දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගේ ප්රශ්නය පිළිබඳව සාකච්ඡා කොට ඊට විසඳුමක් ලබා ගැනීම සඳහා තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ස්ටාර්ලින් තමන්ට ඉන්දියාවට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනයට අනුව තමන් එහි යන බව දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.
යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග මේ පිළිබදව දුරකතනයෙන් කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදී වඩාත් පලදායි සාකච්ඡාවක් සඳහා තමන්ට තමිල්නාඩුවට පැමිණෙන ලෙස ආරාධනය කළ බවයි.
”ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම අනාදිමත් කාලයක සිට කරගෙන එන ක්‍රියාවක් බව හැමෝම දන්නවා.මේ දෙගොල්ලන් මුහුදේදී ඉතා සුහදව මේ කටයුත්ත එකිනෙකාගේ සහයෝගය මත කරගෙන ගියා.
මේ ධීවර ප්‍රශ්නයට රටවල් දෙකේම දේශපාලනඥයෝ මැදිහත් වෙලා ඊට දේශපාලන විසදුම් ලබා දීමටත් මේ ප්රශ්නය දේශපාලන අරමුණු ජය ගැනීම සදහා යොදා ගැනීමත් නිසා තත්ත්වය බරපතල වී තිබෙනවා.
මේ නිසා දැන් කාලයක සිට උතුරේ ධීවරයින්ට ඉන්දීය ධීවරයින් නිසා සිදුවන හානිය රුපියල් බිලියන ගණනින් ගණන් බැලීමට සිදුව තිබෙනවා. යුද සමයේදී මේ ප්රශ්නය ඉතාම උග්‍ර වුණා.සාමය ළගා වූ පසුව ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට හොද විසදුමක් ලැබෙයි කියා විශ්වාස කළත් එහෙම වුණේ නෑ.මේ වන විට ප්‍රශනය සාකච්ඡාමය මට්ටමකින් විසදාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.
නමුත් කෙසේ හෝ මේ ප්රශ්නය විසදා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් වී තිබෙනවා.ඉන්දීය මධ්‍යම රජය සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට පෙර තමිල්නාඩුවෙන් මුලින්ම මේ ප්රශ්නය විසදා ගත යුතු වෙනවා.මේ නිසා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව වඩාත් පලදායී සාකච්ඡාවක් සදහා මම ඉතා ඉක්මනින්ම තමිල්නාඩුවට යාමට අපේක්ෂාවෙන් සිටිනවා.”