විෂක් ශරීර ගත වී මිය ගොස් ඇතැයි සැක කෙරෙන අවුරුදු 1 1/2 ක පමණ වයසේ සිටි කොටියෙකුගේ සිරුරක් තලවකැලේ ටෲප් වතුයායේ දී අද (24) අලුයම සොයාගත් බව තලවාකැලේ පොලීසිය පවසයි.
තේ දලු නෙළීමට ගිය වතු කම්කරුවන් පිරිසක් මියගොස් සිටි කොටියා දැක ඒ පිළිබඳව වතු පාලනාධිකාරියට දැනුම් දීමෙන් දී ඇත.
නුවරඑලිය වනජීවි කාර්යාලය දැනුම්වත් කිරීමෙන් පසු වනජිවී නිලධාරීන් පැමිණ කොටියාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර තිබේ.
ආහාර සමඟ කිසියම් විෂක් ශරීරගතව කොටියා මිය යන්නට ඇතැයි සැකකරන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
ටෲප් වතුයායේ නිවාස වල සුරතලයට ඇති කළ සුනඛයින් කිහිප දෙනෙකුම පසුගිය කාලයේදී අතුරුදන් වූ බව වතුකම්කරුවෝ ප්රකාශ කරති