අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්න අදිමදි කරන හේතුව මෙන්න – ආචාර්ය හර්ෂ කියයි!

by Lanka Sara Editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චුගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත ණය සහ විනිමය අර්බුදයකට මුහුණු දෙමින් සිටින බවත් නිසි විනයකින් යුතුව මෙම ගැටලු නිරාකරණය කර නොගන්නේ නම් සමස්ත රට වැසියාගේම අනාගතය අඳුරෙන් අඳුරට වැටෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. වත්මන් විනිමය අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කරද්දී ආණ්ඩුව එයට මැලිකමක් දක්වන්නේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී මුදල් අච්චු ගසමින් දැවැන්ත ලෙස මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි මන්ත්‍රීවරයා මෙහිදී කීය.

“මෙම විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලලා තියනවා වගේ අදහසක් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළා. එවිට මහ බැංකු අධිපතිවරයා කියනවා මෙය නිරන්තරයෙන් ලබාදෙන තාක්ෂණික සහායක් විතරයි. ඒ සහාය ලබාදෙන්නේ මුදල් අමාත්‍යංශයේ අලුතින් ආරම්භ කළ සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ඒකකයට කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව රටේ අනාගතයට සුබදායක විදිහට මේ අර්බුදය කළමනාකරණය කර ගන්න මූල්‍ය අරමුදලට යෑමට දැඩි අකමැත්තක් දක්වනවා.“

“ඇයි ඒ වගේ අකමැත්තක් දක්වන්නේ? දැනටත් මේ ආණ්ඩුව දුවන්නේ සල්ලි අච්චු ගහලා. පසුගිය ජනවාරි මාසයේ ආහාර උද්ධමනය සියයට 25 යි. ජනතා උද්ඝෝෂණ එනකොට ලේසියෙන්ම කරන දේ තමයි සල්ලි අච්චු ගහලා බෙදන එක. මූල්‍ය අරමුදලට ගියොත් මේක කරන්න බෑ. මේ විදිහට සල්ලි අච්චු ගහලා රට විනාශ කරන්න එපා කියල අනිවාර්යෙන්ම මූල්‍ය අරමුදල කියනවා. ඒකයි, මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ. මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ තමන්ගේ බලකෑදරකමට මුළු රටම විනාශ වුණත් කමක් නෑ කියල ඉදිරි මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් අච්චු ගහල මුදල් පොම්ප කරන්න. ඒ විදිහට සල්ලි බෙදල ඡන්ද දිනන්න හිතාගෙන තමයි මේ ගොල්ලෝ මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වත්මන් ආණ්ඩුව මෙම විනිමය අර්බුදය විසඳාගැනීමට එක් එක් රටවලින් අතමාරු ණය ලබාගැනීම විසඳුමක් නොවන බවත් මේ අර්ථයෙන් බැලූවිට ලංකාව දේශපාලන අවස්ථාවාදයේ ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මේ අතර, උන්ඩියල් හෝ හවාලා ක්‍රමයට ලංකාවට ඩොලර් පැමිණීමේ වරදක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කර තිබෙන ප්‍රකාශය බරපතල එකක් බවත් එවැනි ක්‍රම මගින් පැමිණි මුදල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක කටයුතු සඳහා යොදාගත්තේ යැයි සිදුකළ අනාවරණය එයටත් වඩා බරපතල බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මහ බැංකුව විසින් ඩොලරයේ අගය කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා 2020 අවසන් මාස පහට සාපේක්ෂව 2021 වසරේ අවසන් මාස පහ තුළදී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.7 කින් අඩුවී තිබෙන බවත් මුදල් අමාත්‍යවරයාට මෙවැනි ප්‍රකාශ මගින් ප්‍රේෂණවල සිදුවූ මෙම කඩා වැටීම සාධාරණීකරණය කළ නොහැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිජාස් හිස්බුල්ලාට ඇප!

Next Post

ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන තමිල්නාඩු මහ ඇමති ස්ටාලින් එක්ක සාකච්ඡාවකට යනවා – ශිවාජිලිංගම් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.