විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී.සී ෆර්ඩිනැන්ඩු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවත් විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධූරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉලංගකෝන් පත්කරන බවත් ඇමතිවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
I have accepted the letter of resignation tendered to me by the CEB Chairman Mr MMC Ferdinando. Vice Chairman Nalinda Ilangaokoon will take over as the New Chairman CEB.
— Kanchana Wijesekera (@kanchana_wij) June 13, 2022
පසුගිය 10 දා පැවති කෝප් කමිටු රැස් වීමේ දී මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දීමට ඉන්දීය අගමැතිවරයා තමන්ට බලපෑම් කරන්නේ යැයි ජනාධිපතිවරයා පැවසූ බවට ලංවිම සභාපති කළ ප්‍රකාශයත් සමග දෙරටෙහිම දේශපාලන ක්ෂේත්රය උණුසුම් වුනේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කළේය. රාහුල් ගාන්ධි මේ සිද්ධිය මුල් කරගෙන මෝදි අගමැතිවරයාට දැවැන්ත දේශපාලන විවේචනයක් කර තිබිණි.
පසුව මේ ප්‍රකාශය වැරදීමකින් කළ එක්ක බව කියමින් ලංවිම සභාපතිවරයා එය දෙවරක්ම ඉල්ලා අස්කරගත්තේය.
වැඩිදුර කියවන්න…
“ මම බොරු කිව්වා “ – කෝප් කමිටුවට ආපු ලංවිම සභාපතිට වෙච්චි දේ…







