අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

ගෝඨා නැවත එයි!

by editor
ජූලි 15, 2022
in කොලම
colum
Share on FacebookShare on Twitter

“සිංගප්පූරැවට දැන් ලී ක්වාන් යු ලා දෙන්නයි. අපිට එකෙක්වත් නැතෝ” කිය කියා තප්පු ලමින් හඩා වැළපෙන විමල් වීරවංශව දැක දුක හිතී ගෝඨාට නැවත ලංකාවට එන්නට සිතුණි යැයි සිතමු.

“තැන තැන රස්තියාදු වෙවී අපිට ලැජ්ජ නොකර ලංකාවට වරෙන්. ගහන්නෑ සත්තයි” කියූ අරගලකරුවන් විශ්වාස කළ ගෝඨා ගුවන්තොටට නාවිකයෙකුසේ ගොඩ බැස්සේය.

ශ්‍රී ලංකන් ගුවන් යානයක ඉකොනොමි ක්ලාස් ටිකට් එකකින් සිංගප්පූරුවේ සිට මෙරටට එන ගෝඨා ආගමන පෝළිමට එන්නේ විදේශිකයකු සේ බොරැ රැවුලක් හෝ හොර පාස්පෝර්ට් සමග නොවේ.

“මේ අපහසු අවස්ථවේ ලංකාවට පැමිණීම පිළිබඳ ඔබට අපගේ හද පිරි ස්තූතිය”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිගැනීමේ නිලධාරිණිය පැවසුවාය. ගෝඨාගේ ඇස් වලට කඳුළු ඉනුණි. ලංකාවෙ මිනිස්සුන්ගෙන් නැවත කවදාහෝ එවැනි ආදරණීය පිළිගැනීමක් ලැබේවි යැයි ඔහු හීනෙන්වත් සිතුවේ නැත. ‘කොයි තරම් අහිංසක ජාතියකටද මම කෙළෙව්වේ’ සිතා ඔහු සිත සංවේගයෙන් පිරැණි.

“මිරිහානට කීයද?”

ගෝඨා කැබ් රථයකට එබී රියදුරාගෙන් ඇසීය.

“තිස් පන් දහක්වත් ගන්න ඕන. කමක් නෑ තිස් දෙදහක් දෙන්නකෝ. සර්ලා ඉතිං පිටරට ඉඳන් ඩොලර් අරන් එන ගමන්නේ”

කැබ් රියදුරා විසුළු මුහුණක් පාමින් කීවේය.

“මොන පිටරටද? මෙහෙන්ම පන්නපු ඩොලර් තමයි මේ”

ලංකාවට ගොඩ බැසි වෙලෙහි පටන් තමාගේ මුවින් සත්‍ය හැර අන් කිසිවක් පිට නොවන වග ගෝඨාට වැටහුණි.

“ඇයි ඔච්චර කැබ් ගණන්?” ගෝඨා බබාසේ තොදොල් වූයේය.

“කොහෙද මුගේ මේ කාලකණ්ණි පාලනය හින්දනෙ ඔක්කොම. මහ භාණ්ඩාගාරේ හින්දුව. මහ බැංකුව හොරා කෑවා. ඩොලර් වාෂ්ප කළා. පෝර ගෙන්නුවේ නෑ. තෙල් නැව් ගිල්ලා”

ගෝඨා ඔහුගේ පන් මල්ලේ තිබූ කුඩා කණ්ණාඩිය ගෙන මුහුණ බැලුවේය. ඔහුට තවමත් ඇත්තේ පරණ මුහුණමය. ඒත් කැබ් රියදුරා අම්මාමෝ නැතිව බනින්නේ වෙන කාටදෝය.

“කවුද දැන් ඔය දේවල්වලට වගකියන්න ඕන?”

ගෝඨා මහත් අපහසුවෙන් ඇසුවේය.

“අපිට නම් ඌ මොකෙක්වත් නෙමෙයි සර්. ඒත් මිනිහා කියන්නේ ඌ තමයි රටේ ජනාධිපති කියලා”

“අම්මපා. මම හිතුවේ ඌ රටින් පැනලා ගියා කියලා”

ගෝඨා සිය සුරතින් තමාගේ කටටම වැරෙන් පහරක් දී ගති.

“පිස්සු ද සර්. කොච්චර කිච වුණත් මූ යන්නෑ. විසි පාරක් පැරදිලත් මූ පක්ෂෙ දාලා ගියේ නෑ. අන්තිමට පක්ෂෙ මූව දාලා ගියා. ඒවගේ තමයි රට මූව දාලා පිටරට ගියත් මූ රට යන්නේ නෑ”

තමා සමාන්තර විශ්වයක ජීවත් වෙතැයි ගෝඨාට දැනෙන්නට විය. කිසිවෙකුත් තමා හදුනන්නේ නැත. ජනාධිපති කමෙන් ඉල්ලා අස්වූ බවට තමා එවූ නීත්‍යානුකූල නොවන ලිපිය ගැන කවුරැත් කතා කරන්නේ නැත.

තමා අනාථ කර ගිය ලංකාව බිඳකදු වෙනස් වී නොමැති වග දුටු ගෝඨාට උපන්නේ අප්‍රමාණ ප්‍රීතියකි. තමා කෙලවූ ආකාරයටම එය තවම තියේ. තෙල් ගෑස් ආහර බෙහෙත් පොළිම් වැඩි දියුණු වී ඇත. රට පුරාම උද්ඝෝෂණය.

තමා තවමත් ලංකාවේ නීත්‍යානුකූල ජනාධිපති බැවින් අය්යාගෙන් එකම එක නූල් සූත්තරයක් උගෙන රාජ්‍ය බලය නැවත පැහැර ගැනීමේ ආසාවක් ඔහුට උපණ.

ගෝල්ෆේස් අරගල භූමිය පසු කරද්දි ගෝඨා කැබ් රියදුරාට කතා කළේය.

“ඔහොම පොඩ්ඩක් නවත්තනවා”

ගෝඨා කැබ් රථයෙන් බැස අරගලකරුවන් අතරට ඇවිද ගියේය. කවුරැවත් ඔහුව පඩේකට මායිම් කළේ නැත. ගෝඨා සුප්‍රකට අරගලකරැවකු අභිමුවට පැමිණියේ ඔහුවත් තමාව හදුනා ගනීවි යැයි සිතාය. එහෙත් අරගල නායකයා ගෝඨා දැක නොදුටුවා සේ සිටියේය. තමාගේ අනන්‍යතාවය වෙන කාට දෝ හිමි වී තිබීම පිළිබඳව මේ වන විට ගෝඨාට අසූහාරදාහට මළපැන තිබූ වග නොකිව මනාය.

“මේ අයිසේ. මම තමයි ගෝඨාභය රාජපක්ෂ. හිටපු ජනාධිපති”

හේ අරගල නායකයාට කීවේය.

“තමුසෙ මොකා වුණත් කමක් නෑ අංකල්. රනිල්ව පන්නන්න ඕන නම් අපිත් එක්ක අරගලයට සෙට් වෙනවා”

බණ්ඩාරනායක පිළිමය යට ගෝඨා තවත් පිළිමයක් බවට පත් වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොල්දූව මංසන්ධියේ ගැටුම අතර පැහැරගත් ගිනි අවි සහ ජීවඋණ්ඩ ගැබ් 02 සොයා පරීක්ෂණ දිගටම…

Next Post

කුරුඳුමලේ පුදබිමේ   පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කළ බෞද්ධ හින්දු අනවසර ඉදිකිරීම් ඉවතට…

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
colum
කොලම

රටක් වෙනුවෙන් අටක් හිරේ!

ජූනි 24, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.