fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

ජනාධිපතිවරුන්ටත් පාර්ට් ටයිම් ජොබ් එකක්!

වසර 2ක් ago
in කොලම
442 4
0
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

ජනාධිපතිවරයාගේ තුන් මසක නිල වැටුප කෝවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම නිසා, ඔහුගේ ප්‍රතිවාදීන්ගෙ කට වැසුණි.

ඒත් ජනාධිපති වැටුප දැකීමෙන් මගේ කට ඇරුණි. ජනාධිපතිවරයාගේ නිල වැටුප රුපියල් 97,500කි!

මට මගේ මිත්‍රයකු සිහි වී ඔහු ගැන අනුකම්පාවක් උපනි. ඔහු පහේ පන්තියේ සිට සිතා සිටියේ කවදා හෝ රටේ ජනාධිපති බවට පත් වීමටය. මම මේ නරක ආරංචියත් සමග ඊයේ සවස ඔහු බැලීමට ගියෙමි.

මා යද්දී මිත්‍රයා කොට කලිසමක් හා ස්කිනියක් ඇදගෙන එළියට බැසීමට සූදානමින් සිටියේය.

“කොහේද යන්න හදන්නේ මේ වසංගත අස්සේ?” මම ඇසුවෙමි.

“මම යනවා අද ඉදන් කඩේක කොත්තු දාන්න” ඔහු පිළිතුරු බැන්දේය.

“කොරෝනා හින්දා ආර්ථිකේ හොදටම වැටුනා නේද? දේශපාලනයෙන් මුකුත් වාසියක් නැද්ද?” දේශපාලනත් ආදායම් මාර්ගයක් බව පිළිගැනීමට ඔහු ලැජ්ජාය.

“ඒ ගැන නම් කතා කරන්න එපා. ඊට හොදයි කොත්තු ගහනවා” ඔහු තරහින් පිපුරුණේය.

“කොත්තු රස්සාව කරලා ජීවත් වෙන්න පුලුවනැ?”

“කොත්තු ගහන එකාටත් ජනාධිපතිට වැඩිය පඩියක් ලැබෙනවනෙ. මම දේශපාලකයෙන් විශ්‍රාම ගියා” මිතුරාගේ කළකිරීම මට වැටහුනේ එවිටය.

“දේශපාලනයත් කොත්තු ගැහිල්ල වගේ තමා. අපේ පරණ ප්‍රශ්න ටිකම තැටියකට දාලා අනලා, රත්කරලා, අලුතෙන් පාර්සල් කරලා අපිටම දෙනවා. සමහර විට කොත්තු රස්සාව උඹේ අනාගත දේශපාලන ගමනට උපකාරයක් වෙන්නත් පුලුවන්” මම ඔහුගේ සිත සැනසීමි.

“බම්බුව. ලංකාවේ ජනාධිපතිලගේ ළමයි ඔක්කොම ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිහින්, රජයේ විශ්වවිද්‍යාල වලට යනකොට මම හිතුවේ උන් එහෙම කරන්නේ රටට පූර්වාදර්ශයක් දෙන්න කියලා. බලන කොට මුන් හිගන්නොනෙ. දැන් බලපන් උඹේ ළමයා ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙට යවන්න කීයක්‍ ගෙවනවද?”

මම පිළිතුරු නොදී ඇඹරුණෙමි.

“ඉතිං බලපන් ලංකාවේ ජනාධිපති කෙනෙක්ට පුලුවන්ද උඹ ඔය කරන හපන්කම් කරන්න. ඒ මිනිස්සු දුක් විදලා ළමයි හදන්නෙ උඹලට සැප දෙන්න” මිතුරාගෙ හඩෙහි සැගවුණු දුක්බර බවකි.

“හැබැයි කොත්තු බාස් කෙනෙක්ගෙයි ජනාධිපතිගෙයි පඩිය සමාන වුනාම රටේ ආර්ථික සමානාත්මතාව ඒකෙන් ඔප්පු වෙනවා නේද?” මම මිතුරාට ඔහුගේ සමාජවාදය සිහි කළෙමි.

“බම්බුව. දේශපාලන රස්සාවක් කියලා කියන්නේ උඹලම නේද? ඔය හිගන පඩිය හින්දා තමයි හරි හමන් මිනිහෙක් ඔය ජොබ් එකට ඇප්ලයි කරන්නෙත් නැත්තෙ. අනික ඔය පඩියට නම් සිරිසේන වුනත් කළ සේවය මැදෑ”

“හරි දැන් මොකක්ද ඕකට තියෙන විකල්ප?” මිතුරාගේ ජනාධිපති සිහිනය යළි පණ ගැන්වීමට මට උවමනා විය.

“දැන් බලපන් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ කෝච්ගෙ පඩිය මාසෙකට රුපියල් ලක්ෂ හැටයි. ලංකාවටම කෝච් කරන මිනිහගේ පඩිය ලක්ෂයයි. කවුරු කෝච් කළත් පරදින හින්දා ජනාධිපතිට පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට ක්‍රිකට් ටීම් එකේ පුහුණුකරු තනතුරවත් දුන්නොත් සාධාරණයි නේද?” මිත්‍රයාගේ සමාජවාදී සිහිනය මෙන්ම පියවි සිහියද ක්‍රමයෙන් දුරස් වන බව මට දැනුණි.

“ක්‍රිකට් කියන්නේ රට ජාත්‍යන්තරේට ගෙනියන ගේම් එකනේ. තරග නීති නිතර කඩන නිසා, පොලිටික්ස් කියන්නේ අපිට ජාත්‍යන්තරේට යන්න පුලුවන් ගේම් එකක් නෙමෙයිනේ. ඒ හින්දා සාධාරණ වැටුපක් හිතපන්කෝ?” මම යෝජනා කළෙමි.

“ඇමරිකාවේ මධ්‍යම පාංතිකයෙක්ගෙ සාමාන්‍ය වැටුප ලක්ෂ 12-15ක් වෙනවා. ලැජ්ජාවේ බෑ. අඩු ගානේ අපේ ජනාධිපතිට සාමාන්‍ය ඇමරිකන්කාරයෙක්ගෙ පඩියවත් නැත්තන් වැඩක් තියෙනවද?” මිත්‍රයා ඇසීය.

“ඒක නම් ඇත්ත. ජනාධිපතිගේ වැටුප ලක්ෂ පහළොවක්වත් කරන මැතිවරණය පොරොන්දුවක් ගේන්න කියලා දේශපාලන පක්ෂ වලට බල කරමු”

“ව්‍යවස්ථාදායකයයි විධායකයයයි හරීම ඝට්ටනනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුපටත් කෙළවුණු එකේ උන් කීයටවත් ජනාධිපතිගේ පඩිය වැඩි කරන්නෙ නෑ. අනික අනාගතේ හරි ජනාධිපති වෙන්න පුලුවන් එකෙක් ඒ දෙසීය විසි පහේ ඇත්තෙත් නෑනෙ සටන මෙහෙයවන්න” මිතුරා කණස්සල්ලෙන් කීය.

“එහෙනම් අඩුම ගානේ ජනාධිපතිට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න සතියකට පැය විස්සක් අනුමත කරන යෝජනාවක්වත් ගේන්න බල කරමු. නැත්තන් කොහොමද දෙය්යනේ ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ? කවුරු වුනත් රටේ ජනාධිපතිනෙ”

Join @lankasara on Telegram Channel
Previous Post

ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් අඩක් නාවිකයන්  වුණේ ඇයි?

Next Post

වගකීම් නැතිව නිරෝධායන නීති කඩලා…. සජිත්ට එරෙහිව පොලිස් පරීක්ෂණ

Related Posts

colum

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
colum

රටක් වෙනුවෙන් අටක් හිරේ!

ජූනි 24, 2022
colum

ඔට්ටුයි රනිල් රට ගොඩ දානවා!

ජූනි 6, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist