බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ දී ඇතිවූ ගැටුමින් පසු කලහකාරීන් විසින් පැහැරගත් ටී.56 ගිනි අවි දෙක සහ ජීව උණ්ඩ සහත පතරොම් ගැබ් දෙක සොයා අංශ කීපයකින් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සිද්ධිය වන අවස්ථාව වනවිට ගැටුම සිදුවුණු ප්‍රදේශයේ විදුලිය ඇණහිට තිබූ බැවින් සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන කිරීමේ ගැටලුවක් මතු වී ඇතැයි විමර්ශන අංශ පවසයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ඊයේ මාධ්‍ය හමුවේ පැවසුවේ පෙරේදා 13 දා රාත්‍රියේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇතිවූ කලහකාරී සිද්ධිය පාලනයට ඉදිරියට ගිය දී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට සිහිසුන් වනතුරු පහරදී ඔවුන් සතුව තිබූ ටී – 56 ගිනි අවි දෙකක් සහ පතොරොම් ගැබ් දෙකක් කලහකාරීන් විසින් පැහැරගෙන තිබුණු බවය.