මැච් එක බලන්න ඉඳගත්තේය. උන් ගහන්නේ පෝයට හෙවිසි ගහනවා වාගේය.
එහෙම ගුටි කනවා බලාගෙන ඉන්න එක කරන්නට හැක්කේ මුණිවරයෙකුට ආසන්න දුරකට ආපු උත්තමයෙකුටය. ලකුණු 390ක් අපේ ඇත්තන් හඹා යන අකාරය දකින්නට යළිත් රූපවාහිනිය ක්‍රියාත්මක කරනවිට මැච් එක හමාරය.
මේ මොන කුජීතවීමක් දැයි මේ සටහන තබන මොහොතේත් තිගැස්මෙනි. කෝලි ලකුණු 166ක් ගැහුවේය. හයේ පහර 8කි. හතරේ පහර 13කි. ඒ නොදැවීය. ෂුබ්මන් ගිල් යළිත් ශතකයකි. ලකුණු 116ක් ගැහුවේය. ඒ පන්දු 97ක දීය. රෝහිත් ශර්මා පන්දු 49 කදී 42කි.
වනිඳු හසරංග යළිත් පට්ට ෆේල්ය. එකම කඩුල්ලක්වත් මේ තරගයේත් නැත. නැව් ගුටිය. කසුන් රාජිත ලකුණ 87කට කඩුලු 2කි. ලහිරු කුමාර ලකුණු 87කට කඩුලු 2කි. චාමික කරුණාරත්න ඕවර 8ක දී ලකුණු 87ට කඩුල්ලකි. එහෙම ගුටි කෑමක් අම්මා මුත්තා කාලේ දැක්කේ නැත. කෝලි කට්ටියට ගැහුවේ වඩාගෙනය.
390ක් හඹා යන්නට පැමිණි කණ්ඩායම පන්දු ඕවර 22ක දී ගහන්න පුලුවන් හැම එකාම ඇවිත් ගැහුවේ ලකුණු 73කි. ඉන් 10ක් අතිරේක ලකුණුය. කට්ටියම සෙට් වී ගසා ඇත්තේ ලකුනු 63කි. කෝලිගේ මුළු ලකුණ ගණනට වඩා ලකුණු 103ක් අඩුවෙනි.

කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලාබාල නුවනිඳු ප්‍රනාන්දුය. ලකුණු 19කි. අනෙක් එකෙක්වත් ලකුණු 15ක් ගත්තේ නැත.
ජාත්‍යාන්තර ක්‍රීඩා විචාරකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අහවල් දෙයක් සිදුවුනේ දැයි ප්‍රශ්න කරමින්ය.
එක්දින තරගයක් ලකුණු 317කින් පරාද වීම ගැන ක්‍රිකට් ඔස්තාද් කෙනෙකුගෙන් විමසා දැනගැනීමට අවශ්‍යය.
පරාජය ඕනෑ තරම් ඉවසා දරා ගත හැකිය. එහෙත් මෙවැනි හිඟන ක්‍රිකට් නම් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය නැත.