බවට එහි වැඩිදුරටත් සඳහන් කළ කර තිබුණා…“

කොමිසම

ඉන්ෂාෆ්ගේ පදිංචි වි සිටියේ කිනම් ස්ථානයකද යන්නයි?

සාක්ෂිකරු

“ඉන්ෂාෆ් සිය බිරිය සහ දරුවන් සිව්දෙනො සමග කොල්ලුපිටිය මල්පාරේ පදිංචිව සිටියා.   ඔහු විසින් ප්‍රහාරයට පෙර ලැන්ඩ් කෘෘසර් වර්ගයේ නවතම ජිප් රථයක් මිලි දී ගත්තා. මා එය 18 වැනිදා ඔහු හමුවු අවස්ථාවේ දුටුවා“

එමෙන්ම වසර 3 කට පෙර  සිය ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්‍රණයන් පවත්වන කාමරයේ ඉන්ෂාෆ් ඉල්හාම් යන සහෝදරයන් දෙදෙනා සමග ජමිල් නම් පුද්ගලයා සවස් කාලයේ අරාබි භාෂාව ඉගෙන ගත්තා. ජමිල් නම් පුද්ගලයා තමයි දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු.

කොමිසම

විමසුවේ සම්මන්ත්‍රණ කාමරයෙ අරාබි භාෂාව ඉගෙන ගත් අයුරු තමන් දන්නේ කෙසේද?

සාක්ෂිකරු

“අරාබි භාෂාව ඉගැන්වීම සිදුකළ පුද්ගලයාට රුපියල් 20,000 ක මුදලක් ගෙවිම්ක් සිදු කළා.    දිනක් එම කාමරයට පිවිසිමේ දී එහි අරාබි මුලික ඉගැන්විම සිදුකළ ආකාරය දැක ගැනීමට හැකි වුණා. මෙම ඉගැන්විම සෙනසුරාදා පස්වරු කාලයේදියි සිදු වුණේ.  එම පන්තිය එම ස්ථානයේ පැවැත්වුණේ දින 3 ක් බවද සඳහන් කළා.“

2019 අප්‍රේල් මස 17 වැනිදා ඉන්ෂාෆ් සිය කාර්යාලය වෙත දවල් 1.30 ආසන්න වේලාවකදි පැමිණ මිලියන 34 ක මුදලක් ලියු චෙක් පතක් ලබා දී එය මාරුකරගෙන එන ලෙස දැන්වු බව කලමණකාරවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.  

එම මුදලින් ලක්ෂ 54 ක් සිය සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් ගේ බැංකු ගිණුමටද ඉන්ෂාෆ් ගේ ගිණුමට මිලයන 27.5 ක්ද ඉතිරි ලක්ෂ 11 ක් සේප්පුවේ ද දමන ලෙස ද, ලක්ෂ 11 රුපියල් 5000  කොලවලට මාරු කරගන්නා ලෙස සඳහන් කෙරුණු බව ඔහු කීවේය. ඊට පසු දා තවත් ලක්ෂ 54ක චෙක් පතක් ඔහු විසින් ලියා දී තිබිනි.

ඉන්පසුව ඔහු පිටේ බැදගෙන යන ආකාරයේ බෑගයක් රැගෙන ත්‍රිවිල් රථයකින් කාර්යාලය වෙත පැමිණි ඔහුගේ බෑගයට  තමන් මුදල් දැමූ බව සඳහන් කළ කලමණාකාරවරයා එම අවස්ථාවේ බෑගයේ කහපාට කලිසමක් සහ කැප් එකක තිබු තිබෙනු දුටු බව කීවේය.

අනතුරුව අ‍ප්‍රෙල් මස 18 වැනිදා රාත්‍රියේ ඉන්ෂාෆ් නැවත රාත්‍රි 7 – 8 අතර කාලය තුළ කාර්යාලයට සිය සුඛෝපභෝගි ජිප් රථයෙන් පැමිණි බවත්,  තමන්ට ලක්ෂ 65 ක මුදලක් ජිප් රථයේ පිටුපසින් තබන ලෙසත් කියා සිටි බව කලමණාකාරවරයා  සඳහන් කළේය.

“නව ජිප් රථයේ පොත සහ ලියකිවිලි ඔහු මට ලබා දුන්නා.  හිස් චෙක් පත් 10කට අස්සන් තබා ඒ ටිකත් දුන්නා.  ඉන්පසු ඉන්ෂාෆ් ජිප්රථයෙන් තනිවම පිටව ගියා “.

“ඉන්ෂාෆ් අප්‍රේල්  23 වැනි දින මැලේසියාවට යාමට ගුවන්ටිකට් පත් මුදල් ගෙවා වෙන්කර තිබුණේ.  මැයි මාසයේ සිය පවුලම සමග මක්කම වන්දනාවේ යෑමටද ගුවන් ටිකට්  පත්  වෙන්කර තිබුණා..“

“ ඉන්ෂාෆ් මෙහෙම වෙනස් වෙන්න ගත්තෙ අවුරුදු එකහාමාරක කාලයක පමණ සිටයි.  ඒත් මම කිසිදිනක ඉන්ෂාෆ් මෙවැනි දෙයක් සිදුකරගනියි කියලා  හිතුවෙ නෑ…“

ඉන්ෂාෆ් සිදුකළ ක්‍රියාවෙන් මුළු සමාජයම රටම අපහසුතාවට ලක් වුණා. මාත් මගේ පුතාත් රැකියාව කළේ මේ සමාගමේ.  අපට අද වන විට රැකියාවක් සොයා ගන්න බෑ,  මීට පෙර රැකියා කළ ස්ථානය විමසු විට කිසිදු අයෙක් රැකියා අවස්ථාවක් ලබා දෙන්නෙ නෑ… කොලොසස් සමාගමේ කලමණාකාරවරයා කොමිසම හමුවේ කීවේය.

Share82Tweet43
Previous Post

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු තඹ කන්ටේනර් 370ක් රට පටවලා

Next Post

මහේලත් සහ සංගාත් ජීවත්වන රට රැක ගමු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.