ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ තානාපති කාර්යාලය හරහා එවා ඇති ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට තමන්ට ලැබී ඇති නමුත් එහි නිරවද්‍යතාවය පරීක්ෂා කළ යුතු බව කතානායක කාර්යාල දන්වා සිටී.
නිරවද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කර සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධව නිල නිවේදනයක් හෙට දවස අතුළත ප්‍රකාශ කරන බව කතානායක පවසයි.
කතානායක කාර්යාලය නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.








