කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ දැනට පවතින සීමාකාරී නෛතික ප්‍රතිපාදන සංශෝධනය කළ යුතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලීය සේවකයින් පිළිබඳ පනත සංශෝදනය කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
මෙතෙක් පැවැති පනත අනුව කාන්තාවන් පස්වරු 6.00න් පසුව කාන්තාවන් සේවයේ නියුක්ත කිරීමට හැකියාව ඇත්තේ සීමිත රැකියා සංඛ්‍යාවක පමණි. එහෙත් වර්තමානයේ ‘දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, වෙනත් රටවල පිහිටි ව්‍යාපර ආයතන සඳහා ගිණුම්, පරිපාලන හා තාක්ෂණික කටයුතු කරන කාර්යාල හා තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් ව්‍යාපාර ආයතන රාශියක් ප්‍රධාන නගර ආශ්‍රිතව බිහිව තිබේ. එම ආයතනවල ස්වභාවය අනුව සේවයේ නියුක්ත වෙන සේවක සේවිකාවන් වෙනත් රටවල කාලවේලාවන්ට අනුව කටයුතු කිරීමට සිදු වේ.
මේ හේතුව නිසා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලීයය සේවකයින් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇත.