පලා යමින් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන අද (14) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.15ට පමපණ මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගමන් ගත් SV 788 ගුවන් යානව ලෝකයේ වැඩිම කෙනෙක් සජීවීව නිරීක්ෂණයට ලක් කළ ගුවන් යානය බවට වාර්තාවක් තබා ඇතැයි flightradar24.com වෙබ් අඩවියට උපුටා දක්වන බ්ලූම්බර්ග් සඳහන් කරයි.
එම ලෝප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවිය, බ්ලූම්බර්ග් පවසන්නේ ඉන්දීය සාගරයේ ඇති අර්බුදයට ලක් වූ කුඩා දූපත ගැන ලෝකය මොනතරම් අවධියෙන් සිටින්නේද යන්න මේ සිදුවීමෙන් ප්‍රකට වන බවය.
ගුවන් යානය පිටත්වන වේලාව වන විට පන්දහසකට අධික පුද්ගලයන් එය නිරීක්ෂණය කර ඇති අතර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙතෙක් ලෝකයේ වැඩිම නිරීක්ෂණයට ලක් වූ ප්‍රංශ ගුවන් හමුදාවට අයත් යුරෝපය හරහා ගමන් කළ ගුවන් යානය මෙන් තුන් ගුණයක් මෙම ගුවන් යානය නිරීක්ෂණය කර ඇති බවය.
මේ වනවිට සිංගප්පූරුවේ ගත කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බව The Washington Post වාර්තා කර තිබේ.