අවිධිමත් රාජ්ය තාන්ත්රික ගමන් බලපත්රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකාරිනිය කරමින් වසර දෙකක් බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කර ශෂී වීරවංශට කොළඹ මහේස්ත්රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත්කල ඇප ඉල්ලීම සළකා බැලීම හෙට දිනය තෙක් කල් දැමීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඇයගේ නීතීඥයන් විසින් මෙම නඩු තීන්දුව දුන් දිනයේදීම අදාල ඇප ඉල්ලීම කළහ. එම ඇප ඉල්ලීම සම්බන්ධ අභියාචනය සළකා බැලීම අද දක්වා කල්තැබීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල පසුගිය සිකුරාදා තීන්දු කළේය.
අභියාචනය ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද (30) කැඳවූ අවස්ථාවේ මෙම අභියාචනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස දන්වමින් ප්රධාන මහේස්ත්රාත්වරයා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරනු ලැබුවේය. බන්ධනාගාරගතව සිටින ශෂී වීරවංශ බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණය වෙත රැගෙනවිත් සිටියේය.
අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල පසුගිය සිකුරාදා නියෝග කළේය.