ලලිත් චාමින්ද
හබරාදුව නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකින් රුපියල් 2590ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයෙකු ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටිමොති ග්‍රැහැම් ඇන්ඩර්සන් (TIMOTHY GRAHAM ANDERSON) නැමැති 65 හැවිරිදි වියේ පසුවන විදේශීය ජාතිකයෙකි. මොහු පසුගිය මැයි මස 26 වැනිදා මෙරටට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අදාළ සුපිරි වෙළඳසැලේ කළමනාකාරිනිය විසින් හබරාදුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර විදේශීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.









