සිංහරාජ වනාන්නතර ආසන්නයේ සංවේදි පාරිසරික කලාපයට හානි පමුණුවමින් ඉදිකෙරෙන නෙළුව ලංකාගම මාර්ගයේ පාරිසරික වශයෙන් අධි සංවේදී කිලෝ මීටර 1.1ක කොටසේ ඉදිරියේදී හෝ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම මාර්ගය පරිසරයට හානි සදුවන ලෙස ඉදි නොකරන ලෙස වනජීවි සහ වන සම්පත් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව මෙම තීරණයට එලඹි බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.
කිලෝමීටර 18ක දිගින් යුතු මෙම මාර්ගය සාදන ලෙස එම ගම්වාසීන් විසින් කරන ලද ඉල්ලීමට අනුව එය සිදු කළ බව අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කරයි.